slc
Home   |    News
ජූලි 27, 2022
පාකිස්තානය තවත් ලකුණු 419 ක් පිටුපසින්

sinhala editor

පිට කොන්දේ ආබාධයක් තිබුණද කණ්ඩායමේ අවශ්‍යතාව තේරුම් ගනිමින් පිටියට පිවිසි නායක දිමුත් කරුනාරත්නත් උප නායක ධනංජය ද සිල්වාත් එක්ව හය වැනි කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද ලකුණු 126 ක සාර්ථක සම්බන්ධතාව ප්‍රධාන කොට සංචාරක පාකිස්තානු පිලට එරෙහිව සිව්වැනි ඉනිමේදී ලකුණු 508 ක ඉලක්කයක් ලබා දීමට ශ්‍රී ලංකාවට අද (27 දා) පස්වරුවේ හැකියාව ලැබිණ. ඒ අනුව අයහපත් ආලෝක තත්ත්වය මත තරගය සිව්වැනි දීනට නියමිත වේලාවට වඩා කළින් අහවර කරන විට පාකිස්තානු පිල කඩුල්ලක් දැවී ලකුණු 89 ක් රැස් කරගෙන සිටියේය.

පාකිස්තානු පිල වෙනුවෙන් නායක බාබර් අසාම් ලකුණු 26 ක් සහ ඉමාම් උල් හ් ලකුණු 26 ක් ලබා පස්වැනි සහ අවසන් දිනය වන හෙට (28 දා) දිනයේදීත් පන්දුවට පහර දීමේ අභිලාෂයෙන් පසුවෙති.

සිව්වැනි දිනයේදී තරගයට අහිමිවූ පන්දුවාර සංඛ්‍යාව 26 කි. පළමු ටෙස්ට් තරගයේදී ලබා දුන් ලකුණු 342 ක ඉලක්කය හඹා යෑමට සමත්වීම නිසා ශ්‍රී ලංකාව මෙම තරගයේදී ලකුණු 500 කට තරම් ඈතට පාකිස්තානු ජයග්‍රාහී ඉලක්කය රැගෙන යෑමට හේතු විය.

කඩුලු 5 ක් අහිමිව තිබියදී සිව්වැනි දිනය ආරම්භ කළ ධනංජය ද සිල්වා සහ දිමුත් කරුනාරත්න පාකිස්තානු පන්දු යවන්නන් නොසිතූ තරම් ඈතට සිය සම්බන්ධතාව රැගෙන ගියහ. ලකුණු 116 ට කඩුලු 5 ක් බීඳ වැටී තිබියදී පිටියට එක් වූ වමත් දකුණත් සුසංයෝගය අතරින් නායක දිමුත් කරුණාරත්න පන්දුවට පහර දුන්නේ වේදනා නාශක මෙන්ම ප්ලාස්ටර්ද් සිය පිට කොන්ද ප්‍රදේශයේ අලවා ගනිමිනි. දිවා ආහාරයට පෙර කරුනාතර්න දැවී යන විට පන්ද 105 කදී ලකුණු 61 ක් ලබා සිටියේය.

එවැනි අපහසුතාවයක් තබා ගෙන පන්දුවට පහර දුන්නද දිමුත් අද දිනයේදී ටෙස්ට් ලකුණු 6000 සීමාව ඉක්මවාලීමට සමත්වීම කැපී පෙනුණි. ශ්‍රී ලංකාව වෙනුවෙන් එම සීමාව ඉක්මවලා 6 වැනි පිතිකරුවා වූයේද දිමුත් වේ. ඔහුට පෙර කුමාර් සංගක්කාර (12,400), මහේල ජයවර්ධන (11,814), සනත් ජයසූරිය (6973), ඇන්ලෝ මැතිව්ස් (6953) සහ අරවින්ද ද සිල්වා (63161) පමණි.

අද දිනයේ කැපී පෙනෙන සුවිශේෂීතම සිදුවීම වූයේ ධනංජය ද සිල්වා සිය ටෙස්ට් තරග දිවියේ 9 වැනි ටෙස් ශතකය වාර්තා කිරීමයි. පන්දු 171 කට මුහුණ දුන් දකුණත් පිතිකරුවා ලබා ගත් ලකුනු 109 ක වටිනා ඉනිම වෙනුවෙන් හතරේ පහර 16 ක් එල්ල කර තිබුණේය. ධනංජය‌ගේ ඉනිම හමාර වීමත් සමඟම ශ්‍රී ලංකා දෙවැනි ඉනිමද නතර කිරීමට නායකයා පියවර ගත්තේය.

ඒ වන විටත් ධනංජයට අනගි සහායක් ලබා දුන් රමේෂ් මෙන්ඩිස් පන්දු 54 කදී නොදැවී ලකුණු 45 ක් ලබා සිටියේය. හෙට තරගයේ පස්වැනි සහ අවසන් දිනයයි.

ශ්‍රී ලංකාව පළමු ඉනිම පන්දුවාර 103 කදී සියලු දෙනා දැවී ලකුණු 378 යි – (ඕෂධ ප්‍රනාන්දු 50, දිමුත් කරුණාරත්න 40, කුසල් මෙන්ඩිස් 03, ඇන්ජලෝ මැතිව්ස් 42, දිනේෂ් චන්දිමාල් 80, ධනංජය ද සිල්වා 33, නිරෝෂන් දික්වැල්ල 51, දුනිත් වෙල්ලාලගේ 11, රමේෂ් මෙන්ඩිස් 35, ප්‍රභාත් ජයසූරිය 08, අසිත ප්‍රනාන්දු (නොදැවී) 04, නසීම් ෂා 58/3, යසීර් ෂා 83/3, මොහොමඩ් නවාස් 80/2, නවුමන් අලී 64/1)

පාකිස්තානය පන්දුවාර 88.1 කදී සියලු දෙනා දැවී ලකුණු 231 යි – (අබ්දුල්ලා ශෆීක් 00, ඉමාම් උල් හක් 32, බාබර් අසාම් 16, මොහොමඩ් රිස්වාන් 24, ෆාවාඩ් අලාම් 24, අඝා සල්මාන් 62, මොහොමඩ් නවාස් 12, යසීර් ෂා 26, හසන් අලී 21, නවුමන් අලී 01, නසීම් ෂා (නොදැවී) 04, රමේෂ් මෙන්ඩිස් 47/5, ප්‍රභාත් ජයසූරිය 80/3, අසිත ප්‍රනාන්දු 62/1, ධනංජය ද සිල්වා 15/1)

ශ්‍රී ලංකාව දෙවැනි ඉනිම පන්දුවාර 91.5 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 360 යි – (නිරෝෂන් දික්වැල්ල 15, ඔෂධ ප්‍රනාන්දු 19, කුසල් මෙන්ඩිස් 15, අන්ජලෝ මැතිව්ස් 35, දිනේෂ් චන්දිමාල් 21, දිමුත් කරුණාරත්න 61, ධනංජය ද සිල්වා 109, රමේෂ් මෙන්ඩිස් (නොදැවී) 45, නසීම් ෂා 44/2, යසීර් ෂා 80/1, මොහොමඩ් නවාස් 75/2, අඝා සල්මාන් 41/1, නවුමන් අලී 54/1)

පාකිස්තානය දෙවැනි ඉනිම පන්දුවාර 28 කදී කඩුල්ලක් දැවී ලකුණු 89 යි – (අබ්දුල්ලා ශෆීක් 16, ඉමාම් උල් හක් (නොදැවී) 46, බාබර් අසාම් (නොදැවී) 26, ප්‍රභාත් ජයසූරිය 46/1)

Recent Posts

  • ශ්‍රී ලංකාව පන්දු යැවීමට තීරණය කරයි
    නවසීලන්තයට එරෙහිව ඕක්ලන්ඩ්හිදී පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීම සඳහා සත්කාරක නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කර සිටියේය. මෙම […]
  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest