slc
logo
Home   |    News
ජූනි 10, 2022
විස්සයි-20 තරගාවලියේ ලද පරාජය ‘වනිඳුගේ කෝණයෙන්’

sinhala editor

BY CHAMILA KARAWITA

ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි තරගයත් කඩුලු 3 කින් ශ්‍රී ලංකාව පරාජයට පත්වීමත් සමඟ පල්ලකැලේ පැවැත්වීමට නියමිත තෙවැනි තරගයට ශ්‍රී ලංකාව පිවිසෙන්නේ ශ්‍රී ලංකාව 0-2 ක් ලෙස ඔස්ට්‍රේලියාව හමුවේ පරාජයට පත්වෙමිනි. පිට පිටම පැවැති තරග 2 දී පිතිකරුවන්ගේ දුර්වල පිතිහරඹය මෙම තරගාවලි පරාජය සඳහා සෘජුවම බලපෑවේය.

පළමු තරගය ඔස්ට්‍රේලියාව කඩුලු 10 කින් ජය ගත් නමුත් කඩුලු 3 ක ජයක් ලෙසින් සටහන් වුණු දෙවැනි තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාවට හොඳම අවස්ථාවක් පැවැතිණ. ඒ පිතිකරුවන්ගේ දක්ෂතා මත නොව පන්දු යවන්නන්ගේ දක්ෂතා හේතුවෙනි.

“ඇත්තටම බැලුවොත් අපිට ලකුණු 25 ක් විතර ආරක්ෂා කරගන්න ගියේ. තණතීරුවත් හොඳින් දඟ කැවුණා. මට හිතුණ දේ තමයි මමත් මහීෂුත් (මහීෂ් තීක්ෂණ) විකට් ගත්තොත් අපිට ලකුණු 125 ක් වුණත් තරගය වෙනස් කර ගන්න පුලුවන් වෙයි කියලා. ඒත් පන්දුවට පහර දෙද්දී අපිට තව ලකුණු 15 ක් 20 ක් විතර මදි වුණා. ඒක තමයි ගොඩක් වෙලාවට තරගය පරාජයට පත් වෙන්න හේතුව. ඒ ලකුණු ගාණ අපිට තිබුණා නම් තරගය අපේ පැත්තට හරවගන්න තිබුණා” යැයි තරගාවසානයේදී වනිඳු හසරංග පරාජයට හේතු ගෙන හැර පෑවේය.

විස්සයි-20 ලෝක ශූරයින් වන ඔස්ට්‍රේලියාව මට්ටු කිරීමට ලකුණු 125 ක ඉලක්කයක් යනු කිසිසේත් ප්‍රමාණවත් නොවන අගයකි. එහෙත් විස්සයි-20 පිටියේ අංක 1 පන්දු යවන්නා වන වනිඳු හසරංග විසින් ඔස්ට්‍රේලියානු පිතිකරුවන් සිව් දෙනෙකු දවා ගැනීමට සමත්වීමත් සමඟ තරගයේ තීරණය ශ්‍රී ලංකා පිලට දෙසට වාසිදායක වන්නට විය. තරගය නිමා වන විට වනිඳුගේ පන්දු යැවීම පන්දුවාර 4 කදී ලකුණු 33 කට කඩුලු 4ක් ලෙසින් සටහන් විය. මෙය ඔහුගේ විස්සයි-20 තරග දිවියේ දෙවැනි හොඳම පන්දු යැවීම ලෙසින්ද සනිටුහන් විය.

වනිඳුගේ දක්ෂතාව ප්‍රධානකොට ලකුණු 99 කට ඔස්ට්‍රේලියානු පිලේ මුල් කඩුලු 7 ම දැවී ගිය නමුත් ජායි රිචර්ඩ්සන් සහ මැතිව් වේඩ් දෙදෙනා ලකුණින් ලකුණ රැස්කොට සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියහ.

“පළමු තරගයේදීත් අපි ඔ්වර 12 ට ලකුණු 100 ට එකයි. අදත් උඩ පිතිකරුවන් හොඳට බැට් කරන් ආවා. නමුත් අපේ මැද පෙළ සහ පසු පෙළ ලකුණු රැස් කිරීමේදී පොඩි අඩුපාඩුවක් තියෙනවා.   එතන පිතකරුවන් තවමත් ෆෝම් එකේ නෑ. අපි ඒක පිළිගන්න ඔ්න. පන්දු යවන්නන් විදියට අපි බලන්න ඕන කොහොම හරි පිතිකරුවන් ගහලා දෙන ලකුණු ටික ආරක්ෂා කර ගන්න. එතැනදි අපිට තවත් 10% ක් වත් බැටිං වලින් එක් කර ගන්න පුලුවන් නම් ඊළඟ තරගයේදී වගේම ඊළඟ තරගාවලියේදී අපිට හොඳ තරගයක් ලබාදීමේ හැකියාව තියෙනවා” යනුවෙනි කණ්ඩායමේ සිදුව අඩුපාඩු ගැන වනිඳු විග්‍රහ කර සිටියේය.

“පන්දුවට පහර දීම අතින් ගොඩක් මිස්ටෙක්ස් වුණා අපේ අතින්. කණ්ඩායමක් විදියට අපි ඒ අඩුපාඩුව පිළිගන්නවා. නමුත් අපි නිතරම බලන්නේ ඉළඟ තරගයේදි කොහොම හරි යළි ජයග්‍රහණයන් අතරට එන්න” යැයි වනිඳු අවධාරණය කර සිටියි.

නවක සහ තරුණ ක්‍රීඩකයින්ගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායම ඉකුත් නොවැම්බරයේ පැවැති විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේදී කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට සමත්විය. එහෙත් එම තරගාවලියෙන් පසු පැවැති විස්සයි-20 තරගාවලි අතර ශ්‍රී ලංකාව ලද තෙවැනි තරගාවලිය පරාජය වන්නේ ඔස්ට්‍රේලියාවට ඒරෙහිව ඉකත් 08 වැනිදා ලද තරාවලි පරාජය. මේ කාල සීමාව ඇතුළත ශ්‍රී ලංකාව තරග වලින්ම 10 කට සහභාගිවී ඇතත් ඉන් ජය ගෙන ඇත්තේ එක් තරගයක් පමණි.

ශ්‍රී ලංකාවේ ඉලක්කය ඉදිරියේ පැවැත්වීමට නියමත විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට සාර්ථක කණ්ඩායමක් සකසා ගැනීමය. ඒ වන විට කණ්ඩායමක් විදියට හොඳින් ස්ථාවරත්වයට පැමිණීම තමන් ඇතුළු කණ්ඩායමේ අපේක්ෂාව වී තිබෙන බව දකුණත් පා දඟ පන්දු යවන්නා සඳහන් කර සිටියේය.

“අපිට ලෝක කුසලානයට පෙර සුදු පන්දුවෙන් ක්‍රීඩා කරන තරග තියෙනවා. ඒ වෙනකොට අපි බැටිං සහ බෝලිං දෙකම එක මට්ටමකට ගෙන එන්න පුලුවන් නම් අපිට කණ්ඩායමක් විදියට ලෝක කුසලානයට යන්න හොඳ අවස්ථාවක් තියෙනවා. පන්දු යැවීම අතින් ගත්තොත් ඇත්තටම අපි මේ වෙලාවේ හොඳින්ම පන්දු යවනවා” යැයි සඳහන් කරන වනිඳු “මොකද අපි 125 ක් වගේ ලකුණු තත්ත්වයක් මේ වගේ කණ්ඩායමක් එක්ක ළගට එනවා කියන්නේ අපේ පන්දු යවන්නන් ඇත්තටම හොදට පන්දු යවනවා කියන එක. මම හිතන්නේ වර්ල්ඩ් කප් එක ලං වෙනකොට අපේ තව හැදෙයි. තරගයෙන් තරගයට අපේ පන්දු යවන්නන් ඉගෙන ගන්නවා. අපේ ටාගට් ඒක වෙලා තියෙන්නේ ලෝක කුසලාන තරගාවලිය වෙනකොට කණ්ඩායමක් විදියට හොඳින් සූදානම් වෙන්න” යනුවෙන් වැඩිදුරටත් අදහස් දක්වා සිටියේය.

Active filters

Recent Posts

USD United States (US) dollar

Pin It on Pinterest