slc
logo
Home   |    News
ජූලි 28, 2022
දෙවැනි ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 246 ක විශිෂ්ඨ ජයක්

sinhala editor

පාකිස්තානු දෙවැනි ඉනිමේ දැවී ගිය කඩුලු 10 න් 9 ක්ම දවා ගැනීමට ප්‍රභාත් ජයසූරිය සහ රමේෂ් මෙන්ඩිස් සමත්වීම නිසා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ අද (28 දා) නිමාවට පත් වුණු දෙවැනි ටෙස්ට් තරගයෙන් පාකිස්තානය පරදා ලකුණු 246 ක විශිෂ්ඨ තරග ජයක් වාර්තා කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 508 ක ඉලක්කයක් හඹා ගිය පාකිස්තානු කණ්ඩායමේ දෙවැනි ඉනිම 261 කදී නතර කර දැමීමට ශ්‍රී ලංකා දඟ පන්දු යුගලය සමත්විය. බාබර් අසාම් සහ මොහොමඩ් රිස්වාන් අතර තෙවැනි කඩුල්ලට ගොඩ නැංවුණු ලකුණ 79 ක සම්බන්ධතාව හැරුණු කොට එකම පාකිස්තානු පිතිකරුවකුට ප්‍රභාත් සහ රමේෂ්ගේ අභියෝගය හමුවේ එරෙහි වීමට නොහැකි විය. මෙම ටෙස්ට් තරගයේ පාකිස්තානු පිලේ දැවී ගිය කඩුලු 20 න් 17 ක්ම රමේෂ් මෙන්ඩිස් සහ ප්‍රභාත් ජයසූරිය විසින් දවා ගැනීම කැපී පෙනෙයි.

ශ්‍රී ලංකාවේ නවතම දඟ පන්දු‌ සොයා ගැනීම වන ප්‍රභාත් ජයසූරිය ලකුණු 117 කට කඩුලු 5 ක් ද පළමු ඉනිමේදීි කඩුලු 5 ක් දවා ගත් රමේෂ් මෙන්ඩිස් ලකුණු 101 කට කඩුලු 4 ක් ද දවාලූහ. ජයසූරියගේ දක්ෂතාවය සටහන් වූයේ ඉනිම 6 ක් තුළ කඩුලු 5 කට වඩා දවා ගන්නා ලද සිව්වැනි අවස්ථාව ලෙසිනි.

පාකිස්තානු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ නායක බාබර් අසාම් වන අතර ඔහු පන්දු 146 කදී ලකුණු 81 ක් ලබා ගත්තේය. දඟ පන්දු යවන්නන්ට හොඳින් පන්දුවට පහර දිය හැකි යැයි නම් දරා සිටින ෆාවඩ් අලාම් දුවද්දී දැවී යෑම හැරුණු කොට සෙසු සියල්ලෝම ප්‍රභාත් – රමේෂ්ගේ ගොදුරු බවට පත්වූහ.

බාබර් ලකුණු 34 ක් ලබා සිටියදී ජයසූරියගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදකට හසුවූයේ යැයි විනිසුරු රොඩ් ටකර් මහතා සංඡා කළේය. එහෙත් පුණරූපණවලට අනුව එම පන්දුවේ පසු ගමනය කඩුල්ලෙන් ඉවතට යන බවට පෙන්නුම් වීම හේතුවෙන් තවදුරටත් පිටියේ රැදී සිටීමට පාකිස්තානු නායකයා වාසනාවන්ත විය. කෙසේ වෙතත් ජයසූරියගේ පන්දුවක් හමුවේ ම කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව බාබර් දැවී යන විට තම 23 වැනි අඅර්ධ ශතකය වාර්තා කරගෙන සිටියේය.

දිනය පළමු කඩුල්ල ලෙස ඉමාම් උල් හක් ලකුණු 49 ක් ලබා සිටියදී රමේෂ්ගේ පන්දුවක් හමුවේ දැවී ගියේය. අනතුරුව මොහොමඩ් රිස්වාන්ව දවා ගැනීමට ජයසූරිය සමත්වීමත් සමග තරගයේ වැඩි වාසි ශ්‍රී ලංකාව වෙත දෝලනය විය. කෙසේ වෙතත් ග්‍රහණය අත් නොහළ වමත් – දකුණත් දඟ පන්දු යුගල දිවා විවේකය වන විට ම පාකිස්තානු පිලේ කඩුලු 5 ක් ලකුණු 188 ක් වන විට දවා ගැනීමට සමත්වූහ. දිවා ආහාරයෙන් පසු පාකිස්තානු ඉනිම දීර්ඝ වූයේ පන්දුවාර 17.5 ක් පමණි.

මෙම තරගයෙන් ශ්‍රී ලංකාව ජය ගැනීමත් සමග තරග 2 කින් සමන්විත දෙරට අතර ටෙස්ට් තරගාවලිය 1-1 ක් ලෙස සමව අවසන් කර ගැනීමට අවස්ථාව උදාවිය. තරගයේ වීරයා ලෙස දෙවැනි ඉනිමේදී ලකුනු 109 ක් වාර්තා කළ ධනංජය ද සිල්වා සම්මාන දිනා ගනිද්දී තරගාවලීයේ වීරයා ලෙසින් ප්‍රභාත් ජයසූරිය සම්මාන දිනා ගත්තේය.

ශ්‍රී ලංකාව පළමු ඉනිම පන්දුවාර 103 කදී සියලු දෙනා දැවී ලකුණු 378 යි – (ඕෂධ ප්‍රනාන්දු 50, දිමුත් කරුණාරත්න 40, කුසල් මෙන්ඩිස් 03, ඇන්ජලෝ මැතිව්ස් 42, දිනේෂ් චන්දිමාල් 80, ධනංජය ද සිල්වා 33, නිරෝෂන් දික්වැල්ල 51, දුනිත් වෙල්ලාලගේ 11, රමේෂ් මෙන්ඩිස් 35, ප්‍රභාත් ජයසූරිය 08, අසිත ප්‍රනාන්දු (නොදැවී) 04, නසීම් ෂා 58/3, යසීර් ෂා 83/3, මොහොමඩ් නවාස් 80/2, නවුමන් අලී 64/1)

පාකිස්තානය පන්දුවාර 88.1 කදී සියලු දෙනා දැවී ලකුණු 231 යි – (අබ්දුල්ලා ශෆීක් 00, ඉමාම් උල් හක් 32, බාබර් අසාම් 16, මොහොමඩ් රිස්වාන් 24, ෆාවාඩ් අලාම් 24, අඝා සල්මාන් 62, මොහොමඩ් නවාස් 12, යසීර් ෂා 26, හසන් අලී 21, නවුමන් අලී 01, නසීම් ෂා (නොදැවී) 04, රමේෂ් මෙන්ඩිස් 47/5, ප්‍රභාත් ජයසූරිය 80/3, අසිත ප්‍රනාන්දු 62/1, ධනංජය ද සිල්වා 15/1)

ශ්‍රී ලංකාව දෙවැනි ඉනිම පන්දුවාර 91.5 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 360 යි – (නිරෝෂන් දික්වැල්ල 15, ඔෂධ ප්‍රනාන්දු 19, කුසල් මෙන්ඩිස් 15, අන්ජලෝ මැතිව්ස් 35, දිනේෂ් චන්දිමාල් 21, දිමුත් කරුණාරත්න 61, ධනංජය ද සිල්වා 109, රමේෂ් මෙන්ඩිස් (නොදැවී) 45, නසීම් ෂා 44/2, යසීර් ෂා 80/1, මොහොමඩ් නවාස් 75/2, අඝා සල්මාන් 41/1, නවුමන් අලී 54/1)

පාකිස්තානය දෙවැනි ඉනිම පන්දුවාර 77 කදී සියලු දෙනා දැවී ලකුණු 261 යි – (අබ්දුල්ලා ශෆීක් 16, ඉමාම් උල් හක් 49, බාබර් අසාම් 81, මොහොමඩ් රිස්වාන් 37, ෆාවඩ් අලාම් 01, අඝා සල්මාන් 04, මොහොමඩ් නවාස් 12, යසීර් ෂා 27, හසන් අලී 11, නවුමන් අලී (නොදැවී) 00, නසීම් ෂා 18, ප්‍රභාත් ජයසූරිය 117/5, ර‌මේෂ් මෙන්ඩිස් 101/4)

Active filters

Recent Posts

  • බංග්ලාදේශය ලකුණු 187 කින් පෙරමුණට
    ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී ලකුණු 10 ක පළමු ඉනිමේ වාසියද සමඟ නැවතත් සිය දෙවැනි ඉනිම ආරම්භ කළ බංග්ලාදේශ කණ්ඩායම තරගයේ සිව්වැනි දිනය වූ අද (20 […]
  • එක්දින සහ විස්සයි-20 ප්‍රවේශ පත්‍ර අලෙවිය 24 වැනිදා සිට
    බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැත්වෙන එක්දින සහ විස්සයි-20 තරග සඳහා වන ප්‍රවේශ පත්‍ර අලෙවිය මේ ජුනි මස 24 වැනිදා සිට ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් […]
  • ලකුණු 250ක ඉලක්කයක් දුන්නොත් තරගයේ වැඩි වාසි අපිටයි
    – පැතුම් නිශ්ශංක බංග්ලාදේශයට එරෙහි පළමු ටෙස්ට් තරගයට තව දුරටත් හොදින් අවතීර්ණ වීමට නම් ශ්‍රී ලංකා පිල ලකුණු 200ක් 250ක් පමණ ඉදිරියෙන් සිට ඔවුන්ට තුන්වැනි ඉනිමේ පන්දුවට පහරදීමට […]
  • තරගයේ පාලනය ශ්‍රී ලංකාව අතට
    සංචාරක බංග්ලාදේශය ක්‍රිකට් පිල හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී  තෙවැනි දිනය වූ අද (19 වැනිදා) තරගය නිමාවෙද්දී තරගයේ පාලනය ශ්‍රී ලංකා කණ්ඩායම වෙත රඳවා ගැනීමට පිතිකරුවෝ […]
  • ගාලු තණතිල්ල තවමත් පිතිකරුවන්ට හිතකරයි – මිලාන් රත්නායක
    ගාලු තණතිල්ල තවමත් පිතිකරුවන්ට පාරාදීසයක් වන තත්ත්වයක ඇතැයි ශ්‍රී ලංකාව වෙනුවෙන් දෙවැනි වේග පන්දු යවන්නා ලෙසින් ක්‍රීඩා කළ මිලාන් රත්නායක පැවැසීය. බංග්ලාදේශ පිතිකරුවන් ‍හොඳින් පන්දුවට පහර දුන්නාසේම ශ්‍රී […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee