slc
Home   |    News
ජූලි 6, 2022
යුද හමුදාව පළමු පරාජය ලබයි

sinhala editor

By Chamila Karawita

අන්තර් සමාජ ප්‍රධානතම සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ පස්වැනි දින පැවැති තරග 11 කදී පිතිකරුවන් මෙන්ම පන්දු යවන්න්න කැපී පෙනෙන දක්ෂතා දැක්වූහ. ඒ අතරින් රාගම ක්‍රීඩා සමාජයේ ඩෙලෝන් පීරිස් ලකුණු 20 කට කඩුලු 6 ක් ද ප්‍රභාත් ජයසූරිය ලකුණු 17 කට කඩුලු 7 ක් ද දවා ලමින් කැපී පෙනුණහ.

මීගමුවට එරෙහිව පැවැති තරගයේදී රාගම කණ්ඩායම රැස් කරන ලද්දේ ලකුණු 78 ක් පමණක් වුවත් වමතින් පන්දු යවන ඩෙලෝන් හමුවේ ලකුණු 76 කට මීගමුව පිල සීමා කිරීමට හැකියාව ලැබිණ.

මේ අතර කලුතර නාගරික පිලට එරෙහිව පැවැති තරගයේදී ප්‍රභාත් ජයසූරිය දස්කම් දක්වද්දී ටැමිල් යුනියන් පිලේ ඩිල්රුවන් පෙරේරා ලකුණු 114 ක් වාර්තා කරමින් පිත්තෙන් කැපී පෙනිණ. ඊට අමතර බී.ආර්.සී. ක්‍රීඩා සමාජයේ තිලකරත්න සම්පත් ලකුණු 120 ක්ද සම්මු අශාන් නොදැවී ලකුණු 112 ක්ද වශයෙන් ශතක වාර්තා කළහ.

මෙම දිනයේ කැපී පෙනෙනම සිදුවීම බවට පත්වූයේ මෙතෙක් අපරාජිතව සිටි යුද හමුදා කණ්ඩායම සී.සී.සී. කණ්ඩායම හමුවේ ලකුණු 176 ක දැවැන්ත පරාජයකට මුහුණ දීමයි. තරගයේ මුලින් පන්දුවට පහර දුන් සී.සී.සී. පිල කඩුලු 7 ට ලකුණු 285 ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙස යුද හමුදා පිල පන්දුවාර 29.1 කදී ලකුණු 109 කට දැවී ගියේය. පන්දු යැවීමේදී අශාන් ප්‍රියන්ජන් ලකුනු 27 කට කඩුලු 5 ක් බිද හෙළුවේය.

එස්.එස්.සී. පිලට ලකුණු 229ක ජයක්

එස්.එස්.සී. පන්දුවාර 50 කදී කඩුලු 4 ට ලකුණු 331 යි (සම්මු අශාන් 112*, චමිඳු වික්‍රමසිංහ 83*, ක්‍රිෂාන් සංජුල 64, නිපුන් ධනංජය 26,  ඉෂංක සිරිවර්ධන 35/2 දිනේෂ් ඉන්දික 42/2)

කළුතර නාගරික පන්දුවාර 24.2 කදී ලකුණු 102 යි (දිනෙත් ජයකොඩි 30, ප්‍රභාත් ජයසූරිය 17/7, දසුන් ශානක 15/3)

සීසීසී පිලට ලකුණු 176ක ජයක්

සී.සී.සී. පන්දුවාර 48.5 කදී කඩුලු 7 ට ලකුණු 285 යි – (පවන් රත්නායක 51, නිමේෂ් ගුණසිංහ 48, මාලිංග අමරසිංහ 42, මිනෝද් භානුක 34, පවන්ත වීරසිංහ 30, අශාන් ප්‍රියංජන් 28, චමිඳු විජේසිංහ 20*, අසංක මනෝජ් 60/3, සුමින්ද ලක්ෂාන් 58/2)

යුධ හමුදාව පන්දුවාර 29.1 කදී ලකුණු 109 යි (අසේල ගුණරත්න 22, තිසර පෙරේරා 21, අශාන් ප්‍රියංජන් 27/5, මලින්ද පුෂ්පකුමාර 17/3)

රාගමට ලකුණු 2ක ජයක්

රාගම පන්දුවාර 24.1 කදී ලකුණු 78 යි (සමින්ද ප්‍රනාන්දු 23, ධනුෂ්ක සඳරුවන් 19/5, ඩිල්ෂාන් මුණවීර 30/3)

නිගම්බු පන්දුවාර 21.2 කදී සියලු දෙනා දැවී ලකුණු 76 යි -(ඩෙලෝන් පීරිස් 20/6, ශෂික දුල්ෂාන් 28/3)

පානදුරට කඩුලු 4ක ජයක්

ගාල්ල පන්දුවාර 34.2 කදී ලකුණු 127 යි (විනුර දුල්සර 28, රවිඳු සෙම්බුකුට්ටිගේ 24, තේවින් අමරසිංහ 22, කොෂාන් ධනුෂ්ක 15/3, නිමේෂ් විමුක්ති 24/3 සංජය චතුරංග 17/2)

පානදුර පන්දුවාර 36 කදී කඩුලු 6 ට ලකුණු 131 යි (පාර්ත් පලාවත් 71, අලි මෙහාර් 24, චතුර ලක්ෂාන් 18/2, රවිශ්ක විජේසිරි 27/2)

ගුවන් හමුදාවට කඩුලු 5ක ජයක්

නුගේගොඩ පන්දුවාර 27.5 කදී ලකුණු 89 යි (දුලංජන මෙන්ඩිස් 15/4, ගයාන් සිරිසෝම 29/2)

ගුවන් හමුදාව පන්දුවාර 22.2 කදී කඩුලු 5 ට ලකුණු 92යි  (සිතිජ චමෝද් 27*, හංස ද සිල්වා 42/2)

ටැමිල් යූනියන් පිලට ලකුණු 124ක ජයක්

ටැමිල් යුනියන් පන්දුවාර 50 කදී කඩුලු 4 ට ලකුණු 312 යි (දිල්රුවන් පෙරේරා 114, නවෝද් පරණවිතාන 57, කමේෂ් නිර්මාල් 52*, සධීර සමරවික්‍රම 29, රවිඳු ප්‍රනාන්දු 25*, යෙසිත් රූපසිංහ 16/2)

ලන්කන් පන්දුවාර 50 කදී කඩුලු 9 ට ලකුණු 188 යි – (දේශාන් ඩයස් 60, දේවින්ද් පද්මනාදන් 36, ඉෂාන් රංගන 28, රවිඳු ප්‍රනාන්දු 41/3, ශිරාන් ප්‍රනාන්දු 25/2, දිලුම් සුදීර 42/2)

සැරසන්ස් ක්‍රීඩා සමාජයට ලකුණු 62ක ජයක්

ඒස් කැපිටල් පන්දුවාර 50 කදී කඩුලු 9 ට ලකුණු 270 යි – (ෂෙහාන් ප්‍රනාන්දු 94, දුලීක තිස්සකුට්ටිගේ 72, ටී බාස්කරන් 38, තනුක දාබරේ 31, තවීෂ කහදුවාරච්චි 32/2, ආකාෂ් සේනාරත්න 45/2, තාරක ගුණවර්ධන 46/2)

සැරසන්ස් පන්දුවාර 46 කදී ලකුණු 208 යි (තවීෂ කහදුවාරච්චි 43, ඉසිත විජේසුන්දර 43, සිතාර ගිම්හාන 23, තනුක දාබරේ 44/3, අමිත දාබරේ 46/3)

බ්ලූම්ෆීල්ඩ් පිලට කඩුලු 5ක ජයක්

බදුරලිය පන්දුවාර 50 කදී කඩුලු 9 ට ලකුණු 184 යි (අනුක් ප්‍රනාන්දු 51, සහිඩ් මන්සූර් 44, ගිහාන් රූපසිංහ 25, තමිඳු වික්‍රමාරච්චි 22*, චානක කොමසරු 24/3, මලින්ද පෙරේරා 29/3)

බ්ලූම්ෆීල්ඩ් පන්දුවාර 45.3 කදී කඩුලු 5 ට ලකුණු 188යි (මාධව වර්ණපුර 68*, අශාන් ප්‍රනාන්දු 59, මඕෂද ප්‍රනාන්දු 49*, සහිඩ් මන්සූර් 29/2)

බී.ආර්.සී. පිලට කඩුලු 3ක ජයක්

චිලව් මේරියන්ස් පන්දුවාර 47.1 කදී ලකුණු 235 යි – (අනුජ් ජෝටින් 50, කවිඳු ඉරෝෂ් 38, අවිඳු තීක්ෂණ 30, කවිඳු දිල්හාර 23, මල්ක මධුසංඛ 28/2, දුෂාන් හේමන්ත 29/2, කෙවින් කොත්තිගොඩ 30/2)

බී.ආර්.සී. පන්දුවාර 42 කදී කඩුලු 7 ට ලකුණු 236 යි – (තිලකරත්න සම්පත් 120, ඩිලාන් ජයලත් 54, දුෂාන් හේමන්ත 26, ශෂේන් සිල්වා 36/4)

එන්.සී.සී. පිලට ලකුණු 43ක ජයක්

එන්.සී.සී. පන්දුවාර 50 කදී කඩුලු 8 ට ලකුණු 256 යි (උපුල් තරංග 58, සඳුන් වීරක්කොඩි 57, ළහිරු උදාර 44, අහන් වික්‍රමසිංහ 35, අසේල් සිගේරා 32, නදීර බාලසූරිය 41/3)

පොලිස් පන්දුවාර 41.5 කදී ලකුණු 213 යි (අශේන් බණ්ඩාර 70, චතුරංග ජයතිලක 41, නදීර බාලසූරිය 24, යුගීෂ ඩිෂාන් 32/3, අසේල් සිගේරා 34/3, අෂියන් ඩැනියෙල් 31/2)

මුවර්ස්ට කඩුලු 6ක ජයක්

සෙබස්තියනයිට්ස් පන්දුවාර 29.2 කදී ලකුණු 131 යි (සෂා ද අල්විස් 24, මානෙල්කර් ද සිල්වා 24, තරිඳු රත්නායක 20, ඉම්තියස් ස්ලාසා 33/3, චානුක ඩිල්ෂාන් 21/2, මිලාන් රත්නායක 33/2)

මුවර්ස් පන්දුවාර 26.2 කදී කඩුලු 4 ට ලකුණු 132යි -(දිනුක ඩිල්ෂාන් 50*, මොහොමඩ් ෂමාස් 35, ජනිෂ්ක පෙරේරා 29*, අක්තාබ් කාදර් 19/2)

Recent Posts

  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර අද (20 දා) ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
  • ශ්‍රී ලංකාව ඉනිමකින් පරාජය කළ නවසීලන්තයට පූර්ණ ටෙස්ට් තරගාවලි ජයක්
      දෙවැනි ඉනිමේදී පිතිකරුවන් ධෛර්යවන්ත පිතිහරඹයක නිරත වූවත් පළමු ඉනිමේ වූ අතපසුවීම මඟහරවා ගැනීමට නොහැකිවීම නිසා වෙලිංටන් නුවරදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිමක […]
  • 23 න් පහළ අවසන් සටන හෙට සහ අනිද්දා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම නැගී ලීග් ක්‍රිකට් තරගාවලියේ මූවර්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය අතර අවසන් මහා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest