slc
logo
Home   |    News
ජූනි 21, 2022
සිව්වැනි තරගයට දඟ පන්දු යවන්නන් සිවුදෙනෙක්

sinhala editor

By Chamila Karawita

ශ්‍රී ලංකාව කඩුලු 6 කින් ජය ගනු ලැබූ තෙවැනි එක්දින තරගය පැවැති තණතීරුවම අද (21 දා) පැවැත්වෙන සිව්වැනි එක්දින තරගය සඳහා යොදා ගැනීම නිසා එහි වැඩි වාසි ලබා ගැනීමේ අරමුණු කොට ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රධාන දඟ පන්දු යවන්නන් සිවුදෙනෙකු සමඟින් අවතීර්ණව සිටියි.

ඔස්ට්‍රේලියාවට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේදීද ශ්‍රී ලංකා නායක දසුන් ශානක කාසියේ වාසිය පරාජයට පත්වූ නමුත් පළමුව පන්දුවට පහර දීමේ වාරය ශ්‍රී ලංකාවට පිරිනැමීමට ඔස්ට්‍රේලියානු නායක ඇරන් ෆින්ච් තීරණය කළේය. ඒ අනුව ශ්‍රී ලංකා නායකයා මෙවර තරගාවලිය යටතේ පැවැති 7 වැනි තරගයේදීද කාසියේ වාසිය පරාජයට පත්වීම කැපී පෙනෙයි.

තරග 5 කින් සමන්විත දෙරට අතර එක්දින තරගාවලිය 2-1 ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම පෙරමුණේ පසුවන අතර අද තරගය ජයගතහොත් තවත් තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලිය ජයගැනීමේ අවස්ථාව සත්කාරකයින්ට උදාවනු ඇත. එසේ වුවහොත් වසර 30 කට පසු ඔස්ට්‍රේලියානු කණ්ඩායමක් සිය මවුබිමේදී පරාජයට පත් කරන ලද පළමු අවස්ථාව ලෙසින් මෙම තරගාවලිය ඉතිහාස ගත වනු ඇත.

ආබාධයක් හේතුවෙන් අවසන් තරග 2 ට ක්‍රීඩා නොකළ වනිඳු හසරංග පූර්ණ සුවය ලබා කණ්ඩායමට එක්ව සිටීම ශ්‍රී ලංකා කණ්ඩායමේ ශක්තිය වැඩි කරවන්නක් වී තිබේ. දඟ පන්දු බල ඇණියේ ප්‍රධානියා බවට වනිඳු පත්වද්දී, ඔහු වෙනුවට පෙර තරග 2 ට ආදේශ කළ ජෙෆ්රි වැන්ඩර්සිවද කණ්ඩායමට එක් කිරීම කැපී පෙනෙයි. ඊට අමතරව වමතින් දඟ පන්දු යවන දුනිත් වේලලාලගේ මෙන්ම මහීෂ් තීක්ෂණ දඟ පන්දු බල ඇණිය ශක්තිමත් කරන සෙසු පන්දු යවන්නන් දෙදෙනා වෙයි. මේ අතර ධනංජය ද සිල්වාද දඟ පන්ද යවන්නකු ලෙසින් පෙර තරග වලදී කැපී පෙනෙන කාර්යය භාරයක් ඉටු කිරීම, ශ්‍රී ලංකා නායකයාට පන්දු යැවීමේදී ඕනෑ තරම් විකල්ප ඉතිරිව තිබේ. වළලු කරට ආශ්‍රිතව වේදනාවක් ඇතිවීම හේතුවෙන් වේග පන්දු යවන දුෂ්මන්ත චමීර අද තරගයේ තේරීම් සඳහා ඇතුළත් නොවුණු බැවින්, චාමික කරුණාරත්නට සහ දසුන් ශානකට වේග පන්දු යැවීමේදී වැඩි වගකීමක් හිමිවනු ඇත.

තෙවැනි එක්දින තරගයේ පන්දුවට පහර දෙමින් සිටියදී මස් පෙරැළීමේ යෑමේ ආබාධයකට ගොදුරු වුණු කුසල් මෙන්ඩිස් යළිත් පූර්ණ සුවය ලබමින් අද තරගයේදී අංක 3 පිතිකරුවාගේ වගකීම ඉටු කිරීම වෙනුවෙන් සැදී පැහැදී සිටියි.

තරගාවලියේ තවදුරටත් අපරාජිතව රැඳී සිටීමට නම් ජයග්‍රහණය තීරණාත්මක මෙම තරගයේදී ඔස්ට්‍රේලියානු කණ්ඩායම එක් වෙනස්කමක් සිදුකරමින්  අවතීර්ණව සිටියි. තෙවැනි තරගයට ක්‍රීඩා කරන ලද ජායි රිචර්ඩ්සන් වෙනුවට අද තරගයේදී පැට් කමින්ස්ව කැඳවීමට ඔස්ට්‍රේලියානු කලමනාකාරීත්වය තීරණය කර තිබේ.

ශ්‍රී ලංකාව – 1. නිරෝෂන් දික්වැල්ල, 2. පැතුම් නිස්සංක, 3. කුසල් මෙන්ඩිස්, 4. ධනංජය ද සිල්වා, 5. චරිත් අසලංක, 6. දසුන් ශානක (නායක), 7. චාමික කරුණාරත්න, 8. වනිඳු හසරංග, 9. දුනිත් වෙල්ලාලගේ, 10. ජෙෆ්රි වැන්ඩර්සි, 11. මහීෂ් තීක්ෂණ. ඔස්ට්‍රේලියාව – 1. ඩේවිඩ් වෝනර්, 2. ඇරන් ෆින්ච් (නායක), 3. මිචෙල් මාෂ්, 4. මානස් ලබුෂේන්, 5. අලෙක්ස් කේරි, 6. ට්‍රෙවිස් හෙඩ්, 7. ග්ලෙන් මැක්ස්වෙල්, 8. කැමරන් ග්‍රීන්, 9. පැට් කමින්ස්, 10. මැට් කුලේමන්, 11. ජොෂ් හෙසල්වුඩ්.

Active filters

Recent Posts

  • පොලීසිය සහ පානදුරට ජයග්‍රහණ
    ශ්‍රී ලංකා පොලීසිය සහ පාණදුර ක්‍රීඩා සමාජය අද (12) දිනයේ වර්ෂාව අභිබවායමින් මේජර් ලීග් තුන්දින තරගාවලියේ ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය.  මේ කණ්ඩායම් දෙකම දෙවන දින (සෙනසුරාදා – […]
  • ශ්‍රී ලංකා ක්‍රිකට් තොරතුරු දැනගන්න ‘මොබයිල් ඇප්‘ එකක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන්ම වූ තොරතුරු ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහාම වෙනුවුණු විශේෂ ‘මොබයිල් ඇප්‘ (Mobile App) එකක් එළි දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉකුත්දා […]
  • 19 න්  පහළ බාලිකා ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා පිල නම් කරයි
    ජනවාරි මස 18 වැනිදා මැලේසියාවේදී ආරම්භවීමට නියමිත වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවන ශ්‍රී ලංකා බාළිකා කණ්ඩායම ප්‍රකාශයට පත් කර තිබේ. එම […]
  • ශ්‍රී ලංකාවට ගෞරවාන්විත තරගාවලි අවසානයක්
    ඕක්ලන්ඩ් නුවරදී පැවැති තෙවැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් සත්කාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ලකුණු 140 ක දැවැන්ත තරග ජයග්‍රහණයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. මෙම තරගාවලියේ  පළමු […]
  • කණ්ඩායම් කිහිපයක්ම ජයග්‍රහණ අභියස
     ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ තෙවන සති අන්තය වන මේ සතියේ දෙවන දිනය වන අද (11) තරග නිම වන විට කණ්ඩායම් කිහිපයක්ම ජයග්‍රහණ […]

Pin It on Pinterest

USD United States (US) dollar