slc
logo
Home   |    News
ජූනි 23, 2022
වසර 5 කට පසු ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයට ටෙස්ට් තරගයක්

sinhala editor

ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැත්වෙන ටෙස්ට් තරගාවලියකට සහභාගිවීම සඳහා පාකිස්තානු කණ්ඩායම ජුලි මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇත. තරග 2 කින් සමන්විත දෙරට අතර ටෙස්ට් තරගාවලිය ගාල්ල සහ කොළඹ ප්‍රේමදාස යන ක්‍රීඩාංගණවලදී පැවැත්වේ.

පාකිස්තානු කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ තරග සංචාරයකට සහභාගිවනු ලබන්නේ වසර 7 කට පසුව වීම කැපී පෙනෙයි. තරගාවලියට සහභාගිවන පාකිස්තානු කණ්ඩායම ජුලි 06 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණෙන අතර පළමු තරගයට ජුලි 11 වැනිදා ආරම්භ වනු ඇත.

ටෙස්ට් තරගාවලිය ආරම්භ වීමට පෙර පාකිස්තානු කණ්ඩායම තුන් දින පුහුණු තරගයකට සහබාගිවීමට නියමිත අතර එම තරගය ජුලි 11 වැනිදා සිට 13 වැනිදා දක්වා කොළඹ කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ජූලි 24 වැනිදා ආරම්භ වන දෙවැනි ටෙස්ට් තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ආරම්භ වේ. ඒ අනුව ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ටෙස්ට් තරගයක් පවත්වනු ලබන්නේ වසර 5 කට පසුව වීම කැපී පෙනෙයි. අවසන් වරට මෙහි ටෙස්ට් තරගයක් පවත්වා ඇත්තේ 2017 වසරේ ජූලි මසදී පැවැති සිම්බාබ්වේ පිලට එරෙහි තරගය වේ.

මෙම තරගාවලිය සදහා බාබර් අසාම්ගේ නායකත්වයෙන් යුතු 18 දෙනෙකුගේ සමන්විත කණ්ඩායමක් පාකිස්තානු ක්‍රිකට් ආයතනය ප්‍රකාශයට පත් කර තිබේ. ශ්‍රී ලංකා තණතීරු වලදී වැඩි වාසි ලබා ගැනීමේ අරමුණු ඇතිව වසරකට පමණ පාසු යසීර් ෂාව කණ්ඩායමට කැඳවා තිබීම කැපී පෙනෙයි. ෂා 2015 වසරේ පැවැති තරගාවලියේදී තරග 3 ක් තුළ කඩුලු 24 ක් දවා ගනිමින් පාකිස්තානු කණ්ඩායම 2-0 ක තරගාවලි ජයක් කරා රැගෙන යෑමට මුල් විය.

පාකිස්තානු කණ්ඩායම – බාබර් අසාම් (නායක), මොහොමඩ් රිස්වාන්, අබ්දුල්ලා ශෆික්, අසාර් අලී, ෆහීම් අෂ්රෆ්, ෆාවඩ් අලාම්, හැරිස් රාවුෆ්, හසන් අලී, ඉමාම් උල් හක්, මොහොමඩ් නවාස්, නසීම් ෂා, නවුමන් අලී, සල්මන් අගා, සෆ්‍රාස් අහමඩ්, සෙසවුද් ශකීල්, ෂහීන් අෆ්රිඩි, ෂාන් මසූඩ්, යසීර් ෂා.

Active filters

Recent Posts

  • වැස්සෙන් සිදුවන බාධා මැද තරග තුනක් ඇරැඹෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ සති අන්තයේ පැවැත්වෙන තරග අතුරින් තරග තුනක් හැර අනෙක් තරග සියල්ලම වර්ෂාව හේතුවෙන් ආරම්භ […]
  • ආසියානු ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකා පිල පිටත්ව යයි
    19 වැනි වතාවට චීනයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා තරගාවලියේ පිරිමි ක්‍රිකට් තරග ඉස්සවට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම සැප්තැම්බර් මස 30 වැනිදා චීනය බලා පිටත්ව ගියේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන […]
  • රිදී පදක්කම් දිනූ කාන්තාවෝ මව්බිමට එති
    චීනයේ හංජෝ නුවර පැවැති ආසියානු ක්‍රීඩා තරගාවලියේ කාන්තා ක්‍රිකට් තරග ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට හැකිවීම පිළිබඳව තමන් ඇතුළු කණ්ඩායම දැඩි සතුටට පත්ව සිටින බව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ […]
  • වැස්සට සේදුණු දිනයේදී තිලකරත්න සම්පත්ගෙන් අර්ධ ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ සතියේදී පැවැත්වීමට නියමිතව තිබූ තරග අටෙන් නුගේගොඩ ක්‍රීඩා, සුබ සාධක සමාජය හා කෝල්ට් අතර […]
  • පළමු පුහුණු තරගයේදී බංග්ලාදේශයට කඩුලු 7ක ජයක්
    තවත් දින කිහිපයකින් ආරම්භ වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පෙරහුරු තරගමාලාව ආරම්භ කරමින් ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැති එක්දින පුහුණු තරගයේදී බංග්ලාදේශ පිල කඩුලු 7ක ජයක් වාර්තා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest