slc
Home   |    News
ජූලි 25, 2022
පළමු දිනයේදීම ශ්‍රී ලංකාව 300 කඩ ඉම පන්නයි

sinhala editor

පාකිස්තානයට එරෙහි ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (24 දා) ආරම්භ වූ දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනට තරගය නිමා කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6 කට ලකුණු 315 ක් රැස් කර ගැනීමට සමත්ව සිටියේය.

මෙම තරගය තම 100 වැනි ටෙස්ට් තරගය බවට පත් කර ගත් ඇන්ජලෝ මැතිව්ස් පිළිබඳ බොහෝ දෙනා බලාපොරොත්තු තබා තිබුණද ඔහුට රැස් කර ගත හැකි වූයේ ලකුණු 42 ක් පමණි. ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දුවට පහර දීමට පැමිණි ඉදිරි පෙළ පිතිකරුවන් 7 දෙනාගෙන් අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී ගියේ කුසල් මෙන්ඩිස් (03) පමණි. ඒ හැරුනු කොට සෙසු සියල්ලෝම ලකුණු 33 ඉක්මවාලූහ.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් පළමු දිනයේදී දිනේෂ් චන්දිමාල් ලකුණු 80 ක් සහ ඕෂධ ප්‍රනාන්දු ලකුණු 50 ක් වශයෙන් අර්ධ ශතක රැස් කළහ. කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල ලකුණු 42 ක් සහ මංගල ටෙස්ට් තරගයට සහභාගිවන දුනිත් වෙල්ලාලගේ ලකුණු 06 ක් ලබා කඩුල්ලේ රැදී සිටිති.

කාසි‌යේ වාසියත් සමඟ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල වෙනුවෙන් නායක දිමුත් කරුණාරත්න සහ ඕෂධ ප්‍රනාන්දු ලකුණු 92 ක සම්බන්ධතාවක් පවත්වමින් සාර්ථක ආරම්භයක් ලබා දුන්හ. දිවා ආහාරයට පෙර කිසිවකු නොදැවී ලකුණු 92 ක් ලෙසින් සටහන් වුණු ශ්‍රී ලංකා ලකුණු පුවරුව දිවා ආහාරයෙන් පසු එක වරම ලකුණු 120 ට කඩුලු 3 ක් ලෙසින් සටහන් විය.

කෙසේ වෙතත් සිවුවැනි කඩුල්ලට එක්වූ ඇන්ජලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් ලකුණු 75 ක් රැස් කළහ. තේ පානය තෙක් කඩුලු ආරක්ෂා කර ගැනීමට මොවුන් දෙපළ සමත් වූ නමුත් ඉන් පසු ඇරැඹි තරගයේදී මැතිව්ස්ට එක් කර ගත හැකි වූයේ තවත් ලකුණු 06 ක් පමණි.

සශීන් අෆ්රිඩි වෙනුවට කණ්ඩායමට පැමිණ සිටි නවුමන් අලීගේ පන්දුවක් හමුවේ මොහොමඩ් රිස්වාන් අතට උඩ පන්දුවක් දීප නිසා මැතිව්ස්ගේ ඉනිම ලකුණු 42 දී නිමාවට පත්විය.

ශ්‍රී ලංකාව පළමු ඉනිම පන්දුවාර 86 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 315 යි – (ඕෂධ ප්‍රනාන්දු 50, දිමුත් කරුණාරත්න 40, කුසල් මෙන්ඩිස් 03, ඇන්ජලෝ මැතිව්ස් 42, දිනේෂ් චන්දිමාල් 80, ධනංජය ද සිල්වා 33, නිරෝෂන් දික්වැල්ල (නොදැවී) 42, දුනිත් වෙල්ලාලගේ (නොදැවී) 06, මොහොමඩ් නවාස් 71/2, නසීම් ෂා 34/1, නවුමන් අලී 64/1, යසීර් ෂා 67/1)

Recent Posts

  • 23 න් පහළ අවසන් සටන හෙට සහ අනිද්දා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම නැගී ලීග් ක්‍රිකට් තරගාවලියේ මූවර්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය අතර අවසන් මහා […]
  • විශේෂඥ පුහුණුකරුවකු ලෙස කණ්ඩම්බිත් නවසීලන්තයට
    නවසීලන්තයට එරෙහිව පැවැත්ත්වෙන තරග 3 කින් සමන්විත තීරණාත්මක එක්දින ක්‍රිකට් තරගාවලියේදී විශේෂ පුහුණුකරුවකු ලෙස තිළිණ කණ්ඩම්බිව සහභාගිකරවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය. ඒ අනුව එක්දින තරගාවලිය […]
  • පළමු ඉනිමේ වරදින් ශ්‍රී ලංකාව ‌අනපේක්ෂිත අවධානමක
    වෙලිංටන් නුවර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූ අද (19 දා) ශ්‍රී ලංකා පළමු ඉනිම ඉනිම ලකුණු 164 කට අවසන් කිරිමට නවසීලන්ත පන්දු යවන්නන් සමත්වීම නිසා නැවතත් […]
  • ශ්‍රී ලංකාව ලකුණු 554 ක් පිටුපසින්
    කෙන් විලියම්සන් සහ හෙන්රි නිකොලස්ගේ වාර්තාගත ද්විත්ව ශතක සම්බන්ධතාව හේතුවෙන් වෙලිංටන්හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 580 ක දැවැන්ත ඉනිමක් ගොඩ […]
  • අෂේන් බණ්ඩාරගේ වෙහෙසකර ශතකය අපතේ යයි
    නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී කලම්බු පිල කඩුලු 7 කින් පරාජයට පත් කිරීමට ගෝල් කණ්ඩායම සමත්විය. මෙය මෙවර තරගාවලියේදී ගෝල් පිල වාර්තා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest