slc
Home   |    News
ජූනි 29, 2022
ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙයි – වැන්ඩර්සිට ටෙස්ට් වරම්

sinhala editor

By Chamila Karawita

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ටෙස්ට් තරගයකදී තීරනාත්මක සාධකය වන කාසියේ වාසිය තමන් සතු කරගැනීමට ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න සමත්වද්දී ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රධාන දඟ පන්දු යවන්නන් තිදෙනෙකු සමඟින් අවතීර්ණව සිටියි.

පළමුව පන්දුවට පහර දීම පුදුමයක් නොවන ගාල්ල තණතීරුවේදී ශ්‍රී ලංකා නායකයාගේ තීරණය වූයේ පළමුව පන්දුවට පහර දීමය. දඟ පන්දු යවන්නන්ට පාරාදීසයක් බඳු ගාල්ල තණතීරුවේදී පා දඟ පන්දු යවන ජෙෆ්රි වැන්ඩර්සි අද දිනයේදී ටෙස්ට් වරම් දිනා ගැනීමට සමත්වූවේය. ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනාගත් 158 වැනි ක්‍රීඩකයා බවට පත්වූ දකුණත් පා දඟ පන්දු යවන්නා එක්දින තරගාවලියේදී ඔස්ට්‍රේලියානු පිලට තර්ජනාත්මක පන්දු යැවීමක නිරත වීම නිසා ටෙස්ට් දොරටුව විවර කර ගැනීමට සමත්වූවේය.

වැන්ඩර්සිට අමතරව ලසිත් ඇඹුල්දෙණිය සහ පිට දඟ පන්දු යවන රමේෂ් මෙන්ඩිස් සෙසු ප්‍රධාන දඟ පන්දු යවන්නෝ වෙති. කෙසේ වෙතත් ධනංජය ද සිල්වාටද පිට දඟ පන්දු යවන්නකු ලෙස කැපී පෙනෙන මෙහෙයක් කණ්ඩායම වෙනුවෙන් ලබාදීමට ඇති හැකියාව නිසා, විශේෂඥ දඟ පන්දු යවන්නන් සිව් දෙනෙකුගේ සේවය ලබා ගැනීමට ශ්‍රී ලංකා නායකයාට අවස්ථාව උදාවී තිබේ. ශ්‍රී ලංකා කණ්ඩායම සතු එකම වේග පන්දු යවන්නා වන්නේ අසිත ප්‍රනාන්දුය.

කාසියේ වාසිය පරාජයට පත්වීමේදී ඔස්ට්‍රේලියානු නායක පැට් කමින්ස් සඳහන් කර සිටියේ කාසියේ වාසිය දිනාගැනීමට සමත්වූයේ නම් තමන්ද පළමුව පන්දුවට පහර දීමට කැමැත්තෙන් සිටි බවයි.

එක්දින තරගාවලිය අතරතුරදී ආබාධයකට ලක්වුණු මැද පෙළ පිතිකරු ට්‍රෙවිස් හෙඩ් අද තරගය සඳහා පූර්ණ සුවය ලබා සිටින බැවින් ග්ලෙන් මැක්ස්වෙල්ට අවසන් 11 දෙනා අතරට පැමිණීමට තිබූ ඉඩ කඩ ඇහිරී තිබේ. මේ අතර ඔස්ට්‍රේලියානු පිල මෙම තරගයට ප්‍රධාන දඟ පන්දු යවන්නන් දෙදෙනෙකු වන නේතන් ලයන් සහ මිචෙල් ස්වෙප්සන්ව කැඳවමින් තරගයට අවතීර්ණ වද්දී නායක පැට් කමින්ස් සහ මීචෙල් ස්ටාර්ක් වේග පන්දු යවන්නන් ලෙස ක්‍රීඩා කරති.

ශ්‍රී ලංකාව – දිමුත් කරුනාරත්න (නායක), 2. පැතුම් නිස්සංක, 3. කුසල් මෙන්ඩිස්, 4. ඇන්ජලෝ මැතිව්ස්, 5. ධනංජය ද සිල්වා, 6. දිනේෂ් චන්දිමාල්, 7. නිරෝෂන් දික්වැල්ල, 8. රමේෂ් මෙන්ඩිස්, 9. ජෙෆ්රි වැන්ඩර්සි, 10. ලසිත් ඇඹුල්දෙණිය, 11. අසිත ප්‍රනාන්දු

ඔස්ට්‍රේලියාව – 1. ඩේඩිඩ් වෝනර්, 2. උස්මාන් කවාජා, 3. මානස් ලබුෂේන්, 4. ස්ටීවන් ස්මිත්, 5. ට්‍රෙවිස් හෙඩ්, 6. කැමරන් ග්‍රීන්, 7. ඇලෙක්ස් කේරි, 8. පැට් කමින්ස් (නායක), 9. මිචෙල් ස්ටාර්ක්, 10. නේදන් ලයන්, 11. මිචෙල් ස්වෙප්සන්.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest