slc
logo
Home   |    News
ජූනි 29, 2022
පා දඟ පන්දුවේ රජු ‘ෂේන් වෝන්ට’ ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් ‘උපහාර’

sinhala editor

By Chamila Karawita

මීට මාස 3 කට පෙර මෙලොවින් සඳහටම සමුගත් ක්‍රිකට් ක්‍රීඩාවේ සදා නොමැකෙන ඔස්ට්‍රේලියානු පිලේ හිටපු පා දඟ පන්දු යවන ක්‍රීඩකයකු වූ ෂේන් වෝන්ව මහතාව අනුස්මරණය කිරීම සදහා විශේෂ වැඩසටනක් අද (29) ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදී පැවැත්විණ. ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා ඇතුළු විධායක කමිටුව, ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී නික් හොක්ලි මහතා, 1996 ලෝක කුසලාන දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක අර්ජුන රණතුංග මහතා ඇතුළු හිටපු ක්‍රීඩකයින් මෙන්ම වර්තමාන ශ්‍රී ලංකා සහ ඔස්ට්‍රේලියානු කණ්ඩායම් වල ක්‍රීඩකයින්ගේ සහභාගිත්වයෙන් මෙම අනුස්මරණය කිරීමේ උත්සවය පැවැත්විණ.

ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අද ආරම්භ වුණු පළමු ටෙස්ට් තරගයට පෙර, ෂේන් වෝන් මහතා වෙනුවෙන් විශේෂයෙන්ම සකස් කරන ලද සමරු ඵලයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපති ශම්මි සිල්වා මහතා විසින් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී නික් හොක්ලි මහතා වෙත ‌පිරිනමමින් එම අනුස්මරණය කිරීමේ උත්සවය සංකේතවත් කෙරිණ. තවද මෙම අනුස්මරණය කිරීමේ උත්සවය වර්ණවත් කිරීම වෙනුවෙන් ගාල්ල ක්‍රීඩාංගණය වටාම ෂේන් වෝන් මහතාගේ මතක ඇතුළත් දැවැන්ත පුවරු එක් කොට තිබීමද කැපී පෙනෙන සිදුවීමක් විය.

“ෂේන් වෝන්, ක්‍රිකට් ක්‍රීඩාවේ සදාතනික වීරයකු ලෙසින් පමණක් නොව මනුෂ්‍යත්වය උපරිමය කැටිකොට ගත් උත්තමයකු ලෙසින් ශ්‍රී ලාංකිකයින්ගේ හදවත් තුළ ඔබ සදා ජීවමානු වනු ඇත” යනුවෙන් එම විශේෂ ඵලකයේ සටහන් කර තිබිණ.

1992 වසරේ සිට 2007 වසර දක්වා ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය නියෝජනය කළ ෂේන් වෝන් ටෙස්ට් කඩුලු 700 සීමාව ඉක්මවා ලූ පළමු පන්දු යවන්නා මෙන්ම පා දඟ පන්දු යවන්නන් අතරින් ලොව වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවා ගැනීමට සමත්වූ පන්දු යවන්නා වේ. ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් තරග 145 කට ක්‍රීඩා කළ වෝන් බිඳ හෙළා ඇති ටෙස්ට් කඩුලු සංඛ්‍යාව 708 කි. ඔහු ලෝකයෙන්ම දෙවැනි වන්නේ ටෙස්ට් කඩුලු 800 ක් දවාගෙන ඇති ශ්‍රී ලංකාවේ මුත්තයියා මුරලිදරන්ට පමණි.

ක්‍රිකට් පිටියේ සිටියදී එදිරිවාදියකු වුවද 2004 සුනාමි ව්‍යසනයේදී ශ්‍රී ලංකාවට උපකාර කළ පිරිසගෙන් ප්‍රධාන කාර්යය භාරයක් සිදුකරන ලද පිරිස අතර ෂේන් වෝන් මහතා ද ඉදිරියෙන් සිටියේය. එම ව්‍යසනයේදී ගාල්ල ක්‍රීඩාංගණයට සිදුවූ හානිය සොයා බැලීම සඳහා ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයට වෝන් පැමිණියේ ඔහුගේ 500 වැනි ටෙස්ට් කඩුල්ල ලබා ගත් ක්‍රීඩාංගණටය කෘත ගුණ සැලකීමක් වශයෙනි.

මෙම අවස්ථාව සඳහා අර්ජුන රණතුංග මහතාට අමතරව අරවින්ද ද සිල්වා, මුත්තයියා මුරලිදරන්, රොමේෂ් කලුවිතාරණ, සහ උපුල් චන්දන යන හිටපු ක්‍රීඩකයින්ද, මහත්වරුද, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ලේකම් මොහාන් ද සිල්වා, උප ලේකම් ක්‍රිෂාන්ත කපුවත්ත සහ ප්‍රධාන විධායක නීලධාරී ඈෂ්ලී ද සිල්වා යන මහත්වරුද සහභාගිවූහ.

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා අතින් ෂේන් වෝන් මහතා අනුස්මරණය කිරීම වෙනුවෙන් විශේෂයෙන්ම සකස් කරන ලද විශේෂ සමරු ඵලකය ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී නික් හොක්ලි මහතා වෙත ලබා දුන් අවස්ථාව.

Active filters

Recent Posts

  • වැස්සෙන් සිදුවන බාධා මැද තරග තුනක් ඇරැඹෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ සති අන්තයේ පැවැත්වෙන තරග අතුරින් තරග තුනක් හැර අනෙක් තරග සියල්ලම වර්ෂාව හේතුවෙන් ආරම්භ […]
  • ආසියානු ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකා පිල පිටත්ව යයි
    19 වැනි වතාවට චීනයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා තරගාවලියේ පිරිමි ක්‍රිකට් තරග ඉස්සවට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම සැප්තැම්බර් මස 30 වැනිදා චීනය බලා පිටත්ව ගියේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන […]
  • රිදී පදක්කම් දිනූ කාන්තාවෝ මව්බිමට එති
    චීනයේ හංජෝ නුවර පැවැති ආසියානු ක්‍රීඩා තරගාවලියේ කාන්තා ක්‍රිකට් තරග ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට හැකිවීම පිළිබඳව තමන් ඇතුළු කණ්ඩායම දැඩි සතුටට පත්ව සිටින බව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ […]
  • වැස්සට සේදුණු දිනයේදී තිලකරත්න සම්පත්ගෙන් අර්ධ ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ සතියේදී පැවැත්වීමට නියමිතව තිබූ තරග අටෙන් නුගේගොඩ ක්‍රීඩා, සුබ සාධක සමාජය හා කෝල්ට් අතර […]
  • පළමු පුහුණු තරගයේදී බංග්ලාදේශයට කඩුලු 7ක ජයක්
    තවත් දින කිහිපයකින් ආරම්භ වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පෙරහුරු තරගමාලාව ආරම්භ කරමින් ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැති එක්දින පුහුණු තරගයේදී බංග්ලාදේශ පිල කඩුලු 7ක ජයක් වාර්තා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest