slc
logo
Home   |    News
ජූලි 11, 2022
පාකිස්තානුවෝ සාර්ථක පෙරහුරුවක

sinhala editor

තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියට පෙර පාකිස්තානු පිලට හිමි එකම තුන් දින පුහුණු තරගය වූ අද (11 දා) කෝල්ට්ස් පිටියේ ආරම්භ වුණු තරගයේ පළමු දිනය නිමා වන විට පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින පාකිස්තානු පිල කඩුලු 7 ක් දැවී ලකුණු 277 ක් ලබා සිටියේය.

නිපුන් ධනංජයගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා ක්‍රිකට් XI කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන මෙම තරගයේදී කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් පාකිස්තානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනාම පළමු පන්දුවාර 5 අවසනදී දවා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් XI පන්දු යවන්නෝ සමත්වූහ. එහිදී ඉකුත්දා ඔස්ට්‍රේලියාවට එරෙහිව එක්දින වරම් දිනාගත් ප්‍රමෝද් මදුශාන් සහ වමත් වේග පන්දු යවන ඩිල්ෂාන් මදුශංක එම කඩුලු බෙදා ගත්හ.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ බාබර් අසාම් හතරේ පහර 8 ක් සහ හයේ පහර 4 ක් සමඟින් ලකුණු 88 ක් ලබා ගත්තේය. නායක අසාර් අලීට එකතු වූ බාබර් අසාම් තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 134 ක් එක් කරමින් කඩා වැටුනු පාකිස්තානු කණ්ඩායමට ජීවය ලබා දුන්හ. අසාර් අලී ලකුණු 43 කට ලසිත් ඇඹුල්දෙණියගේ  පන්දුවකට දැවී යද්දී ඊට ප්‍රථම අසාම් ලක්ෂිත මානසිංහගේ පන්දුවක් හමුවේ දැවී ගියේය.

පළමු කඩුලු 7 ම ලකුණු 206 කදී බිඳ දැමීමට ලක්ෂිත මානසිංහ ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රිකට් XI පන්දු යවන්නන් සමත් වුවත් 8 වැනි කඩුල්ලට එක්වූ සෞද් ශඛීල් (30) සහ අගා සල්මන් ලකුණු 43 ක් වශයෙන් ලකුණු රැස් කිරීම නිසා දිනය අවසන් වන විට ලකුණු 277 ක් දක්වා ස්ථාවර ලකුණු සංඛ්‍යාවක් කරා යෑමේ අවස්ථාව පාකිස්තානු පිලට උදාවිය.

පළමු දිනයේදී පන්දුවෙන් කැපී පෙනුණු ලක්ෂිත මානසිංහ ලකුණු 83 කට කඩුලු 3 ක් දවා ගනිද්දී ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැති පළමු ටෙස්ට් තරගයෙන් අනතුරුව කණ්ඩායමෙන් මුදවා හැරි ලසිත් ඇඹුල්දෙනිය ලකුණු 83 කට කඩුලු 2 ක් බිඳ හෙළූහ.  

හෙට තරගයේ දෙවැනි දිනයයි.

පාකිස්තානු පිල පන්දුවාර 90 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 277 යි – බාබර් අසාම් 88, අසාර් අලී 43, ෆාවඩ් අලාම් 22, මොහොමඩ් රිසාවාන් 31, සෞද් ශකීිල් නොදැවී 30, අගා සසලමන් නොදැවී 43, ශාන් මසූඩ් 06, අබාදුල්ලා සෆික් 03, ඉමාම් උල් හක් 00, ලකිෂිත මානසිංහ 83/3, ලසිත් ඇඹුල්දෙණිය 83/2, ඩිල්ෂාන් මදුශංක 36/1, ප්‍රමෝද් මදුශාන් 29/1

Active filters

Recent Posts

  • ටියර් ‘බී‘ ශූරතාව එස්. එස්. සී. කණ්ඩායමට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැති අන්තර් සමාජ ටියර් ‘බී‘ කොටසේ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කොළඹ එස්. එස්. සී. කණ්ඩායම අද (18 දා) සමත්විය. කොළඹ එස්. එස්. සී. ක්‍රීඩා […]
  • විස්සයි-20 තරගාවලියේ ජය බංග්ලාදේශයට
    පන්දුවාර විස්සයි-20 ජාත්‍යන්තර තරග දිවියේ හොඳම දක්ෂතාව දැක්වීමට මෙහෙදි හසන් (11/4)සහ ටැන්සිඩ් හසන් (නොදැවී 73) සමත්වීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (16 දා) පැවැත්වුණු […]
  • දෙපිළේම වෙනස්කම් දෙකක් – ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙයි
    කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (16 දා) පැවැත්වෙන තෙවැනි පන්දුවාර විස්සයි-20 තරගයේදී කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. මෙම තරගය සඳහා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ – ඔස්ට්‍රේලියා ‘ඒ‘ සිව්දින තරගය ජය පරාජයෙන් තොරයි
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් පිල හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ අද (16) නිමාවූ පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගය ජය […]
  • ඔස්ට්‍රේලියා ‘ඒ‘ පිල ලකුණු 165ක්  ඉදිරියෙන්
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ‍තෙවැනි දිනය නිමාවෙද්දී […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee