slc
Home   |    News
ජූලි 9, 2022
දිමුත් සහ කුසල් ශ්‍රී ලංකාව අවධානමෙන් මුදවා ගනිති

sinhala editor

දිමුත් කරුණාරත්න සහ කුසල් මෙන්ඩිස් එක්ව දෙවැනි කඩුල්ල වෙුනවෙන් රැස් කරන ලද ලකුණු 152 ක අගනා සම්බන්ධතාව නිසා ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අවසනදී සැනසිලිදායී තත්ත්වයකට පැමිණීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබිණ. ලකුණු 364 ක පළමු ඉනිමේ ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායම දිනය නිමා වන විට කඩුලු 2 කට ලකුණු 184 ක් ලබා ඔස්ට්‍රේලියානු පළමු ඉනිමට වඩා තවත් ලකුනු 180 ක් පිටුපසින් සිටියි.

ගලීහි හි පන්දු රැකි කැමරන් ග්‍රීන් රැග ගන්නා ලද උඩ පන්දුවක් සමග මුලු ලකුණු සංඛ්‍යාව 12 ක්ව තිබියදී පැතුම් නිස්සංක දැවී ගියේය. අනතුරුව දිමුත්ට එකතුවුණු කුසල් මෙන්ඩිස් දුර්වල පන්දු දුටු විට හතරෙ පහර එල්ල කරමින්ද අනෙකුත් අවස්ථාවන් වලදී ලකුණින් ලකුණු එකතු කරමින් ශ්‍රී ලංකා ඉනිම ගොඩ දැමීය.

මන්දගාමීව ආරම්භ වුණු මෙම සම්බන්ධතාවයේදී තණතීරුව ඇසට හුරුවීමත් සමඟ ඔවුහු අපේක්ෂා කළ වේගය කරා ගියත් ශතකයට ලකුණු 14 ක් තිබියදී දිමුත්ව දවා ගැනීමට ස්වෙප්සන් සමත් වූවේය. මේ අනුව ඔහුට 15 වැනි ශතකය පසෙක තබා 30 වැනි අර්ධ ශතකයෙන් පමණක් සෑහීමකට පත්වීමට සිදුවූවේය. හතරේ පහර 10 ක් ද සමඟ පන්දු165 ක් පුරා විහිදුණු දිමුත්ගේ ඉනිම ලකුණු 86 දී නිමාවට පත්වූයේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවීම නිසාය.

තරගය නිමා කරන විට ලකුණු 84 ක් ලබා සිය ඉනිම සජීවීව තබා ගැනීමට මෙන්ඩිස් සමත්වූවේය. පන්දු 152 ක් පුරා විහිදුණු මෙන්ඩිස්ගේ ඉනිම හතරේ පහර 9 කින් වර්ණවත් විය. මෙන්ඩිස් සමග අනෙක් අන්තයේ රැඳී සිටින මැතිව්ස් ලකුණු 06 ක් ලබා සිටියි.

දෙවැනි දින උදෑසන ලකුණු 66 ක් ලබා ගන්නා අතරතුරදී ඔස්‌ට්‍රේලියානු ලකුණු පුවරුව ලකුණු 364 දී නිමාවට පත් කිරීමට ප්‍රභාත් ජයසූරිය ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ. ඔස්ට්‍රේලියානු ඉනිම නවතාලීම වෙනුවෙන් කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වුණු ප්‍රභාත් ජයසූරිය ලකුණු 118 කට ඔස්ට්‍රේලියානු පිතිකරුවන් හය දෙනෙකු දවා ගත්තේ ජ්‍යෙෂ්ඨ පන්දු යවන්නන් රහිතව තරග වැදි තරගයේදී තමා පිළිබඳව තැබූ විශ්වාසයට සියයට සියයකට සාධාරණයක් ඉටු කරමිනි.

මංගල ටෙස්ට් තරගයකට සහභාගිවෙමින් යවන ලද පළමු ඉනිමේදීම ශ්‍රී ලංකා පන්දු යවන්නකු වාර්තා කරන ලද දෙවැනි හොඳම පන්දු යැවීම අද දිනයේ වාර්තා කිරීමට ජයසූරිය සමත්වූවේය. ‌බංග්ලාදේශයට එරෙහිව 2020 වසරේ පැවැති ටෙස්ට් තරගාවලියේ දී ජයවික්‍රම ලකුණු 61 කට දවාගන්නා ලද කඩූ 6 ශ්‍රී ලංකා පන්දු යවන්නකු සිය භෞතීස්මයේදී වාර්තා කරන ලද හොඳම පන්දු යැවීම ලෙස සටහන් වේ.

කඩුලු 5 කට ලකුණු 298 ක් තිබියදී දෙවැනි දිනය ඇරඹී ඔස්ට්‍රේලියානු පිල වෙනුවෙන් ස්ටීවන් ස්මිත් ලකුණු @ ක් ලබා ඉනිම නොබිඳිව තබා ගත්තේය. හතරේ පහර 16 ක් සමග පන්දු 272 කදී වාර්තා වුණු ස්ටීවන් ස්මිත් 6 වැනි කඩුල්ල වෙනුවෙන් ඇලෙක්ස් කේරී සමඟ රැස් කරන ලද ලකුණු 77 ක සම්බන්ධතාව බිඳ වැටීමෙන් පසු ඔස්ට්‍රේලියානු ඉනිම ඉක්මනින් නිමාවට පත්විය. කේරිගේ දැවී යෑමෙන් පසු ඔස්ට්‍රේලියාවට රැස් කර ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 36 ක් පමණි.

පළමු දිනයේ දැවී ගිය කඩුලු 5 න් 3 ක් දවා ගත් ජයසූරිය අද දිනයේ දැවී ගිය කඩුලු 5 න් 3 කට හිමිකම් කීම විශේෂත්වයක් විය. දිනයේ පළමු කඩුල්ල ලෙස ඇලෙක්ස් කේරි (28) දවා ගත් ෂෙහාන් පසුව මිචෙල් ස්ටාක් සහ නේතන් ලයන්ගේ කඩුලු දවා ගනිමින් සිය වාර්තා ගත පන්දු යැවීම සටහන් කර ගත්තේය. ජයසූරියගේ කඩුලු හරඹයට අමතරව කසුන් රජිත සහ මහීෂ් තීක්ෂණ සෙසු කඩුලු දවා ගත්හ. තීක්ෂණගේ මංගල කඩුල්ල බවට පත්වූයේ ඔස්ට්‍රේලියානු පිලේ අවසන් පිතිකරුවා වූ මිචෙල් සවෙප්සන් විය.

ඔස්ට්‍රේලියාව පන්දුවාර 110 කදී සියලු දෙනා දැවී ලකුණු 364 යි – ස්ටිවන් ස්මිත් (නොදැවී) 145, මානස් ලබුෂේන් 104, අලෙක්ස් කේරි 28, උස්මාන් කවාජා 37, ප්‍රභාත් ජයසූරිය 118/6, කසුන් රජිත 70/2, රමේෂ් මෙන්ඩිස් 117/1, මහීෂ් තීක්ෂණ 48/1)

ශ්‍රී ලංකාව පන්දුවාර 63 දී කඩුලු 2 ට ලකුණු 184 යි – (කුසල් මෙන්ඩිස් නොදැවී 84, දිමුත් කරුණාරත්න 86, පැතුම් නිස්සංක 6, ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 06, මිචෙල් ස්ටාක් 28/1, මිචෙල් ස්වෙප්සන් 31/1)

Recent Posts

  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර අද (20 දා) ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
  • ශ්‍රී ලංකාව ඉනිමකින් පරාජය කළ නවසීලන්තයට පූර්ණ ටෙස්ට් තරගාවලි ජයක්
      දෙවැනි ඉනිමේදී පිතිකරුවන් ධෛර්යවන්ත පිතිහරඹයක නිරත වූවත් පළමු ඉනිමේ වූ අතපසුවීම මඟහරවා ගැනීමට නොහැකිවීම නිසා වෙලිංටන් නුවරදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිමක […]
  • 23 න් පහළ අවසන් සටන හෙට සහ අනිද්දා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම නැගී ලීග් ක්‍රිකට් තරගාවලියේ මූවර්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය අතර අවසන් මහා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest