slc
logo
Home   |    News
ජූලි 25, 2022
උරහිස සුව කර ගැනීමේ වැඩසටහනට කුසල්ගේ සහාය ලැබී නෑ – ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි

sinhala editor

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරි පෙළ ප්‍රහාරාත්මක පිතිකරු කුසල් ජනිත් පෙරේරා‌ගේ උරහිසේ ඇතිවී තිබෙන ආබාධය සඳහා සිදුකළ යුතු ශල්‍යකර්මය වෙනුවෙන් වියදම් දැරීම, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රතික්ෂේප කළ බවට පළවූ මාධ්‍ය වාර්තා කිහිපයක් සැලකිල්ලට ගනිමින් පහත පැහැදිළි කිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සිදුකර සිටියි.

“දීර්ඝ කාලයක් තිස්සේ උරහිසේ ආබාධයකට ගොදුරුව සිටින කුසල් ජනිත් පෙරේරාගේ ආබාධිත තත්ත්වය සුව අතට පත් කිරීම සදහා වෛද්‍ය අංශය සමග සාකච්ඡා කොට සති 12 ක විධිමත් පුනරුත්ථාපන වැඩසටහනකට ක්‍රියාවට නැංවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු යොදනු ලැබීය. 2022 වසරේ පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන සහ පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන තරගාවලි සඳහා කුසල් ජනිත් පෙරේරාගේ සේවය ශ්‍රී ලංකාවට ලබා ගැනීම ඉලක්ක කර ගනිමින් ඒ සියලු විදිවිධාන යොදනු ලැබීය.

එම ඉලක්කය වෙත ළඟා වීමේදී කිසිදු ආකාරයේ තරඟකාරී ක්‍රිකට් ක්‍රීඩාවක නිරත නොවී වෛද්‍ය මණ්ඩලයේ පූර්ණ අධීක්ෂණය යටතේ වූ යෝජිත පුනරුත්ථාපන වැඩසටහනට භාජනය වන ලෙස කුසල් ජනිත් පෙරේරාට වෙත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය උපදෙස් දෙනු ලැබීය.

මෙහිදී දිනෙන් දිනම පුනරුත්ථාපන වැඩසටහන කල් දැමීමට යෑමෙන් එය කුසල්ගේ ආබාධයට අහිතකර බලපෑමක් එල්ල කිරීමට හැකි බවද ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් නිරන්තරයෙන්ම ඔහුට උපදෙස් දීමට කටයුතු කළේය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදෙස් වලට අවනත නොවුණු කුසල් ජනිත්, හිතුවක්කාර වෙමින් 2021 වසරේ පැවැති ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවූ අතර එමඟින් ඔහුගේ ආබාධිත තත්ත්වය සුව අතට පත් කිරීම සදහා සිදුකරන ලද වැඩසටහනට සෘජුවම බලපෑම් එල්ල විය.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගි වුවද එළැඹෙන ආසියානු සහ පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියන් කෙරෙහි අවධානය යොමු කරමින් කුසල් ජනිත්ගේ ආබාධය වෙනුවෙන් වූ පුනරුත්ථාපන වැඩසටහන දිගින් දිගටම සිදුකරගෙන යෑමට පියවර ගනු ලැබීය. අවසන් වට පැවැති ජාත්‍යන්තර තරගාවලි කීපයටම කුසල් ජනිත්ව එක් නොකිරීමට පියවර ගනු ලැබු‌වේ මෙකී තත්ත්වය සැකිල්ලට ගනිමිනි.

කෙසේ වෙතත් මේ සියලු උත්සාහයන් නොතකමින්, ඔහු නිතිපති පුනරුත්ථාපන කාර්යය සඳහා සහභාගිවීමට අපොහොසත් වී තිබෙන අතර අවසන් වරට ඔහු ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථානයට පෙනී සිට ඇත්තේ 2022 වසරේ අප්‍රේල් මස 29 වැනි දිනදාවේ.

ඔහු පිළිබඳව මේ තරම් අවධානය යොමු කළද පුනරුත්ථාපන වැඩසටහන් වෙනුවෙන් ඔහුගේ කැපවීම ඉතා අල්ප බව වැටහී යෑම නිසා මේ පිළිබඳව නැවත සිතා බැලීමට ශ්‍රී ලංකා ක්‍රකිට් වෙත සිදුවිය. මොහු විසින් සිදුකරන ලද අතපසුවීම් සහ ප්‍රමාදයන් නිසා එළිඹෙන ලෝක කුසලාන සහ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා වන ක්‍රීඩකයින් සූදානම් කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිදුකරනගෙන ගිය සමස්ථ වැඩසටහනට සෘජුවම බලපෑම් සිදුකරනු ලැබීය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කුසල් ජනිත් වෙත වැඩිදුරටත් දන්වා යවා ඇත්තේ තත්ත්වය එසේ වුවද ඔහුගේ සැත්කමට අවශ්‍ය මුදලින් වැඩි කොටසක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දැරීමට පියවර ගනු ලබන බවයි”.

Active filters

Recent Posts

  • ගාල්ලට පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ලකුණු 145ක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ගාල්ල පිලට […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තායිලන්තය පරාජය කරයි
    මීළඟ කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහි පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පැවැති ප්‍රථම තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා […]
  • ගාල්ල පිලේ ඔෂධ ප්‍රනාන්දුගෙන් ද්විත්ව ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ අද (24) දෙවැනි දිනයේදී ගාල්ල […]
  • දඹුල්ල පිලේ රනේෂ් සිල්වාගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ ඊයේ (23) ආරම්භ වූ තරගයකදී දඹුල්ල කණ්ඩායම නියෝජනය කරන රනේෂ් […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග
    බංග්ලාදේශයේ පැවැත්වෙන මීළඟ කාන්තා ලෝක කුසලාන කාන්තා විස්සයි 20 තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේදී බ්‍රහස්පතින්දා (25) […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee