slc
Home   |    News
ජූලි 27, 2022
ආරාධිත විස්සයි-20 ට කණ්ඩායම් නම් කෙරෙති

sinhala editor

ආසියානු සහ විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි සදහා කණ්ඩායම සූදානම් කිරීමේ අරමුණින් සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකා ක්‍රිකට් ආරාධිත විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවන කණ්ඩායම් 4 ප්‍රකාශයට පත් කර තිබේ.

අගෝස්තු 09 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වන මෙම තරගාවලියේදී රෙඩ් පිල කුසල් මෙන්ඩිස් විසින්ද, බ්ලූස් පිල චරිත් අසලංක විසින්ද, ග්‍රීන්ස් පිල දසුන් හානක විසින්ද සහ ග්‍රේස් පිල අශාන් ප්‍රියන්ජන් විසින්ද මෙහෙයවති.

අගෝස්තු 16 වැනිදා පැවැත්වෙන අවසන් මහ තරගය තෙක් පැවැත්වෙන මෙම තරගාවලිය දින 4 ක් පුරා පැවැත්වෙනු ඇත. මූලික වටයේ තරග 6 ක් ඇතුළත් මෙම තරගාවලියේදීි එක් දිනකදී තරග 2 ක් පැවැත්වෙන අතර පළමු තරගය ප.ව. 3.00 ටත් දෙවැනි තරගය ප.ව. 7.30ට ත් ආරම්භ වනු ඇත. තරගාවලියේ ඇති සුවිශේෂීතාව වන්නේ දෙවැනි තරගය විදුලි ආලෝක ධාරා මධ්‍යයේ පැවැත්වීමයි.

මූලික වටය යටතේ සෑම කණ්ඩායමක්ම ප්‍රතිවාදී කණ්ඩායම් එක් වතාව බැගින් මුණ ගැසෙන අතර ඉන් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගනු ලබන කණ්ඩායම් දෙක අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලබනු ඇත.

මෙ ආකාරයේම ආරාධිත විස්සයි-20 තරගාවලියක් ඉකුත් 2021 වසරේ අගෝස්තු මසදී පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී පැවැති අතර එහි ශූරතාව දිනා ගැනීමට දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු ග්‍රේස් කණ්ඩායම සමත්විය. මෙවර තරගාවලියේදී දසුන් නායකත්වය දක්වනු ලබන්නේ ග්‍රින්ස් පිලට වේ.

Recent Posts

  • අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ […]
  • දිමුත් සහ චන්දිමාල් ‘විස්ඩන්’ ලෝක කණ්ඩායමට
    ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ […]
  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් තරගාවලියට සාර්ථක ප්‍රවේශයක් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest