slc
Home   |    News
ජූලි 1, 2022
ඔස්ට්‍රේලියාව කඩුලු 10 කින් ශ්‍රී ලංකාව පරදවයි

sinhala editor

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති පළමු ටෙස්ට් තරගයේදී ඔස්ට්‍රේලියානු පන්දු යැවීමේ බලපරාක්‍රමය හමුවේ කඩුලු ආරක්ෂා කර ගැනීමට ශ්‍රී ලංකා පිතිකරුවන් අපොහොසත්වීම නිසා තරගයේ තවත් දින දෙකහමාරකටත් වඩා කාලයක් ඉතිරිව තිබියදීම කඩුලු 10 ක පරාජයක් අත්විඳීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද (01 දා) පෙරවරුවේ සිදුවිය.

ලකුණු 109 ක පළමු ඉනිමේ අවාසිය සමඟ පන්දුවට පහර දීමට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමට ට්‍රෙවිස් හෙඩ් ප්‍රමුඛ ඔස්ට්‍රේලියානු පන්දු යවන්නන් හමුවේ යන්තමින් බේරා ගැනීමට හැකි වූයේ ඉනිමක පරාජයෙන් ගැලවීම පමණි. පන්දු 27 කදී කඩුලු 6 ක්ම බිද වැටීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට දෙවැනි ඉනිම වෙනුවෙන් රැස් කරගත හැකි වූයේ ලකුණු 113 ක් පමණක් වූ බැවින් ජයග්‍රහණය සඳහා වූ ලකුණු 5 ලබා ගැනීම සදහා ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරුවා වූ ඩේවිඩ් වෝනර් වැය කරන ලද්දේ පන්දු 4 ක් පමණි.

ශ්‍රී ලංකා ඉනිම සඳහා ඔස්ට්‍රේලියානු පන්දු යවන්නන් වැය කරන ලද්දේ පන්දුවාර 22 කුත් පන්දු 5 ක් පමණි. ශ්‍රී ලංකාව දැවී ගිය මෙම පන්දුවාර සංඛ්‍යාව මෙරට ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ කණ්ඩායමක් දැවී ගිය අවම පන්දු වාර සංඛ්‍යාවේ වාර්තාව බවටද පත්විය.

ශ්‍රී ලංකාව අමාරුවේ දැම්මේ වන කවුරුවකුත් නොව ට්‍රෙවිස් හෙඩ්ය. මින් පෙර කිසි දිනෙක ටෙස්ට් කඩුල්ලකට හිමිකම් නොකී හෙඩ් අද දිනය සිය පන්දුවාර 2 යි පන්දු 5 නිමා කළේ ලකුණු 10 කට කඩුලු 4 ක් දවා ගනිමිනි. ඔහුට අමතරව නේදන් ලයන් කඩුලු 3 ක් දවා ගනිද්දී එකම පා දඟ පන්දු යවන්නා වූ මිචෙල් ස්වෙප්සන් පිට දඟ පන්දු යවන්නන් දෙදෙනාට අවශ්‍ය සහාය ලබා දෙමින් කඩුලු 2 ක් දවා ගත්තේය.

ඔස්ට්‍රේලියානු කණ්ඩායමක් 2011 වසරෙන් පසු ශ්‍රී ලංකාව පරාජයට පත් කරන ලද පළමු තරගය බවට පත් වුණු මෙම ජයග්‍රහණයත් සමඟ ඔවුන්ගේ මෙරට ටෙස්ට් ජයග්‍රහණ සංඛ්‍යාව 8 දක්වා ඉහළ ගියේය. මීට පෙර ඔවුන් ජය ගෙන ඇති ටෙස්ට් තරග 7 ම පළමුව පන්දුවට පහර දී ලත් ජයග්‍රහණ වන නමුත් මෙම තරගය දෙවැනිවට පහර දෙමින් ශ්‍රී ලංකාවේ ජයගත් පළමු තරගය බවට ඉතිහාස ගත වනු ඇත.

ටෙස්ට් පන්දු යවන්නන් අතර අංක 1 පන්දු යවන්නා බවට පත්ව සිටින නායක පැට් කමින්ස් එකම පන්දු වාරයක් හෝ නොයැවීම කැපී පෙනුණු අතර ඉනිමේ වැඩි වගකීමක් නේදන් ලයන්ට පැවැරීය. ඒ අනුව ඔහු තරගය නිමා කරන ලද්දේ ලකුණු 121 කට කඩුලු 9 ක් දවා ලමිනි.

ඇන්ජලෝ මැතිව්ස්ට කොරෝනා වෛරසය ආසාධනය වීම ශ්‍රී ලංකාවට දැඩි පාඩුවක් ගෙන දෙන්ක් විය. ඒ වෙනුවෙන් කණ්ඩායමට යෙදවූ ඔ්ෂද ප්‍රනාන්දුටද ලබාගත හැකි වූයේ ලකුණු 12 ක් පමණි.

තරගයේ වීරයා ලෙස පළමු ඉනිමේදී ලකුණු 77 ක් රැස් කළ කැමරන් ග්‍රීන් සම්මාන ලබා ගත්තේය.

ශ්‍රී ලංකාව පළමු ඉනිම පන්දුවාර 59 කදී 212 යි – නිරෝෂන් දික්වැල්ල 58, රමේෂ් මෙන්ඩිස් 22, ඇන්ජලෝ මැතිව්ස් 39, පැතුම් නිස්සංක 23, දිමුත් කරුණාරත්න 28, නේදන් ලයන් 90/5, මිචෙල් ස්වෙප්සන් 55/3) සහ දෙවැනි ඉනිම පන්දුවාර 22.5 කදී ලකුණු 113 යි – දිමුත් කරුණාරත්න 23, පැතුම් නිස්සංක 14, කුසල් මෙන්ඩිස් 8, ඔ්ෂද ප්‍රනාන්දු 12, ධනංජය ද සිල්වා 11, දිනේෂ් චන්දිමාල් 13, නිරෝෂන් දික්වැල්ල 3, රමේෂ් මෙන්ඩිස් 0, ජෙෆ්රි වැන්ඩර්සි 8, අසිත ප්‍රනාන්දු 5*, නේදන් ලයන් 31/4, ට්‍රෙවිස් හෙඩ් 10/4, මිචෙල් ස්වෙප්සන් 34/2

ඔස්ට්‍රේලියාව පළමු ඉනිම 313 යි – උස්මාන් කවාජා 71, කැමරන් ග්‍රීන් 77, ඩේවිඩ් වෝනර් 25, ඇලේක්ස් කේරි 45, පැට් කමින්ස් 26, රමේෂ් මෙන්ඩිස් 112ග/4, ජෙෆ්රි වැන්ඩර්සි 68/2, අසිත ප්‍රනාන්දු 37/2 සහ දෙවැනි ඉනිම කිසිවකු නොදැවී ලකුණු 10 යි – ඩේවිඩ් වෝනර් 10*

Recent Posts

  • ශ්‍රී ලංකාව පන්දු යැවීමට තීරණය කරයි
    නවසීලන්තයට එරෙහිව ඕක්ලන්ඩ්හිදී පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීම සඳහා සත්කාරක නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කර සිටියේය. මෙම […]
  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest