slc
logo
Home   |    News
ජූලි 24, 2022
මැතිව්ස්ගේ ‘ශතකයේදී’ වෙල්ලාලගේට ටෙස්ට් වරම්

sinhala editor

By Chamila Karawita

ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 100 කට ක්‍රීඩා කරන ලද 6 වැනි ක්‍රීඩකයා බවට ඇන්ජලෝ මැතිව්ස් පත් පාකිස්තානයට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයේදී පාසල් වයසේ පසුවන දුනිත් වෙල්ලාලගේ ටෙස්ට් වරම් දිනා ගැනීමට සමත්වීම අද (24 දා) කැපී පෙනෙන.

ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැත්වෙන මෙම ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගයේදී කාසියේ වාසිය තමන් සතු කරගත් ශ්‍රී ලංකා නායක දිමුත් කරුනාරත්න පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.

ශ්‍රී ලංකාව අද තරගයේදී වෙනස්කම් දෙකක් සමගින් අවතීර්ණව සිටියි. පළමු තරගයට ක්‍රීඩා කරන ලද කසුන් රජිත වෙනුවට වේග පන්දු යවන අසිත ප්‍රනාන්දුව කැඳවා සිටිද්දී මහීෂ් තීක්ෂණ ස්ථානයෙන් දුනිත් වෙල්ලාලගේ ටෙස්ට් වරම් දිනාගෙන සිටියි. මේ අතර පාකිස්තානු පිලද වෙනස්කම් දෙකක් සිදුකර තිබෙන අතර පළමු තරගයේදී ආබාධයකට ලක් වුණු ශහීන් අෆ්රිඩි සහ අසාර් අලී වෙනුවට නවුමන් අලී සහ ෆාවඩ් අලාම් කැඳවා තිබේ.

වෙල්ලාලගේගේ ටෙස්ට් ‌වරම් දිනා ගැනීම වෙනුවෙන් සාම්ප්‍රදායිකව පිරිනැමෙන ටෙස්ට් හිස් වැස්ම, 100 වැනි ටෙස්ට් තරගයට සහභාගිවූ ඇන්ජලෝ මැතිව්ස් විසින් ලබා දීමද කැපී පෙනුණි. මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර, සනත් ජයසූරිය, මුත්තයියා මුරලිදරන් සහ චමින්ද වාස්ට පසු ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 100 ක් ක්‍රීඩා කරන ලද ක්‍රීඩකයා බවට ඇනජලෝ මැතිව්ස් අද ඉතිහාසගත විය.

මැතිව්ස්ගේ 100 වැනි ටෙස්ට් තරගය නිමිත්තෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් තරගාරම්භයට පෙර උපහාර උත්සවයක් සංවිධානය කිරීමට පියවර ගෙන තිබීම කැපී පෙනෙන සිදුවීමක් වීය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජාත්‍යන්තර අංශය භාරව කටයුතු කරනු ලබන උප සභාපති ආචාර්ය ජයන්ත ධර්මදාස සහ ඇන්ජලෝ මැතිව්ස්ගේ පාසලේම ආදි සිසුවකු වූ ටෙස්ට් තරග 100 කට ක්‍රීඩා කරන ලද චමින්ද වාස් යන මහත්වරු මෙම උපහාර උළෙල සඳහා ප්‍රධාන ආරාධිතයින් ලෙසින් සහභාගිවද්දී මැතිව්සගේ පවුලේ උදවිය, කණ්ඩායමේ ක්‍රීඩකයින් ද ඒ සඳහා සහභාගිව සිටීම කැපී පෙනිණ. ටෙස්ට් සංචිත‌යට ඇතුළත් නොවුණද ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි-20 කණ්ඩායමේ නායක දසුන් ශානකද මෙම අවස්ථාවට සහභාගිව සිටීම කැපී පෙනුණි.

ටෙස්ට් තරග 100 සඳහා වන ටෙස්ට් කැප් තොප්පිය චමින්ද වාස් මහතා අතින් ලබා දෙද්දී එම අවස්ථාව වෙනුවෙන් නිර්මාණය කරන ලද සිහිවටන දෙක ආචාර්ය ධර්මදාස මහතා අතින් මැතිව්ස් වෙත පිරිනමන ලදී.

Active filters

Recent Posts

  • බංග්ලාදේශය ලකුණු 187 කින් පෙරමුණට
    ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී ලකුණු 10 ක පළමු ඉනිමේ වාසියද සමඟ නැවතත් සිය දෙවැනි ඉනිම ආරම්භ කළ බංග්ලාදේශ කණ්ඩායම තරගයේ සිව්වැනි දිනය වූ අද (20 […]
  • එක්දින සහ විස්සයි-20 ප්‍රවේශ පත්‍ර අලෙවිය 24 වැනිදා සිට
    බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැත්වෙන එක්දින සහ විස්සයි-20 තරග සඳහා වන ප්‍රවේශ පත්‍ර අලෙවිය මේ ජුනි මස 24 වැනිදා සිට ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් […]
  • ලකුණු 250ක ඉලක්කයක් දුන්නොත් තරගයේ වැඩි වාසි අපිටයි
    – පැතුම් නිශ්ශංක බංග්ලාදේශයට එරෙහි පළමු ටෙස්ට් තරගයට තව දුරටත් හොදින් අවතීර්ණ වීමට නම් ශ්‍රී ලංකා පිල ලකුණු 200ක් 250ක් පමණ ඉදිරියෙන් සිට ඔවුන්ට තුන්වැනි ඉනිමේ පන්දුවට පහරදීමට […]
  • තරගයේ පාලනය ශ්‍රී ලංකාව අතට
    සංචාරක බංග්ලාදේශය ක්‍රිකට් පිල හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී  තෙවැනි දිනය වූ අද (19 වැනිදා) තරගය නිමාවෙද්දී තරගයේ පාලනය ශ්‍රී ලංකා කණ්ඩායම වෙත රඳවා ගැනීමට පිතිකරුවෝ […]
  • ගාලු තණතිල්ල තවමත් පිතිකරුවන්ට හිතකරයි – මිලාන් රත්නායක
    ගාලු තණතිල්ල තවමත් පිතිකරුවන්ට පාරාදීසයක් වන තත්ත්වයක ඇතැයි ශ්‍රී ලංකාව වෙනුවෙන් දෙවැනි වේග පන්දු යවන්නා ලෙසින් ක්‍රීඩා කළ මිලාන් රත්නායක පැවැසීය. බංග්ලාදේශ පිතිකරුවන් ‍හොඳින් පන්දුවට පහර දුන්නාසේම ශ්‍රී […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee