slc
Home   |    News
ජූලි 8, 2022
කමිඳු, මහීෂ් සහ ප්‍රභාත්ට ටෙස්ට් වරම් – ශ්‍රී ලංකාව පන්දු යවයි

sinhala editor

By Chamila Karawita

සංචිතයේ සතු ප්‍රධාන ක්‍රීඩකයින් කීප දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාධනය වී තිබීම හේතුවෙන් ඔස්ට්‍රේලියාවට එරෙහිව අද (08 දා) ආරම්භ වන දෙවැනි ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයින් තිදෙනෙකුට ටෙස්ට් වරම් හිමිවීම කැපී පෙනුණි. ප්‍රභාත් ජයසූරිය, මහීෂ් තීක්ෂණ සහ කමිඳු මෙන්ඩිස් අද දිනයේ ටෙස්ට් වරම් දිනාගන්නා ලද ක්‍රීඩකයෝ වෙති.

පළමු ටෙස්ට් තරගය කඩුලු 10 කින් ජයගෙන 1-0 ක් ලෙස තරගාවලිය පෙරමුණ ගෙන සිටින සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම කාසියේ වාසිය දිනා ගනිමින් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. ඔස්ට්‍රේලියානු පිල පළමු තරගයට ක්‍රීඩා කරන ලද ක්‍රීඩකයින් 11 දෙනාගේ කිසිදු වෙනසක් නොකොට අවතීර්ණ වද්දී ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් වරම් දිනාගත් ක්‍රීඩකයින් තිදෙනාට අමතරව තවත් වෙනස්කමක් සිදුකරමින් අවතීර්ණ වීම කැපී පෙනෙයි. ඒ කොවිඩ් ආසාධිත අසිත ප්‍රනාන්දු වෙනුවට වේග පන්දු යවන කසුන් රජිතව කැඳවමිනි.

ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි තරගයේදීද ප්‍රධාන උපක්‍රමය බවට පත්ව ඇත්තේ දඟ පන්දුවෙන් ඔස්ට්‍රේලියානුවන්ට පීඩනය එල්ල කිරීම වේ. 19 හැවිරිදි දුනිත් වෙල්ලාලගේ සංචිතයට කැඳවූවත් දේශීය ක්‍රිකට් තරග වල අත්දැකීම් සැසඳීමේදී ඔහුව අභිබවා යෑමට ප්‍රභාත් ජයසූරිය සමත්ව තිබේ. එක්දින සහ විස්සයි-20 පිටියේ ස්ථාවර පන්දු යවන්නකු බවට විශ්වාසය දිනා ගැනීමට සමත්ව සිටින තීක්ෂණ බලාපොරොත්තු වූ අයුරුම ටෙස්ට් කණ්ඩායමේ ස්ථානය දිනා ගනිද්දී ධනංජය ද සිල්වා ඉටු කරනු ලබන තුන් ඉරියව් ක්‍රීඩකයාගේ සේවය කමිඳු මෙන්ඩිස්ට පැවැරී තිබේ. ධනංජය ද සිල්වා‌ වෙනුවෙන් ආදේශ කෙරුණු කමිඳු මෙන්ඩිස්ද ගාල්ල රිච්මන්ඩ් විදුහලෙන් ක්‍රිකට් ක්‍රීඩාවට පිවිස සිටීමද කැපී පෙනෙයි.

කමිඳු මෙන්ඩිස්ට අත් දෙකින්ම පන්දු යැවීමට ඇති හැකියාව ශ්‍රී ලංකාවට අතිරේක වාසියක්. එමෙන්ම මොවුන් තිදෙනා කණ්ඩායමට එක්වීම නිසා රමේෂ් මෙන්ඩිස් සමග ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු යැවීමේ බල ඇණිය සිවු දෙනෙකු දක්වා පුළුල්ව තිබීම ශ්‍රී ලංකා නායකයාට පහසුවක් වී තිබේ.

ඔස්ට්‍රේලියාව – 1. ඩේවිඩ් වෝනර්, 2. උස්මාන් කවාජා, 3. මානස් ලබුෂේන්, 4. ස්ටීවන් ස්මිත්, 5. ට්‍රෙවිස් හෙඩ්, 6. කැමරන් වයිට්, 7.  ඇලෙක්ස් කේරි, 8. මිචෙල් ස්ටාක්, 9. පැට් කමිනිස් (නායක), 10. නේතන් ලයන්, 11. මිචෙල් ස්වෙප්සන්.

ශ්‍රී ලංකාව – 1. පැතුම් නිස්සංක, 2. දිමුත් කරුණාරත්න (නායක), 3. කුසල් මෙන්ඩිස්, 4. ඇන්ජලෝ මැතිව්ස්, 5. දිනේෂ් චන්දිමාල්, 6. කමිදු මෙන්ඩිස්, 7, නිරෝෂන් දික්වැල්ල, 8. රමේෂ් මෙන්ඩිස්, 9. මහීෂ් තීක්ෂණ, 10. ප්‍රභාත් ජයසූරිය, 11. කසුන් රජිත.

Recent Posts

  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර අද (20 දා) ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
  • ශ්‍රී ලංකාව ඉනිමකින් පරාජය කළ නවසීලන්තයට පූර්ණ ටෙස්ට් තරගාවලි ජයක්
      දෙවැනි ඉනිමේදී පිතිකරුවන් ධෛර්යවන්ත පිතිහරඹයක නිරත වූවත් පළමු ඉනිමේ වූ අතපසුවීම මඟහරවා ගැනීමට නොහැකිවීම නිසා වෙලිංටන් නුවරදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිමක […]
  • 23 න් පහළ අවසන් සටන හෙට සහ අනිද්දා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම නැගී ලීග් ක්‍රිකට් තරගාවලියේ මූවර්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය අතර අවසන් මහා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest