slc
Home   |    News
ජූනි 24, 2022
රනුද සහ රිෂී ශතක වාර්තා කරති

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පවත්වනූ ලබන වයස අවුරුදු 19 න් පහළ සුපිරි අන්තර් පළාත් එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි දිනයේ පැවැති තරග වලදී කැන්ඩි සහ කොළඹ දකුණ කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කිරීමට සමත්වූහ.

ගාල්ල කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදී කඩුලු 5 කින් කොළඹ දකුණ පිල ජය ලබද්දී දඹුල්ලට එරෙහි තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා කිරීමට කැන්ඩි කණ්ඩායම සමත්විය.

මේ අතරින් පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති කැන්ඩි සහ දඹුල්ල අතර තරගයේ පිතිකරුවන් දෙදෙනකු ශතක වාර්තා කිරීමට සමත්වීම කැපී පෙනුණි. එහිදී පළමුව පන්දුවට පහර දුන් දඹුල්ල කණ්ඩායමේ රිෂී අධිෂ්ඨාන් ලකුණු 104 ක් ලබා ගනිද්දී කැන්ඩි කණ්ඩායමේ රනුද සෝමරත්න ලකුණු 103 ක් ලබා ගත්තේය.  මේ අතරින් රනුදගේ ඉනිම කැන්ඩි කණ්ඩායමට ජයග්‍රහණය ගෙන එන ඉනිම බවට පත්විය.

පන්දු 104 කට මුහුණ දුන් දකුණතින් පන්දුවට පහර‌ දෙන රනුද හතරේ පහර 10 ක් සහ හයේ පහර 3 කින් සිය ඉනිම සරසා ගනිද්දී සෙසු ශතක ලාභියා වූ රිෂී අධිෂ්ඨාන් පන්දු 108 කට මුහුණ දෙමින් හයේ පහර 2 ක් සහ හතරේ පහර 8 කින් සිය ඉනිම වර්ණවත් කර ගත්තේය.  මීට අමතරව කැන්ඩි කණ්ඩායමේ විශ්ව රාජපක්ෂ පන්දු 63 කදී වේගවත් ලකුණු 72 ක් රැස් කරමින් පිත්තෙන් කැපී පෙනිණ.

ගාල්ල කණ්ඩායමට එරෙහි තරගයේදී කොළඹ දකුණ පිලේ වනුජ සහන් පිත්තෙන් ලකුණු 60 ක්ද, පන්දු යවමින් ලකුණු 34 කට කඩුලු 3 ක්ද දවා ගනිමින් තුන් ඉරියව්වෙන් කැපී පෙනිණ.

කොළඹ දකුණ කණ්ඩායමට කඩුලු 5 ක ජයක්

කොළඹ දකුණ පන්දුවාර 50 කඩුලු 9 කට ලකුණු 272 යි – වනුජ සහන් 60, දනාල් හේමානන්ද 29, රයන් ප්‍රනාන්දු 46, සකුණ ලියනගේ 22, සිනෙත් ජයවර්ධන 35

ගාල්ල කණ්ඩායම පන්දුවාර 26.1 කදී ලකුණු 175 යි – ජීවන් ශෂාන් 41, පවන් සංදේශ් 28, හරිදු ජයසේකර 23, තරිඳු නි්ර්මාල් 27, ශාන් මිහිර 31/3, සසිරු යුගත් 41/2,වනුජ සහන් 34/3)

කැන්ඩි කණ්ඩායමට කඩුලු 4 ක ජයක්

කැන්ඩි පන්දුවාර 46 කදී කඩුලු 6 කට ලකණු 266 යි – චන්දිමාල් හේරත් 29, රනුද සෝමරත්න 103*, පවන් පතිරාජ 39, විභවිත් ඇහැලේපොල 30, ෂෙවූල් අප්පුහාමි 47/2, පසිඳු තෙන්නකෝන් 48/2

දඹුල්ල පන්දුවාර 50 කදී කඩුලු 8 ට ලකුණු 263 යි – (රෂී අධිෂ්ඨාන් 108, මතීෂ වීරසිංහ 45, විශ්ව රාජපක්ෂ 72, ළහිරු අබේසිංහ 74/3, තීරක කලුවැල්ලගේ 25/2)

Recent Posts

  • 23 න් පහළ අවසන් සටන හෙට සහ අනිද්දා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම නැගී ලීග් ක්‍රිකට් තරගාවලියේ මූවර්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය අතර අවසන් මහා […]
  • විශේෂඥ පුහුණුකරුවකු ලෙස කණ්ඩම්බිත් නවසීලන්තයට
    නවසීලන්තයට එරෙහිව පැවැත්ත්වෙන තරග 3 කින් සමන්විත තීරණාත්මක එක්දින ක්‍රිකට් තරගාවලියේදී විශේෂ පුහුණුකරුවකු ලෙස තිළිණ කණ්ඩම්බිව සහභාගිකරවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය. ඒ අනුව එක්දින තරගාවලිය […]
  • පළමු ඉනිමේ වරදින් ශ්‍රී ලංකාව ‌අනපේක්ෂිත අවධානමක
    වෙලිංටන් නුවර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූ අද (19 දා) ශ්‍රී ලංකා පළමු ඉනිම ඉනිම ලකුණු 164 කට අවසන් කිරිමට නවසීලන්ත පන්දු යවන්නන් සමත්වීම නිසා නැවතත් […]
  • ශ්‍රී ලංකාව ලකුණු 554 ක් පිටුපසින්
    කෙන් විලියම්සන් සහ හෙන්රි නිකොලස්ගේ වාර්තාගත ද්විත්ව ශතක සම්බන්ධතාව හේතුවෙන් වෙලිංටන්හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 580 ක දැවැන්ත ඉනිමක් ගොඩ […]
  • අෂේන් බණ්ඩාරගේ වෙහෙසකර ශතකය අපතේ යයි
    නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී කලම්බු පිල කඩුලු 7 කින් පරාජයට පත් කිරීමට ගෝල් කණ්ඩායම සමත්විය. මෙය මෙවර තරගාවලියේදී ගෝල් පිල වාර්තා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest