slc
Home   |    News
ජූනි 19, 2022
හයවැනි වතාවටත් ශ්‍රී ලංකාව කාසිය වාසිය පරදියි

sinhala editor

By Chamila Karawita

තරගාවලිය 1-1 ක් ලෙස දෙපිළම කරට කර සිටින තරග 5 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියෙ අද (19 දා) පැවැත්වෙන තෙවැනි එක්දින තරගයේදී කාසියේ වාසිය තමන් සතු කරගත් ඔස්ට්‍රේලියානු නායක ඇරන් ෆින්චි පළමුව පන්දුවට පහර දීම තෝරා ගත්තේය. ඔස්ට්‍රේලියානු නායකයා මෙවර තරගාවලියේ පිට පිටම 6 වැනි වතාවටත් කාසියේ දිනා ගැනීම කැපී පෙනුණි.

මෙම අවස්ථාවද සමඟ මෙතෙක් පැවැති එක්දින තරග 3 දීම කාසියේ වාසිය ඔස්ට්‍රෙලියානු නායකයා දිනා ගත් අතර මෙම අවස්ථාවේ හැර සෑම අවස්තාවකම ශ්‍රී ලංකාවට පන්දුවට පහර දීම සඳහා ශ්‍රී ලංකාවට ආරාධනා කර සිටියේය.

අද තරගයටද වනිඳු හසරංගගේ සහභාගිත්ව ශ්‍රී ලංකා පිලට අහිමිවන අතරම පෙර තරගයට ක්‍රීඩා කළ කණ්ඩායමේ එක වෙනස්කමක් සමඟින් ශ්‍රී ලංකාව අද තරගයට අවතීර්ණ ව සිටියි. පෙර තරගයේදී ඉනිම ආරම්භ කළ ධනුෂ්ක ගුණතිලක ආබාධයකට ලක්වීම නිසා ඔහු වෙවෙවට අද තරගයේදී නිරෝෂන් දික්වැල්ලව කණ්ඩායමට එක් කිරීමට කලමනාකාරීත්වය තීරණය කර තිබේ. දික්වැල්ල කණ්ඩායමට එකතුවීමේදී මෙතෙක් තරග වලදී කඩුලු රැකීමේ කාර්යය නිරත කුසල් මෙන්ඩිස්, පන්දු රකින්නකු ලෙස කටයුතු කිරීමට නියමිතව තිබේ.

නිරෝෂන් දික්වැල්ල එක්දින තරගයකට ක්‍රීඩා කරනු ලබන්නේ වසරකට ආසන්න කාලයකට පසුව වීම කැපී පෙනෙයි. ඉකුත් 2021 වසරේ මැයි මස 28 වැනිදා බංග්ලාදේශයට එරෙහිව මීර්පූර්හි පැවැති තරගයට ක්‍රීඩා කිරීමෙන් පසු දික්වැල්ල එක්දින කණ්ඩායම නියෝජනය කරනු ලබන පළමු අවස්ථාව මෙය වෙයි. ඔස්ට්‍රේලියානු ‘ඒ’ පිලට එරෙහිව කොළඹ එස්.එස්.සී. පිටියේ පැවැති දෙවැනි නිල නොවන එක්දින තරගයේදී ඉනිම ආරම්භ කරමින් රැස් කරන ලද ලකුණු 83 ක ඉනිම, දික්වැල්ල කෙරෙහි තේරීම් කමිටුවේ අවධානය යොමුවීමට ප්‍රධාන හේතුව වී තිබේ.

මේ අතර අද තරගයේදී ඔස්ට්‍රේලියානු පිල වෙනස්කම්  3 ක් සිදු කර තිබේ. පෙර තරගයේදී ආබාධිත්තවයට පත්වූ ස්ටීවන් ස්මිත්ට තරගාවලියේ ඉදිරි තරග මඟ හැරෙන අතර ඒ වෙනුවට මිචෙල් මාෂ් අංක 3 පිතිකරු ලෙස ක්‍රීඩා කිරීමට නියමිතය. මේ අතර පිඔස්ට්‍රේලියානු පිලේ පිතිකරණය ශක්තිමත් කිරීමේ අරමුණ ඇතිව තුන් ඉරියව් ක්‍රීඩක කැමරන් ග්‍රීන්ව ද කණ්ඩායමට එක් කර තිබේ. ඔහු අංක 8 පිතිකරණ ස්ථානයෙන් පන්දුවට පහර දීමට නියමිත අතර ජායි රිචර්ඩ්සන් නැවතත් කණ්ඩායමේ 11 දෙනා අතරට එක්ව සිටියි. මොවුන් දෙදෙනා කණ්ඩායමට පැමිණීමේදී මිචෙල් ස්වෙප්සන් සහ පැට් කමින්ස්ට ස්ථාන අහිමිව තිබේ.

ඔස්ට්‍රේලියාව – ඩේවිඩ් වෝනර්, ඇරන් ෆින්ච් (නායක), මිචෙල් මාෂ්, මානස් ලබුෂේන්, ඇලෙක්ස් කේරි, ට්‍රෙවිස් හෙඩ්, ග්ලෙන් මැක්ස්වෙල්, කැමරන් ග්‍රීන්, ජායි රිචර්ඩ්සන්, මැතිව් කුනේමන්, ජොෂ් හෙසල්වුඩ්

ශ්‍රී ලංකාව – නිරෝෂන් දික්වැල්ල, පැතුම් නිස්සංක, චරිත් අසලංක, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, දසුන් ශානක (නායක), චාමික කරුනාරත්න, දුනිත් වෙල්ලාලගේ, දුෂ්මන්ත චමීර, ජෙෆ්රි වැන්ඩර්සි, මහීෂ් තීක්ෂණ.

Recent Posts

  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
  • නැගීඑන ශූරතාව මුවර්ස් දිනා ගනියි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ජයග්‍රහණය ලැබූ මුවර්ස් ක්‍රීඩා සමාජය මේ වසරේ […]
  • අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ […]
  • දිමුත් සහ චන්දිමාල් ‘විස්ඩන්’ ලෝක කණ්ඩායමට
    ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest