slc
logo
Home   |    News
ජූලි 25, 2022
ආරාධිත විස්සයි-20 තරගාවලිය අගෝස්තු 09 දා ඇරඹෙයි

sinhala editor

ආසියානු කුසලාන සහ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි සඳහා වන ශ්‍රී ලංකා කණ්ඩායම තෝරා ගැනීමේ අරමුණෙන් ආරාධිත විස්සයි-20 ක්‍රිකට් ලීගයක් සංවිධානය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පියර ගෙන තිබේ.

කණ්ඩායම් 4 කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය අගෝස්තු මස 09 වැනිදා ආරම්භ වන අතර 16 වැනිදා දක්වා පැවැත්වෙනු ඇත. මූලික වටය යටතේ සෑම කණ්ඩායමක්ම සෙසු කණ්ඩායම් සමඟ එක් වර බැගින් තරග වදීන අතර එම තරග වටය අවසානයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගනු ලබන කණ්ඩායම් අවවසන් මහ තරගය සදහා සුදුසුකම් ලබනු ඇත.

මෙම තරගාවලිය සඳහා ජාත්‍යන්තර මට්ටමේ සිට පළමු පෙළ තරග සඳහා සහභාගිවන ක්‍රීඩකයින් 60 දෙනෙකු වත්මන් තේරීම් කමිටුව විසින් තෝරා තිබෙන නමුත් කණ්ඩායම්වල නායකයින් කවුරුන්ද යන්න ඉදිරියේදී නම් කෙරෙනු ඇත. මෙම තරගාවලිය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

Active filters

Recent Posts

LKR Sri Lankan rupee

Pin It on Pinterest