slc
logo
Home   |    News
ජූලි 14, 2022
ධනංජය – අසිත සහ වැන්ඩර්සි යළි ටෙස්ට් පිළට

sinhala editor

By Chamila Karawita

පාකිස්තානයට එරෙහිව ලබන16 වැනිදා ගාල්ලේදී ආරම්භ වන ටෙස්ට් තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම ප්‍රකාශයට පත් කර තිබේ. දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුතු මෙම කණ්ඩායම ක්‍රීඩකයින් 18 දෙනෙකුගෙන් සමන්විත වේ.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් පවත්වනු ලබන ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැත්වෙන මෙම තරගාවලිය ටෙස්ට් තරග 2 කින් සමන්විත වන අතර දෙවැනි ටෙස්ට් තරගය ලබන 24 වැනිදා කොළඹ, ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පෑවත්වේ.

ඔස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලංකාව ඉනිමක සහ ලකුණු 39 ක ජයක් වාර්තා කළ දෙවැනි ටෙස්ට් තරගයේදී මංගල ටෙස්ට් තරගයකදී වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවා ගනිමින් ලොව සිව්වැනියට හොඳම පන්දු යැවීම වාර්තා කළ ප්‍රභාත් ජයසූරියද වෙයි. ජයෂූරියට අමතරව දුනිත් වෙල්ලාලගේ කණ්ඩායමේ 18 දෙනා අතර ස්ථාන දිනා ගන්ද්දී ඔස්ට්‍රේලියාවට එරෙහිව ඉකුත්දා නිමාවට පත් වුණු ටෙස්ට් තරගාවලියේ පළමු තරගයට නම් කරන ලද ලසිත් ඇඹුලදෙනිය සහ තරගාවලිය අතරතුරදී කොවිඩ් ආසාධනය වුණු ප්‍රවීන් ජයවික්‍රම මෙම කණ්ඩායම සඳහා ඇතුළත් ව නොමැත.

ජයවික්‍රම ඊයේ (13 දා) කෝල්ට්ස් පිටියේ නිමාවට පත් වුණු තුන් දින තරගය සඳහා ක්‍රීඩා කළේය. ඊට අමතරව තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුනාරත්නද නම් කරන ද 18 අතර නොමැතිවීම කැපී පෙනෙයි. කරුණාරත්නද ඊයේ නිමාවට පත් වුණු පාකිස්තානු පිලට එරෙහි තුන් දින පුහුණු තරගය ක්‍රීඩා කළ නමුත් කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට අසමත්වූවේය.

‌මේ අතර කොවිඩි ආසාධනය වීම නිසා ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැති දෙවැනි ටෙස්ට් තරගයට සහභාගිවීමේ අවස්ථාව අහිමි ධනංජය ද සිල්වා, ජෙෆ්රි වැන්ඩර්සි සහ අසිත ප්‍රනාන්දු යළි කණ්ඩායමට පැමිණ සිටියි. කෙසේ වෙතත් ඔවුන්ගේ ආදේශක විසින් කණ්ඩායමට එක් කරන ලද ලක්ෂාන් සඳකැන් සහ, ලක්ෂිත මානසිංහව කණ්ඩායමට කැදවා නොමැත. පාකිස්තානු පිලට එරෙහිව පැවැති පුහුණු තුන් දින තරගයට ක්‍රීඩා කළ මානසිංහ පළමු ඉනිමේදී ලකුණු 85 කට පාකිස්තානු පිතිකරුවන්  සිව් දෙනෙකු ද දෙවැනි ඉනිමේදී එක් කඩුල්ලක්ද දවා ගැනීමට සමත්වූවේය.

  1. දිමුත් කරුණාරත්න (නායක)
  2. පැතුම් නිස්සංක
  3. ඔෂධ ප්‍රනාන්දු
  4. ඇන්ජලෝ මැතිව්ස්
  5. කුසල් මෙන්ඩිස්
  6. ධනංජය ද සිල්වා
  7. කමිදු මෙන්ඩිස්
  8. නිරෝෂන් දික්වැල්ල
  9. දිනේෂ් චන්දිමාල්
  10. රමේෂ් මෙන්ඩිස්
  11. මහීෂ් තීක්ෂණ
  12. කසුන් රජිත
  13. විශ්ව ප්‍රනාන්දු
  14. අසිත ප්‍රනාන්දු
  15. ඩිල්ෂාන් මදුශංක
  16. ප්‍රභාත් ජයසූරිය
  17. දුනිත් වෙල්ලාලගේ
  18. ජෙෆ්රි වැන්ඩර්සි

Active filters

Recent Posts

  • ඉන්දීය යොවුන් පිල ශ්‍රී ලංකාවට පැමිණෙයි
    ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ යොවුන් කණ්ඩායමට එරෙහිව එක්දින තරග තුනකට සහ සිව්දින තරග දෙකකට සහභාගිවීම සදහා ඉන්දීය අවුරුදු 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායම අද (30 දා) ශ්‍රී […]
  • ශ්‍රී ලංකාව ඉනිමක පරාජයෙන් බේරීමේ සටනක
    ශ්‍රී ලංකා පන්දු යවන්නන් දවස පුරාම දැඩි පීඩනයකට ලක් කළ අමීර් ජැන්ගූ සහ රොස්ටන් චේස්, හයවැනි කඩුල්ල සඳහා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ඉහළම ලකුණු සබඳතාව වන ලකුණු 401ක් ගොඩනඟමින් […]
  • අවු. 23 න් පහළ – එකම තරගයේ ශතක තුනක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැති රාගම සහ එන්.සී.සී කණ්ඩායම් අතර තරගයේදී දෙපිළේම පිතිකරුවන් තිදෙනෙකු ශතක වාර්තා කිරීමට […]
  • මල්ෂ සහ තිසරුගෙන් කැපී පෙනෙන දක්ෂතා
    ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ නිමා වූ සති අන්තයේදී පිතිකරණයෙන් සහ පන්දු යැවීමෙන් කැපී පෙනෙන දස්කම් දැක්වීමට මුවර්ස් […]
  • අවු. 23න් පහළ දෙදින තරගාවලියේ පළමු ජය එස්.එස්.සී. පිලෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට එස්.එස්.සී. කණ්ඩායම සමත්විය. පොලිස් ක්‍රීඩා සමාජයට එරෙහිව කඩුලු […]

Pin It on Pinterest

USD United States (US) dollar