ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මැයි මසට අදාළව නම් කරන ලද ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ ඇනජලෝ මැතිව්ස් නම් කර තිබේ. බංග්ලාදේශයට ඒරෙහිව පැවැති ටෙස්ට් තරග දෙකේදී දක්වන ලද දක්ෂතා හේතුවෙන් මැයි මාසයේ ක්‍රීඩකයා ලෙස හිටපු ශ්‍රී ලංකා නායකයාව නම් කර තිබේ.
ඔස්ට්‍රේලියානු තරග සංචාරයට පෙර පැවැති එම බංග්ලාදේශ තරග සංචාරයේ ටෙස්ට් තරග 2 ට ම ක්‍රීඩා කළ මැතිව්ස් මුලු ලකුණු 344 ක් රැස් කර ගැනීමට සමත්වූවේ ඉනිමක ලකුණු රැස් කිරීමේ සාමාන්‍ය 172 ක් රඳවා ගනිමිනි. චැටෝග්‍රෑම්හි පැවැති ටෙස්ට් තරගයේදී මැතිව්ස් ද්විත්ව ශතකයට ලකුණක් හෙවත් ලකුණු 199 දී දැවී ගියේය. ඒහෙත් ඉන් නොනැවතුණු හේ දෙවැනි ටෙස්ට් තරගයේදී නොදැවී කුණු 145 ක් රැස් කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේය.
2021 වසරේ ජනවාරි මස සිට මාසයේ ක්‍රීඩකයා තේරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගනු ලැබීය. මැතිව්ස්ට මෙම අවස්ථාව හිමිවද්දී බංග්ලාදේශ පිතිකරු මුෂ්ෆිකර් රහීම් සහ ශ්‍රී ලංකාවේ අසිත ප්‍රනාන්දු ඒම සම්මානය සඳහා නිර්දේශව සිටියහ.