slc
Home   |    News
ජූලි 23, 2022
ටෙස්ට් 100 ක් ගහපු 6 වැන්නා වෙන මැතිව්ස්ට තරගයට පෙර ‘උපහාරයක්’

sinhala editor

හෙට දිනයේදී තම 100 වැනි ටෙස්ට් තරගයට සහභාගිවන ඇන්ජලෝ මැතිව්ස්ට උපහාර දැක්වීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින්, උපහාර දැක්වීමේ උත්සවයක් සංවිධානය කර තිබේ. පාකිස්තානයට එරෙහිව හෙට ආරම්භ වන දෙවැනි ටෙස්ට් තරගයේ ආරම්භයට පෙර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී මෙම උපහාර උත්සවය පැවැත්වෙනු ඇත.

ශ්‍රී ලංකාව ‌වෙනුවෙන් ටෙස්ට් තරග 100 කට ක්‍රීඩා කරන ලද 6 වැනි ක්‍රීඩකයා ලෙසින් හෙට දිනයේදී ඉතිහාසගත වන ඇන්ජලෝ මැතිව්ස්ට විශේෂ සැලකිල්ලක් දක්වමින් මෙම චාම් උත්සවය, ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් සංවිධානය කරනු ඇත.

මෙම අවස්ථාව සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජාත්‍යන්තර ක්‍රිකට් අංශය පිළිබද ප්‍රධානී උප සභාපති ආචාර්ය ජයන්ත ධර්මදාස මහතා සහ හිටපු වේග පන්දු යවන ක්‍රීඩක චමින්ද වාස් මහතා මෙම අවස්ථාවට විශේෂ ආරාධිතයින් ලෙස සහභාගිවේ. ඊට අමතරව දෙපිළේ ක්‍රීඩකයින් සහ ඇන්ජලෝ මැතිව්ස්ගේ පවුලේ උදවිය ද මෙම උත්සවය සදහා සහභාගිවීමට නියමිතව තිබේ.

Recent Posts

  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
  • නැගීඑන ශූරතාව මුවර්ස් දිනා ගනියි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ජයග්‍රහණය ලැබූ මුවර්ස් ක්‍රීඩා සමාජය මේ වසරේ […]
  • අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ […]
  • දිමුත් සහ චන්දිමාල් ‘විස්ඩන්’ ලෝක කණ්ඩායමට
    ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest