slc
Home   |    News
ජූනි 26, 2022
පැරදුණත් ශ්‍රී ලාංකිකයන්ගේ හදවත් දිනූ ‘ඔස්ට්‍රේලියාව’

sinhala editor

By Chamila Karawita

ක්‍රිකට් පිටියේ ශ්‍රී ලංකාවට වෙන්ව ඇත්තේ නිල් වර්ණයයි. එබැවින් තරග නැරමීමට පැමිණීමේදී ක්‍රීඩා ලෝලීන් බහුතරයක් ශ්‍රී ලංකා කණ්ඩායමේ ටී ෂර්ටය හා සමාන ටීෂර්ටයන්ගෙන් සැරසී පැමිණීම ක්‍රිකට් සංස්කෘතියේ සාමාන්‍ය ස්වභාවයයි. එහෙත් ඉකුත් 24 වැනිදා ඔස්ට්‍රේලියාවට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැහැති පස්වැනි එක්දින තරගයේදී මුලු ප්‍රේක්ෂකාගාරම කහ පැහැයෙන් වර්ණ ගැන්වී තිබිණ. ඒ සුවිශේෂී කරුණක් හේතුවෙනි. රට තුළ ඇතිවී තිබෙන අර්බුකාරී වාතාවරණය හේතුවෙන් ලෝකයේ බොහෝ රටවල් ශ්‍රී ලංකාවට නොයන ලෙස අනතුරු අඟවා තිබෙන පසුබිමකදී වුවද සති 5කට ආසන්න දීර්ඝ තරග සංචාරයක් සඳහා මෙරටට පැමිණි  ඔස්ට්‍රේලියානුවන්ට කෘතවේදීත්වය පළ කිරීමේ සලකුණක් වශයෙන් ක්‍රීඩා ලෝලීහු කහ වර්ණයෙන් සැරසී පැමිණ සිටියහ.

මෙම තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් වුවද ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයට අතුරු සිදුරු නැතිව එක්වූ 35,000 කට අධික ක්‍රීඩා ලෝලීහු ඔස්ට්‍රේලියානුවන්ට සිය අත්පොලසන් ද සමඟ සිය කෘතවේදීත්වය පළ කර සිටියහ. ජය සංකේත ප්‍රධානෝත්සවය අවසානයේ අහසට එල්ල වුණු මල් වෙඩි සමඟ මුළු ක්‍රීඩාංගණයම ‘ඔස්ට්‍රේලියා, ඔස්ට්‍රේලියා, ඔස්ට්‍රේලියා’ යන එකම හඬින් දෝංකාර දෙද්දී ඇරන් ෆින්ච්, ඩේවිඩ් වෝනර්, ග්ලෙන් මැක්ස්වෙල් ඇතුළු ඔස්ට්‍රේලියානුවෝ ක්‍රීඩාංගණය වටා වූ දහස් සංඛ්‍යාත ප්‍රේක්ෂකයින්ට ආචාර කරමින් ඇවිද යෑම නොදැනීම ‘ඇසට කඳුලක්’ උනන ලද සිදුවීමක් බවට පත්විය.

දැඩි ආර්ථික දුෂ්කරතාවයන් මධ්‍යයේ වුවද ‘ස්තූතියි ඔස්ට්‍රේලියා’ යනුවෙන් වූ දැවැන්ත බැනර් ද ක්‍රීඩා ගාරවල ප්‍රදර්ශනය වන අයුරින් තබා තිබීම සැබැවින්ම ඔස්ට්‍රේලියානුවන්ටද නැවුම් හැඟුමක් එක් කරන්නක් වී තිබේ. ඒ බව සදහන් කරන්නේ අප නොවේ. ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ  ආරම්භක පිතිකරුවා වන ඩේවිඩ් වෝනර්ය. සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ ඡායාරූපයක් ද සමඟින් සටහනක් තබමින් වෝනර් ක්‍රීඩාංගණයේ අප දුටු දේ විශ්වාස කළ නොහැකි වුවත් මේ ඡායාරූපය සියල්ල සඳහන් කරන බවයි.

තිස් වසරකට පසු ඔස්ට්‍රේලියානුවන්ව සිය මව්බිමේදී පරාජයට පත් කළ පළමු අවස්ථාව ලෙසින් ඉතිහාසගත වුණු මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමටද සුභ පැතුම් එක් කිරීමට වෝනර් අමතක නොකළේය.

“සුදු පන්දුව භාවිතයෙන් කෙරෙන තරගාවලිය අවසන් වූ අතර ජයග්‍රහණයට පත් ශ්‍රී ලංකාවට සුභ පතනවා. කණ්ඩායම් දෙකටම සහාය දැක්වීම ගැන ශ්‍රී ලාංකික ක්‍රීඩා ලෝලීන්ට ස්තූති කරල මදි. ඔවුන් මෙය වෙනම තලයකට පැමිණසිටිනවා. මේ තරගයේදී අපි දුටු දේ අපට විශ්වාස කළ නොහැකි වුවත් මේ ඡායාරූපයේ සියළු කතාන්දරය කියා පානවා” යැයි වෝනර් සිය සමාජ ජාල ගිණුමේ සදහන් කර තිබේ.

දෙපිළ අතර පැවැති තරග 5 ක එක්දින තරගාවලිය නිමාවට පත් වුවද තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය ලබන 29 වැනිදා ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. මෙම ටෙස්ට් තරග දෙකම ගාල්ලේදී පැවැත්වෙනු ඇත.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest