slc
logo
Home   |    News
ජූලි 5, 2022
මැතිව්ස්ට සුවයි – යළි කණ්ඩායමට

sinhala editor

කොරෝනා වෛරසය ගොදුරු වූ ඇන්ජලෝ මැතිව්ස් ලබන 08 වැනිදා (සිකුරාදා) ගාල්ලේදී ආරම්භ වන දෙවැනි ටෙස්ට් තරග සඳහා සහභාගිවීමට සූදානමින් සිටියි. වෝන් – මුරලි කුසලාන තරගාවලිය වෙනුවෙන් පැවැත්වෙන මෙම ටෙස්ට් තරගය සඳහා වෛද්‍ය කමිටුවේ අවසරය මැතිව්ස්ට ලබා දී තිබේ.

පළමු ටෙස්ට් තරගය අතරතුරදී මැතීව්ස්ට කොරෝනා වෛරසය ආසාධනය වූ බැවින් දෙවැනි ඉනිමේදී පන්දුවට පහර දීමට නොහැකිවිය. එම අවස්ථාව ඔෂධ ප්‍රනාන්දුට හිමි වුවත් ඔහුට රැස් කරගත හැකි වූයේ ලකුණු 12 ක් පමණි.

ඒ අනුව ඇන්ජලෝ මැතිව්ස් අද (05 වැනිදා) දිනයේදී යළිත් කණ්ඩායමට සමඟ එක්ව සිටින අතර ඉදිරියේ පැවැත්වීමට නියමිත පුහුණුවීම් සඳහාද සහභාගිවීමට නියමිතය. ඇන්ජලෝට අමතරව සංචිතයේ සිටි ප්‍රවීන් ජයවික්‍රමටද කොරෝනා වෛරසය ආසාධනය වීම නිසා දෙවැනි ටෙස්ට් තරගය සඳහා වන තේරීම් සඳහා සලකා නොබැලෙනු ඇත. කෙසේ වෙතත් දුනිත් වෙල්ලාලගේ, මහීෂ් තීක්ෂණ සහ ලක්ෂිත මානසිංහවද කණ්ඩායමට එක් කිරීමට තේරීම් වලදී පියවර ගෙන තිබේ.

Active filters

Recent Posts

  • ටියර් ‘බී‘ ශූරතාව එස්. එස්. සී. කණ්ඩායමට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැති අන්තර් සමාජ ටියර් ‘බී‘ කොටසේ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කොළඹ එස්. එස්. සී. කණ්ඩායම අද (18 දා) සමත්විය. කොළඹ එස්. එස්. සී. ක්‍රීඩා […]
  • විස්සයි-20 තරගාවලියේ ජය බංග්ලාදේශයට
    පන්දුවාර විස්සයි-20 ජාත්‍යන්තර තරග දිවියේ හොඳම දක්ෂතාව දැක්වීමට මෙහෙදි හසන් (11/4)සහ ටැන්සිඩ් හසන් (නොදැවී 73) සමත්වීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (16 දා) පැවැත්වුණු […]
  • දෙපිළේම වෙනස්කම් දෙකක් – ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙයි
    කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (16 දා) පැවැත්වෙන තෙවැනි පන්දුවාර විස්සයි-20 තරගයේදී කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. මෙම තරගය සඳහා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ – ඔස්ට්‍රේලියා ‘ඒ‘ සිව්දින තරගය ජය පරාජයෙන් තොරයි
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් පිල හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ අද (16) නිමාවූ පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගය ජය […]
  • ඔස්ට්‍රේලියා ‘ඒ‘ පිල ලකුණු 165ක්  ඉදිරියෙන්
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ‍තෙවැනි දිනය නිමාවෙද්දී […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee