slc
Home   |    News
ජූලි 9, 2022
ජයසූරිය විශ්වාසය රකියි – ඔස්ට්‍රේලියානු පළමු ඉනිම 364 න් නවතියි

sinhala editor

දෙවැනි දින උදෑසන ලකුණු 66 ක් ලබා ගන්නා අතරතුරදී ඔස්‌ට්‍රේලියානු ලකුණු පුවරුව ලකුණු 364 දී නිමාවට පත් කිරීමට ප්‍රභාත් ජයසූරිය ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ. ඔස්ට්‍රේලියානු ඉනිම නවතාලීම වෙනුවෙන් කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වුණු ප්‍රභාත් ජයසූරිය ලකුණු 118 කට ඔස්ට්‍රේලියානු පිතිකරුවන් හය දෙනෙකු දවා ගත්තේ ජ්‍යෙෂ්ඨ පන්දු යවන්නන් රහිතව තරග වැදි තරගයේදී තමා පිළිබඳව තැබූ විශ්වාසයට සියයට සියයකට සාධාරණයක් ඉටු කරමිනි.

මංගල ටෙස්ට් තරගයකට සහභාගිවෙමින් යවන ලද පළමු ඉනිමේදීම ශ්‍රී ලංකා පන්දු යවන්නකු වාර්තා කරන ලද දෙවැනි හොඳම පන්දු යැවීම අද දිනයේ වාර්තා කිරීමට ජයසූරිය සමත්වූවේය. ‌බංග්ලාදේශයට එරෙහිව 2020 වසරේ පැවැති ටෙස්ට් තරගාවලියේ දී ජයවික්‍රම ලකුණු 61 කට දවාගන්නා ලද කඩූ 6 ශ්‍රී ලංකා පන්දු යවන්නකු සිය භෞතීස්මයේදී වාර්තා කරන ලද හොඳම පන්දු යැවීම ලෙස සටහන් වේ.

කඩුලු 5 කට ලකුණු 298 ක් තිබියදී දෙවැනි දිනය ඇරඹී ඔස්ට්‍රේලියානු පිල වෙනුවෙන් ස්ටීවන් ස්මිත් ලකුණු 145 ක් ලබා ඉනිම නොබිඳිව තබා ගත්තේය. හතරේ පහර 16 ක් සමග පන්දු 272 කදී වාර්තා වුණු ස්ටීවන් ස්මිත් 6 වැනි කඩුල්ල වෙනුවෙන් ඇලෙක්ස් කේරී සමඟ රැස් කරන ලද ලකුණු 77 ක සම්බන්ධතාව බිඳ වැටීමෙන් පසු ඔස්ට්‍රේලියානු ඉනිම ඉක්මනින් නිමාවට පත්විය. කේරිගේ දැවී යෑමෙන් පසු ඔස්ට්‍රේලියාවට රැස් කර ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 36 ක් පමණි.

පළමු දිනයේ දැවී ගිය කඩුලු 5 න් 3 ක් දවා ගත් ජයසූරිය අද දිනයේ දැවී ගිය කඩුලු 5 න් 3 කට හිමිකම් කීම විශේෂත්වයක් විය. දිනයේ පළමු කඩුල්ල ලෙස ඇලෙක්ස් කේරි (28) දවා ගත් ෂෙහාන් පසුව මිචෙල් ස්ටාක් සහ නේතන් ලයන්ගේ කඩුලු දවා ගනිමින් සිය වාර්තා ගත පන්දු යැවීම සටහන් කර ගත්තේය. ජයසූරියගේ කඩුලු හරඹයට අමතරව කසුන් රජිත සහ මහීෂ් තීක්ෂණ සෙසු කඩුලු දවා ගත්හ. තීක්ෂණගේ මංගල කඩුල්ල බවට පත්වූයේ ඔස්ට්‍රේලියානු පිලේ අවසන් ිතිකරුවා වූ මිචෙල් සවෙප්සන් විය.

ඔස්ට්‍රේලියාව පන්දුවාර 110 කදී සියලු දෙනා දැවී ලකුණු 364 යි – ස්ටිවන් ස්මිත් (නොදැවී) 145, මානස් ලබුෂේන් 104, අලෙක්ස් කේරි 28, උස්මාන් කවාජා 37, ප්‍රභාත් ජයසූරිය 118/6, කසුන් රජිත 70/2, රමේෂ් මෙන්ඩිස් 117/1, මහීෂ් තීක්ෂණ 48/1)

Recent Posts

  • ශ්‍රී ලංකාව පන්දු යැවීමට තීරණය කරයි
    නවසීලන්තයට එරෙහිව ඕක්ලන්ඩ්හිදී පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීම සඳහා සත්කාරක නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කර සිටියේය. මෙම […]
  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest