slc
logo
Home   |    News
ජූලි 2, 2022
දුනිත් සහ අකිල අනපේක්ෂිත ජයක් කරා කෝල්ට්ස් පිල රැගෙන යයි

sinhala editor

By Chamila Karawita

දුනිත් වෙල්ලාලගේ සහ අකිල ධනංජය ‌දෙදෙනා කඩුලු 5 බැගින් දවා ගැනීමට සමත්වීමත් සමඟ අන්තර් සමාජ ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ සෙබ්තියනය්ට්ස් පිලට එරෙහිව පැවැති තරගයෙන් ලකුණු 10 ක තියුණු ජයක් වාර්තා කිරීමට කෝල්ට්ස් කණ්ඩායමට හැකියාව ලැබිණ.

ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි දිනය වූ ජූලි 01 වැනිදා පැවැති තරග අතරින් අඩු ලකුණු සංඛ්‍යාවන් වාර්තා වෙමින් නිමාවට පත්වීම නිසා මෙම කණ්ඩායම් අතර තරගයට විශේෂ අවධානයක් යොමු විය.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් කෝල්ට්ස් ක්‍රීඩා සමාජය පන්දුවාර 25.1 කදී ලකුණු 79 කට සීමා වූ නමුදු එය හඹා යෑමේදී සෙබස්තියනය්ට්ස් පිල පන්දුවාර 22.5 කදී ලකුණු 69 කට සීමා කිරීමට අකිල සහ දුනිත් සමත්වූහ. පන්දුවාර 9.5 ක් යැවූ තවමත් 19 වියේ පසුවන වෙල්ලාලගේ ලකුණු 21 කට කඩුලු 5 ක් දවා ගනිද්දී පන්දුවාර 9 ක් ක්‍රියාත්මක කළ අකිල ලකුණු 31 කට කඩුලු 5 ක් දවා ගත්තේය.

මේ අතර චිලව් මේරියන්ස් ක්‍රීඩා සමාජයේ කසුන් විදුර මෙදින වැඩිම ලකුණු ලාභි පිතිකරුවා බවට පත්වූයේ ගුවන් හමුදා පිලට එරෙහිව පන්දු 131 කදී ලකුණු 140 ක් ලබා ගනිමිනි. හතරේ පහර 12 ක් සහ හයයේ පහර 3 ක් ඇතුළතු වුණු කසුන්ගේ ලකුණු ලබා ගැනීමේ වේගය 106.87 ක් ලෙසින් සටහන් විය.

විස්සයි-20 ශූරයින් බවට පත් වුණු ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායමේ අසේල ගුණරත්න (89), තිසර පෙරේරා (64), ලක්ෂාන් එදිරිසංහ (78) අර්ධ ශතක වාර්තා කිරීම නිසා නුගේගොඩ පිලට එරෙහිව කඩුලු 9 ට ලකුණු 352 ක් වාර්තා කිරීමට සමත් වූ අතර එය හමා යෑමේදී අසන්ක මනෝජ් කඩුලු 4 ක් සහ සුමින්ද ලක්ෂාන් කඩුලු 2 ක් බිඳ හෙළීම නිසා නුගේගොඩ කණ්ඩායමට රැස් කරගත හැකි වූයේ ලකුණු 149 ක් පමනි. මේ නිසා ලකුණු 176 ක දැවැන්ත තරග ජයක් වාර්තා කිරීමට යුද හමුදා කණ්ඩායමට හැකියාව ලැබිණ.

කෝල්ට්ස් පිලට ලකුණු 10ක ජයක්

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය පන්දුවාර 25.1 කදී ලකුණු 79 යි – රවිඳු රසන්ත 28, අක්තාබ් කාදර් 24/4, ශශ්‍රික පුස්සේගොල්ල 05/2, තරිඳු රත්නායක 24/2

සෙබස්තියනයිට්ස් පන්දුවාර 22.5 කදී ලකුණු 69 යි – තරිඳු රත්නායක 22, දුනිත් වෙල්ලාලගේ 21/5, අකිල ධනංජය 31/5

සී.සී.සී පිලට ලකුණු 88 ක ජයක්

සීසීසී පන්දුවාර 50 කදී කඩුලු 7 ට ලකුණු 296 යි – මිනෝද් භානුක 67, ලසිත් අබේරත්න 51, පවන්ත වීරසිංහ 47, පවන් රත්නායක 37, නිමේෂ ගුණසිංහ 35, මෙතුෂාන් තිළිණ 40/2, අවිශ්ක හසරින්ද 41/2

කැන්ඩි කස්ටම්ස් පන්දුවාර 50 කදී කඩුලු 8 ට ලකුණු 208 යි – සලිඳු පතිරණ 72, අවිශ්ක හසරින්ද 35, මිතුන් ජයවික්‍රම 29, සජිත් ප්‍රියාල් 28, නුවන් තුෂාර 27/2, පවන්ත වීරසිංහ 29/2, ලක්ෂාන් සඳකැන් 40/2

එස්.එස්.සී, පිලට ලකුණු 110ක ජයක්

එස්.එස්.සී. පන්දුවාර 46.1 කදී ලකුණු  214 යි – ලක්ෂිත මානසිංහ 78, ක්‍රිෂාන් සංජුල 39, කේෂාන් විජේරත්න 30, පූර්ණ වන්නිතිලක 33/3, තුෂිර මදනායක 22/2, යසිරු රුද්‍රිගු 37/2, රජීව වීරසිංහ 55/2

ලන්කන් පන්දුවාර 29 කදී ලකුණු 104 යි – කසුන් අබේරත්න 43, යෙසිත් රූපසිංහ 21, ප්‍රභාත් ජයසූරිය 11/2, කේෂාන් විජේරත්න 16/2, සම්මු අශාන් 17/2

යුධ හමුදාවට ලකුණු 176ක ජයක්

යුධ හමුදාව පන්දුවාර 50 කදී කඩුලු 9 ට ලකුණු 325 යි – අසේල ගුණරත්න 89, ලක්ෂාන් එදිරිසිංහ 78, තිසර පෙරේරා 64, සුමින්ද ලක්ෂාන් 36, චමින්ද බණ්ඩාර 66/4, නවීන් ප්‍රනාන්දු 61/3

නුගේගොඩ පන්දුවාර 35.3 කදී ලකුණු 149 යි – කෙවින් පෙරේරා 47, භාග්‍ය ​​දිසානායක 30, රනිත ලියනාරච්චි 20, අසංක මනෝජ් 59/4, සුමින්ද ලක්ෂාන් 24/2

බී.ආර්.සී. පිලට කඩුලු 7ක ජයක්

කුරුණෑගල තරුණ පන්දුවාර 41.3 කදී ලකුණු 147 යි – ධනුෂ්ක ධර්මසිරි 43, අසිත වන්නිනායක 20, ගයාන් මනීෂාන් 20, මල්ක මධුසංක 10/3, දුවිඳු තිලකරත්න 09/2, තිලකරත්න සම්පත් 19/2, උමේෂ්ක මොරායස් -03/2

බී.ආර්.සී. පන්දුවාර 24.2 කදී කඩුලු 3 කට ලකුණු  150 යි – තිලකරත්න සම්පත් 80

පොලිස් එස්.සී පිලට කඩුලු 3ක ජයක්

බ්ලූම්ෆීල්ඩ් පන්දුවාර 50 කදී කඩුලු 6 ට ලකුණු 205/6 යි මාධව වර්ණපුර 85, රන්මිත් ජයසේන 74*, අශාන් ප්‍රනාන්දු 23, ලහිරු දියන්ත 19/2, නුවන් ප්‍රදීප් 41/2

පොලිස් කණ්ඩායම පන්දුවාර 49.4 කදී කඩුලු 7 ට ලකුණු 206 යි – සමන් කුමාර 58, දිල්හාර පොල්ගම්පොළ 50, චාමර සිල්වා 50, මාධව වර්ණපුර 21/2, චානක කොමසරු 26/2

ගාල්ලට කඩුලු 4ක ජයක්

රාගම පන්දුවාර 50 කදී කඩුලු 9 ට ලකුණු 266 යි – ජනිත් ලියනගේ 89, තෙවිඳු දික්වැල්ල 54, නිශාන් මධුෂ්ක 43, අවිශ්ක තරිඳු 39, රවිඳු සෙම්බුකුට්ටිගේ 18/2, රවිෂ්ක විජේසිරි 38/2, රජිත් ප්‍රියාන් 48/2

ගාල්ල පන්දුවාර 45.1 කදී කඩුලු 6 ට ලකුණු 267 යි – රවිෂ්ක විජේසිරි 70*, සමීන් කඳනේආරච්චි 65, රවිඳු සෙම්බුකුට්ටිගේ 47, හරීන් බුද්දිල 30, ජනක සම්පත් 36/2, ජනිත් ලියනගේ 44/2

පානදුරට කඩුලු 3 ක ජයක්

මීගමුව  පන්දුවාර 34.3 කදී ලකුණු 152 යි – ජීවක ශෂේන් 59, දිලාශ්‍රී ලොකුබණ්ඩාර 40, රොෂාන් විජේනායක 11/2, නිමේෂ් විමුක්ති 18/2, කොෂාන් ධනුස්ක 18/2, ධනුෂ්ක රණසිංහ 32/2

පානදුර පන්දුවාර 34.5 කදී කඩුලු 7 ට ලකුණු 156 යි – පාර්ත් පලාවත් 57, ලක්ෂාන් රුද්‍රිගු 45, ධනුෂ්ක සඳරුවන් 31/2, පසිඳු උෂෙට්ටිගේ 41/2

ටැමිල් යූනියන් පිලට කඩුලු 8ක ජයක්

කළුතර නාගරික පන්දුවාර 36 කදී ලකුණු  108 යි විශාර ප්‍රනාන්දු 45, දිල්රුවන් පෙරේරා 17/4, නවෝද් පරණවිතාන 06/2, දිලුම් සුදීර 22/2

ටැමිල් යූනියන් පන්දුවාර 27 කදී කඩුලු 2 ට ලකුණු 109 යි – රොන් චන්ද්‍රගුප්ත 67*, සන්තුෂ් ගුණතිලක 26*

එන්.සී.සී. පිලට කඩුලු 3ක ජයක්

සැරසන්ස් ක්‍රීඩා සමාජය පන්දුවාර 50 කදී කඩුලු 9 ට ලකුණු 238 යි –  මොහොමඩ් වකාස් 73, සිතාර ගිම්හාන 38, ආකාෂ් සේනාරත්න 29, තවීෂ කහදුවාරච්චි 24, අසේල් සිගේරා 36/4, අෂියන් ඩැනියෙල් 31/2

එන්.සී.සී. පන්දුවාර 48.3 කදී කඩුලු 7 ට ලකුණු  244 යි – සඳුන් වීරක්කොඩි 60, ලහිරු උදාර 35, කවින් බණ්ඩාර 24, ගිහාන් ඊබට් 46/3

ඒස් කැපිටල්ට ලකුණු 108ක ජයක්

ඒස් කැපිටල් පන්දුවාර 50 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 324 යි – සකුණ ලියනගේ 78*, දුලීකා තිස්සකුට්ටිගේ 56, තනුක දාබරේ 37, ෂෙහාන් ප්‍රනාන්දු 36, ප්‍රමුද් හෙට්ටිවත්ත 34, ලසිත් කෲස්පුල්ලේ 26

මුවර්ස් ක්‍රීඩා සමාජය පන්දුවාර 29 කදී ලකුණු 216 පසිඳු සූරියබණ්ඩාර 64, පබසර වඩුගේ 42, මොහොමඩ් ෂාමාස් 29, තනුක දාබරේ 2/27

චිලව් මේරියන්ස්ට ලකුණු 99 ක ජයක්

චිලව් මේරියන්ස්  පන්දුවාර 50 කදී කඩුලු 7 ට ලකුණු 294 යි –  කසුන් විදුර 140, ගෞරව් ජාතර් 49, අනුජ් ජෝතින් 47*, හරිඳු ජයසේකර 27, දුලංජන මෙන්ඩිස් 48/2, ගයාන් සිරිසෝම 65/2

ගුවන් හමුදාව පන්දුවාර 50 කදී කඩුලු 9 ට ලකුණු 195/9 යි – සිතිජ චමෝද් 51, දේශාන් ප්‍රනාන්දු 33, රාජිත රත්නායක 24, සචින් ප්‍රනාන්දු 22, කවිඳු දිල්හාර 31/2, පුලින තරංග 38/2

Active filters

Recent Posts

  • අතරගල්ල දඹුල්ලේ පෙරමුණ පෙරළයි
    කොළඹ එස්.එස්.සි. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් අවසන් මහ තරගයේ දෙවැනි දිනට ක්‍රීඩාව නතර කර දමනා විට ගෝල් කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් ලබා දුන් ලකුණු 371 ක […]
  • බංග්ලාදේශ යොවුන් ක්‍රීඩකයෝ එකට එක කරයි
    බංග්ලාදේශ යොවුන් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ යටතේ අද (28 දා) කොළඹ සී. සී. සී. ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි නිල නොවන යොවුන් එක්දින තරගයේදී ශ්‍රී ලංකා යොවුන් පිල පරදා කඩුලු 9 […]
  • දඹුලු  පන්දු යවන්නෝ ගාලු ඉදිරි පෙළ මෙල්ල කරති
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේ පළමු දිනය බවට පත්වූ අද (27 දා) දිනයේදී තරගය නිමා කරන විට පළමුව […]
  • පිතිකරණයේ දුර්වලතාවයෙන් පළමු ජය ශ්‍රී ලංකාවට අහිමි වෙයි
    කඩුලු අතර ශක්තිමත් සම්බන්ධතාවන් ගොඩ නඟා ගැනීමට අපොහොස්ත්වීම ප්‍රධාන කොට සර්වෝ කුසලාන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අද (27 දා) පැවැති පළමු […]
  • විශ්මිගේ තැන හසිනිට
    සර්වෝ කුසලාන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකාව සහ ඉන්දීය කාන්තා කණ්ඩායම් අතර තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා තරගය නියමිත වේලාවට ආරම්භ කිරීමට […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee