slc
logo
Home   |    News
ජූලි 6, 2022
දෙවැනි ටෙස්ට් තරගයට තවත් වමතෙක්

sinhala editor

අනිද්දා (08 දා) ගාල්ලේදී ආරම්භ වන වෙැනි ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා නම් කර ඇති වමත් දඟ පන්දු යවන දුනිත් වෙල්ලාලගේට අමතරව තවත් වමතින් දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරියව කැඳවීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. එස්.එස්.සී. කණ්ඩායම නියෝජනය කරන ප්‍රභාත් අද (06) වැනිදා සිට කණ්ඩායම සමඟ පුහුණුවීම් ආරම්භ කරනු ඇත.

පළමු පෙළ තරග 62 කට ක්‍රීඩා කර ඇති වමත් දඟ පන්දු යවන්නා කඩුලු 234 ක් දවාගැනීමට සමත්ව සිටියි. ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර තරග 2 කට ක්‍රීඩා කර ඇති ප්‍රභාත් ඉකුත්දා නිමාවට පත් වුණු නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ කලම්බු කණ්ඩායම නියෝජයන කරමින් දක්ෂතම පන්දු යවන්නා සම්මානයෙන් පිදුම් ලැබීය. තරග 4 ක් නියෝජනය කළ ප්‍රභාත් බිද හෙළන ලද කඩුලු සංඛ්‍යාව 26 කි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරාගවලිය නියෝජනය කළ ප්‍රභාත් ඊයේ (05 දා) කලුතර නාගරික කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදී ලකුණු 17 කට කඩුලු 7 ක් දවා ගනිමින් පන්දු යැවීමෙන් කැපී පෙනිණ.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee