slc
Home   |    News
ජූනි 24, 2022
ශ්‍රී ලංකා නායකයා තරග 7 කට පසු කාසියේ වාසිය දිනයි

sinhala editor

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ  එරෙහිව මෙතෙක් පැවැති සියලුම ආකාරයේ තරග 7 දීම කාසියේ වාසිය පරාජයට පත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමු වතාවට කාසියේ වාසිය දිනාගත් පස්වැනි එක්දින තරගයේදී පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. කොළ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයට පෙර පැවැති තරග 3 කින් සම්න්විත විස්සයි-20 තරගාවලීයේදීත් අවසන් එක්දින 4 දීත් ශ්‍රී ලංකා නායකයා කාසියේ වාසිය පරාජයට පත්විය.

අවසන් එක්දින තරග 3 ම ජය ගෙන සිටින ශ්‍රී ලංකාව මෙම තරගය වන විටත් 3-1 ක් ලෙස එක්දින තරගාවලිය ජය ගෙන සිටින නමුත්, ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට පැමිණීමට මෙම තරගයේ ජය ශ්‍රී ලංකාවට අතිශය වැදගත් වේ. එමෙන්ම තරගයක් ඉතිරිව තිබියදී එක්දින තරගාවලිය පරාජයට පත්ව සිටින ඔස්ට්‍රේලියාවටද ගෞරවාන්විත තරගාවලි අවසානයක් උදාකර ගැනීම සදහා මෙම තරගයේ ඉතා වැදගත් වනු ඇත.

දෙවැනි, තෙවැනි සහ සිව්වැනි තරග ජයගත් ශ්‍රී ලංකාව වසර 30 කට පසු ඔස්ට්‍රේලියාවට එරෙහිව සිය මව්බිමේදී ලද පළමු එක්දින තරගාවලි ජය ලෙසින් මෙම තරගාවලි ජය සටහන් වද්දී අවසන් තරගය සදහා ශ්‍රී ලංකා පිල වෙනස්කම් 3 ක් සිදුකරමින් අවතීර්ණ ව සිටියි. එහිදී ආබාධයක් හේතුවෙන් අවසන් තරග දෙකට ක්‍රීඩා නොකළ ධනුෂ්ක ගුණතිලක සහ දිනේෂ් චන්දිමාල් ක්‍රීඩා කරන 11 ට පැමිණෙද්දී වේග පන්දු යවන ප්‍රමෝද් මධුශාන් සිය මංගල එක්දින වරම් දිනා ගැනීමට සමත්විය. ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින වරම් දිනාගත් 205 වැනි ක්‍රීඩකයා බවට මධුශාන් පත්විය.

මේ අතර ඔස්ට්‍රේලියානු පිල අද තරගයට ට්‍රෙවිස් හෙඩ් නොමැතිව අවතීර්ණව සිටියි. ඉකිලි ආශ්‍රිත ආබාධයකට හෙඩ් ගොදුරු වීම නිසා ඔහුට අද තරගය මඟ හැරී තිබෙන අතර ඒ වෙනුවට ජොෂ් ඉංග්ල්ස්ට අවස්ථාව උදාවී තිබේ. ජොෂ් ඉංග්ලිස් එක්දින වරම් දිනාගත් පළමු තරගය මෙය වේ.

ශ්‍රී ලංකාව – 1. ධනුෂ්ක ගුණතිලක, 2. පැතුම් නිස්සංක, 3. චරිත් අසලංක, 4. කුසල් මෙන්ඩිස්, 5. දිනේෂ් චන්දිමාල්, 6. දසුන් ශානක (නායක), 7. චාමික කරුණාරත්න, 8. දුනිත් වෙල්ලාලගේ, 9. ප්‍රමෝද් මදුශාන්, 10. ජෙෆ්රි වැන්ඩර්සි, 11. මහීෂ් තීක්ෂණ

ඔස්ට්‍රේලියාව – 1. ඩේවිඩ් වෝනර්, 2. ඇරන් ෆින්ච් (නායක), 3. මිචෙල් මාෂ්, 4. ජොෂ් ඉංග්ලිස්, 5. මානස් ලබුෂේන්, 6. ඇලෙක්ස් කේරි, 7. ග්ලෙන් මැක්ස්වෙල්, 8. කැමරන් ග්‍රීන්, 9. පැට් කමින්ස්, 10. මැතිව් කුනේමන්, 11. ජොෂ් හැසල්වුඩ්

Recent Posts

  • ශ්‍රී ලංකාව පන්දු යැවීමට තීරණය කරයි
    නවසීලන්තයට එරෙහිව ඕක්ලන්ඩ්හිදී පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීම සඳහා සත්කාරක නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කර සිටියේය. මෙම […]
  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest