slc
Home   |    News
ජූලි 14, 2022
ධනංජය – අසිත සහ වැන්ඩර්සි යළි ටෙස්ට් පිළට

sinhala editor

By Chamila Karawita

පාකිස්තානයට එරෙහිව ලබන16 වැනිදා ගාල්ලේදී ආරම්භ වන ටෙස්ට් තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම ප්‍රකාශයට පත් කර තිබේ. දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුතු මෙම කණ්ඩායම ක්‍රීඩකයින් 18 දෙනෙකුගෙන් සමන්විත වේ.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් පවත්වනු ලබන ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැත්වෙන මෙම තරගාවලිය ටෙස්ට් තරග 2 කින් සමන්විත වන අතර දෙවැනි ටෙස්ට් තරගය ලබන 24 වැනිදා කොළඹ, ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පෑවත්වේ.

ඔස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලංකාව ඉනිමක සහ ලකුණු 39 ක ජයක් වාර්තා කළ දෙවැනි ටෙස්ට් තරගයේදී මංගල ටෙස්ට් තරගයකදී වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවා ගනිමින් ලොව සිව්වැනියට හොඳම පන්දු යැවීම වාර්තා කළ ප්‍රභාත් ජයසූරියද වෙයි. ජයෂූරියට අමතරව දුනිත් වෙල්ලාලගේ කණ්ඩායමේ 18 දෙනා අතර ස්ථාන දිනා ගන්ද්දී ඔස්ට්‍රේලියාවට එරෙහිව ඉකුත්දා නිමාවට පත් වුණු ටෙස්ට් තරගාවලියේ පළමු තරගයට නම් කරන ලද ලසිත් ඇඹුලදෙනිය සහ තරගාවලිය අතරතුරදී කොවිඩ් ආසාධනය වුණු ප්‍රවීන් ජයවික්‍රම මෙම කණ්ඩායම සඳහා ඇතුළත් ව නොමැත.

ජයවික්‍රම ඊයේ (13 දා) කෝල්ට්ස් පිටියේ නිමාවට පත් වුණු තුන් දින තරගය සඳහා ක්‍රීඩා කළේය. ඊට අමතරව තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුනාරත්නද නම් කරන ද 18 අතර නොමැතිවීම කැපී පෙනෙයි. කරුණාරත්නද ඊයේ නිමාවට පත් වුණු පාකිස්තානු පිලට එරෙහි තුන් දින පුහුණු තරගය ක්‍රීඩා කළ නමුත් කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට අසමත්වූවේය.

‌මේ අතර කොවිඩි ආසාධනය වීම නිසා ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැති දෙවැනි ටෙස්ට් තරගයට සහභාගිවීමේ අවස්ථාව අහිමි ධනංජය ද සිල්වා, ජෙෆ්රි වැන්ඩර්සි සහ අසිත ප්‍රනාන්දු යළි කණ්ඩායමට පැමිණ සිටියි. කෙසේ වෙතත් ඔවුන්ගේ ආදේශක විසින් කණ්ඩායමට එක් කරන ලද ලක්ෂාන් සඳකැන් සහ, ලක්ෂිත මානසිංහව කණ්ඩායමට කැදවා නොමැත. පාකිස්තානු පිලට එරෙහිව පැවැති පුහුණු තුන් දින තරගයට ක්‍රීඩා කළ මානසිංහ පළමු ඉනිමේදී ලකුණු 85 කට පාකිස්තානු පිතිකරුවන්  සිව් දෙනෙකු ද දෙවැනි ඉනිමේදී එක් කඩුල්ලක්ද දවා ගැනීමට සමත්වූවේය.

  1. දිමුත් කරුණාරත්න (නායක)
  2. පැතුම් නිස්සංක
  3. ඔෂධ ප්‍රනාන්දු
  4. ඇන්ජලෝ මැතිව්ස්
  5. කුසල් මෙන්ඩිස්
  6. ධනංජය ද සිල්වා
  7. කමිදු මෙන්ඩිස්
  8. නිරෝෂන් දික්වැල්ල
  9. දිනේෂ් චන්දිමාල්
  10. රමේෂ් මෙන්ඩිස්
  11. මහීෂ් තීක්ෂණ
  12. කසුන් රජිත
  13. විශ්ව ප්‍රනාන්දු
  14. අසිත ප්‍රනාන්දු
  15. ඩිල්ෂාන් මදුශංක
  16. ප්‍රභාත් ජයසූරිය
  17. දුනිත් වෙල්ලාලගේ
  18. ජෙෆ්රි වැන්ඩර්සි

Active filters

Recent Posts

  • දුශාන් සහ මතීෂට එක්දින වරම්!
    By Chamila Karawita ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර හෙට (02 දා) ආරම්භ වන එක්දින තරගාවලිය එක්දින ලෝක ශූරතාවට අයත් නොවන්නකි. එහෙත් මෙම තරගාවලියේදී ඇෆ්ගනිස්තානට කෙසේ වෙතත්ට ශ්‍රී ලංකාවට […]
  • ඒස් කැපිටල්-කෝල්ට්ස්-බ්ලූම්ෆීල්ඩ්-ටැමිල් යුනියන් ජය වාර්තා කරති 
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් සමාජ මේජර් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (ජුනි 01) පැවැති ඒස් කැපිටල් – බදුරලිය තරගයේදී ඒස් කැපිටල් නායක රොෂාන් ජයතිස්ස තුන් ඉරියව්වේදීම […]
  • සිංහ – ඇෆ්ගන් සටනේ ‘ටිකට්’ ස්ථාන 3 කින්
    ඇෆ්ගනිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශ පත්‍ර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල වෙබ් අඩෙවියට (www.srilankacricket.lk) පිවිසි මිලදී […]
  • ඇෆ්ගන් – ශ්‍රී ලංකා සටනේ නිලධාරීන් නම් කරයි
    හෙට (02 දා) හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ආරම්භ වන ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර එක්දින තරගාවලියේ තරග තීරකවරයා ලෙසින් ප්‍රවීන තරග තීරක රංජන් මඩුගල්ලේ මහතා කටයුතු කරනු ඇත. […]
  • යුද හමුදාවේ අසේල ගුණරත්න නැවත ලකුණු අතරට
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන මේජර් අන්තර් සමාජ විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (31) පැවැති යුද හමුදාව සහ පොලීසිය අතර තරගයේදී යුද හමුදාව නියෝජනය කරන හිටපු ශ්‍රී ලංකා […]
USD United States (US) dollar

Pin It on Pinterest