slc
logo
Home   |    News
ජූලි 13, 2022
පුහුණු තරගය ජය පැරදුමෙන් තොරයි – වැඩි ගෞරව ශ්‍රී ලංකා ක්‍රිකට් XI පිලට

sinhala editor

පාකිස්තානු පිලට එරෙහිව කොළඹ කෝල්ට්ස් ක්‍රීඩාංගණයේ පැවැති තුන්දින පුහුණු තරගය අද (13 දා) ශ්‍රී ලංකා ක්‍රිකට් XI පිලට වැඩි ගෞරව අත්කර දෙමින් ජය පැරදුමෙන් තොරව නිමාවට පත්විය. තෙවැනි දින තරගය නිමා වන විට නැවතත් සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි පාකිස්තානු පිල කඩුලු 2 කට ලකුණු 178 ක් ලබා සිටියේය.

ඉමාම් උල් හක් ලකුණු 30 කදීද ෆාවඩ් අලාම් ලකුණු 06 කදී  දැවී ගියද අබ්දුල්ලා ශෆික් එක්වූ අසාර් අලී (40) පාකිස්තානු දෙවැනි ඉනිම වෙනුවෙන් ලකුණු රැස් කළහ. ලකුණු 40 ක් ලබා සිටියදී අසාර් අලී ලකුණු 40 ක් ලබා සිටියදීද අබ්දුල්ලා ෂෆීක් ලකුණු 63 ක් ලබා සිටියදී ඉනිම හමාර කොට සෙසු පිතිකරුවන්ට පන්දුවට පහර දීම වෙනුවෙන් පිටියෙන් ඉවත්ව ගියහ.

තරගය නිමා වන විට සෆ්‍රාස් අහමඩ් ලකුණු 21 ක් සහ මොහොමඩ් නවාස් ලකුණු 13 ක් ලබා කඩුල්ලේ රැඳී සිටියහ.

කඩුලු 5 කට ලකුණු 278 ක් තිබියදී තෙවැනි දිනය ඇරැඹූ ශ්‍රී ලංකා ක්‍රිකට් XI පිල පළමු ඉනිම සඳහා අද දිනයේ තවත් ලකුණු 97 ක් රැස් කිරීමෙන් පසු ඉනිම අත් හිටුවා පාකිස්තානු පිලට දෙවැනි ඉනිම ක්‍රීඩා කිරීම සදහා ආරාධනා කර සිටියේය. දිනයේ සිදුවූ සුවිශේෂී සිදුවීම වූයේ ශ්‍රී ලංකා ක්‍රිකට් XI පිලේ ආරම්භක පිතිකරු නිශාන් මදුශ්ක අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත්වීමය. දෙවැනි දිනයේදී ඉනිම අරැඹි මදුශ්ක පන්දුවට පහර දෙමින් සිටියදී අසනීප තත්ත්වයක් මත පන්දුවට පහර දීම පසෙක තබා පිටියෙන් ඉවත් විය.

නුවනිඳුගේ දැවී යෑමෙන් පසු නැවතත් පිටියට පිවිසි මදුශ්ක පන්දු 94 කදී ලකුණු 57 ක් ලබා ගත්තේ හතරේ පහර 9 ක්ද සිය ඉනිමට එකතු කර ගනිමිනි. මැද පෙළින් පැමිණි චාමික කරුනාරත්න ලකුණු 27 ක් වාර්තා කර ද්දී මිනෝද් භානුක ලකුණු 32 ක් ලබා කඩුල්ලේ රැදී සිටියේය.

පාකිස්තානු කණ්ඩායම පන්දුවාර 100 කදී සියලු දෙනා දැවී ලකුණු 323 යි – (අබ්දුල්ලා ශෆික් 03, ඉමාම් උල් හක් 00, අසාර් අලී 43, බාබර් අසාම් 88, ෆාවඩ් අලාම් 22, මොහොමඩ් රිස්වාන් 31, ශාන් මසූඩ් 06, සෞද් ශකීල් 30, අඝා සල්මන් 55, මොහොමඩ් නවාස් 17, යසීර් ෂා 09, ෂශීන් ෂා අෆ්රිඩි (නොදැවී) 05, ලක්ෂිත මානසිංහ 85/4, ලසිත් ඇඹුල්දෙණිය 83/2, ඩිල්ෂාන් මදුශංක 59/2, ප්‍රමෝද් මදුශාන් 29/1, උදිත් මදුශාන් 23/1)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන XI පිල පන්දුවාර 99 කදී කඩුලු 8 ට ලකුණු 375 යි – (නිශාන් මදුශ්ක 57, සදීර සමරවික්‍රම 91, නුවනිදු ප්‍රනාන්දු 78, නිපුන් ධනංජය 14, ළහිරු උදාර 04, සහන් ආරච්චිගේ 28, චාමික කරුණාරත්න 27, මිනෝද් භානුක  (නොදැවී) 32, අෂේන් බණ්ඩාර 12, ලක්ෂිත මානසිංහ (නොදැවී) 18, ශහීන් ෂා අෆ්රිඩි 34/1, හසන් අලී 35/1, අඝා සල්මන් 76/1, නසීම් ෂා 34/1, යසීර් ෂා 86/1, මොහොමඩ් නවාස් 24/2, ෆහීම් අෂ්රෆ් 10/1)

පාකිස්තානු කණ්ඩායම දෙවැනි ඉනිම පන්දුවාර 50 කදී කඩුලු 2 ට ලකුණු 178 යි – (අබ්දුල්ලා ශෆික් 63, ඉමාම් උල් හක් 30, ෆාවඩ් අලාම් 06, අසාර් අලී 40, සෆ්‍රාස් අහමඩ් නොදැවී 21, මො‌හොමඩ් නවාස් නොදැවී 13, ක්ෂිත මානසිංහ 50/1, ලසිත් ඇඹුල්දෙණිය 72/1)

Active filters

Recent Posts

  • ඉන්දීය යොවුන් පිල ශ්‍රී ලංකාවට පැමිණෙයි
    ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ යොවුන් කණ්ඩායමට එරෙහිව එක්දින තරග තුනකට සහ සිව්දින තරග දෙකකට සහභාගිවීම සදහා ඉන්දීය අවුරුදු 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායම අද (30 දා) ශ්‍රී […]
  • ශ්‍රී ලංකාව ඉනිමක පරාජයෙන් බේරීමේ සටනක
    ශ්‍රී ලංකා පන්දු යවන්නන් දවස පුරාම දැඩි පීඩනයකට ලක් කළ අමීර් ජැන්ගූ සහ රොස්ටන් චේස්, හයවැනි කඩුල්ල සඳහා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ඉහළම ලකුණු සබඳතාව වන ලකුණු 401ක් ගොඩනඟමින් […]
  • අවු. 23 න් පහළ – එකම තරගයේ ශතක තුනක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැති රාගම සහ එන්.සී.සී කණ්ඩායම් අතර තරගයේදී දෙපිළේම පිතිකරුවන් තිදෙනෙකු ශතක වාර්තා කිරීමට […]
  • මල්ෂ සහ තිසරුගෙන් කැපී පෙනෙන දක්ෂතා
    ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ නිමා වූ සති අන්තයේදී පිතිකරණයෙන් සහ පන්දු යැවීමෙන් කැපී පෙනෙන දස්කම් දැක්වීමට මුවර්ස් […]
  • අවු. 23න් පහළ දෙදින තරගාවලියේ පළමු ජය එස්.එස්.සී. පිලෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට එස්.එස්.සී. කණ්ඩායම සමත්විය. පොලිස් ක්‍රීඩා සමාජයට එරෙහිව කඩුලු […]

Pin It on Pinterest

USD United States (US) dollar