slc
logo
Home   |    News
ජූලි 3, 2022
යුද හමුදා පිල අපරාජිතභාවය රැක ගනියි

sinhala editor

By Chamila Karawita

පිට පිටම දෙවැනි වරටත් අර්ධ ශතකය වාර්තා කිරීමට තිසර පෙරේරා සමත්වීමත් සමඟ අන්තර් සමාජ ප්‍රධානතම සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි ජයත් වාර්තා කළ යුද හමුදා කණ්ඩායම තවදුරටත් අපරාජිතභාවය රැක ගැනීමට අද (03 දා) සමත්විය.

චිලව් මේරියන්ස් පිලට එරෙහිව පැවැති තරගයේදී මැද පෙළින් පන්දුවට පහර දීමට පැමිණි තිසර හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමඟින් පන්දු 58 කදී ලකුණු 70 ක් වාර්තා කරමින් යුද හමුදා කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වුවේය. තිසරගේ ඉනිම ප්‍රධාන කොට ලකුණු 262 ක ඉලක්කයක් මේරියන්ස් පිලට ලබා දුන් නමුත් එය හඹා යෑමේදී ඔවුහු ලකුණු 163 ට සීමා විය.

ඊට අමතරව අද පැවැති තරගවලදී සී.සී.සී. කණ්ඩායමේ අශාන් ප්‍රියන්ජන් තුන් ඉරියව්වෙන්ම දස්කම් දැක්වීම කැපී පෙනුනි. පන්දුව අතට ගත් ප්‍රියන්ජන් ලකුණු 30 කට කඩුලු 6 ක් දවා ගනිමින් පසුව පිත්තෙන් ලකුණු 28 ක් වාර්තා කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යෑමේ පෙරමුණ ගත්තේය. සී.සී.සී. කණ්ඩායම අවසන් කඩුලු 2 ඉතිරිව තිබියදී ජය වාර්තා කරන ලද්දේ ප්‍රියන්ජන්ගේ ලකුණු 28 ට ස්තූතිවන්නටය. ඔහුට අමතරව අද දිනයේ කඩුලු 5 ක් දවා ගැනීමට සමත්වූ අනෙක් පන්දු යවන්නා වූයේ පොලිස් පිල නිනෙියෝජනය කරනු ලබන පිට දඟ පන්දු යවන නලින් ප්‍රියදර්ශන සමත්වූවේය. බදුරලියට එරෙහිව පැවැති තරගයේදී ලකුණු 36 කට කඩුලු 5 ක් බිඳ හෙලූ නලින් පොලිස් පිල ජයග්‍රහණය කරා රැගෙන යෑමේ පෙරමුණ ගනු ලැබීය.

  • යුධ හමුදාවට ලකුණු 98 ක ජයක්

යුධ හමුදා  පිල පන්දුවාර 50 කදී කඩුලු 9 ට ලකුණු 261 යි –  (තිසර පෙරේරා 70, ලක්ෂාන් එදිරිසිංහ 50, සුමින්ද ලක්ෂාන් 39, ලක්ෂාන් ගමගේ 29, ධම්මික ප්‍රසාද් 58/4, පුලින තරංග 34/3, ගෞරව් ජාතර් 39/2)

හලාවත මේරියන්ස් පන්දුවාර 41.4 කදී ලකුණු 163 යි – (අනුජ් ජෝතින් 38, රවීන් යසස් 28, කවිඳු ඉරෝෂ් 23, ගෞරව් ජතාර් 22, සුමින්ද ලක්ෂාන් 23/4, අසංක මනෝජ් 31/3)

  • එස්. එස්. සී. පිලට ලකුණු 121ක ජයක්

එස්.එස්.සී. පන්දුවාර 50 කදී ලකුණු  267 යි – (නිපුන් ධනංජය 89, කවිඳු නදීශාන් 62, දසුන් ශානක 30, ක්‍රිෂාන් සංජුල 26, දිලුම් සුදීර 39/3, ප්‍රමෝද් මධුෂාන් 51/2)

ටැමිල් යුනියන් පන්දුවාර 29.5 කදී ලකුණු 146  (රවිඳු ප්‍රනාන්දු 43, නවෝද් පරණවිතාන 24, සන්තුෂ් ගුණතිලක 21, ලක්ෂිත මානසිංහ 16/4, කවිඳු නදීශාන් 30/3, සම්මු අශාන් 25/2)

  • සී.සී.සී. කණ්ඩායමට කඩුලු 2 ක ජයක්

නාවික හමුදාව පන්දුවාර 34 කදී ලකුණු 148 යි – (සචිත්‍ර සේනානායක 70, මාලිංග මාලිගස්පේ 26, අශාන් ප්‍රියංජන් 30/6)

සී.සී.සී. පන්දුවාර 30.5 කදී කඩුලු 8 ට ලකුණු 149 යි – (අශාන් ප්‍රියංජන් 28, ලසිත් අබේරත්න 27, පවන් රත්නායක 24, දිලංක අවුරත් 34/3, සචිත්‍ර සේනානායක 28/2, සුදාර දක්ෂිණ 48/2)

  • සෙබස්තියනයිට්ස් පිලට ලකුණු 121 ක ජයක්

සෙබස්තියනයිට්ස් පන්දුවාර 50 කදී කඩුලු 9 ට ලකුණු 209 යි – (තරිඳු රත්නායක 51*, සෂා ද අල්විස් 33, තෙවිඳු සේනාරත්න 24, මානෙල්ක ද සිල්වා 27, ළහිරු ප්‍රනාන්දු 22, විමුද් සප්නක 20, ජනිඳු ඉනුවර, කණිෂ්ක මදුවන්ත 22/3, දිනේෂ් ඉන්දික 25/2)

කළුතර නාගරික පන්දුවාර 29.2 කදී ලකුණු  88 යි –  (විශාර ප්‍රනාන්දු 33, ශෂ්‍රීක පුස්සේගොල්ල 14/3, ලොහාන් ද සොයිසා 15/2, අමිත කෞෂල්‍ය 20/2, තරිඳු රත්නායක 20/2)

  • ගුවන් හමුදාවට කඩුලු  7ක ජයක්

කුරුණෑගල තරුණ පන්දුවාර 33 කදී ලකුණු 71 යි – (ඩිල්ෂාන් කොල්ලුරේ 22, දුලංජන මෙන්ඩිස් 02/4, මොවින් සුබසිංහ 11/2, ගයාන් සිරිසෝම 25/2)

ගුවන් හමුදාව පන්දුවාර 17.4 කදී කඩුලු 3 ට ලකුණු 74 යි – (කළණ විජේසිරි 37, යොහාන් මැද්දගේ 07/2)

  • මුවර්ස් පිලට ලකුණු 58ක ජයක්

මුවර්ස් පන්දුවාර 40.3 කදී ලකුණු 179 යි – (මොහොමඩ් ෂමාස් 61, පසිඳු සූරියබණ්ඩාර 29, සොහාන් ද ලිවේරා 26, අසේල් සිගේරා 35/3, යුගීෂ ඩිෂාන් 31/2, වෙනුර ජයකොඩි 34/2, අෂි‌යෙන් ඩැනියෙල් 35/2)

එන්.සී.සී. පන්දුවාර 31 කදී ලකුණු 121 යි –  (කවින් බණ්ඩාර 27, අම්ෂි ද සිල්වා 21*, චානුක ඩිල්ෂාන් 27/3, මිලාන් රත්නායක 26/2, දිනුක ඩිල්ෂාන් 22/2)

  • පොලිස් පිලට කඩුලු 4ක ජයක්

බදුරලිය පන්දුවාර 42.1 කදී ලකුණු 155 යි – (රනේෂ් සිල්වා 48, ගිහාන් රූපසිංහ 34, සහිඩ් මන්සූර් 20, නලින් ප්‍රියදර්ශන 36/5, නුවන් ප්‍රදීප් 36/2, ලහිරු දියන්ත 36/2)

පොලිස් පන්දුවාර 38 කදී කඩුලු 6 ට ලකුණු 158 යි – (නදීර බාලසූරිය 59*, චාමර සිල්වා 28, චතුරංග සිල්වා 25/3, රුචිර කෝෂිත 50/2)

  • ලන්කන් පිලට කඩුලු 3 ක ජයක්

සැරසන්ස් පන්දුවාර 50 කදී  ලකුණු 208 යි – (මොහොමඩ් වකාස් 41, ෆසාල් සුභාන් 33, තවීෂ කහදුවාරච්චි 29, ප්‍රවීන් සඳමාල් 23, තුෂිර මදනායක 52/5, පූර්ණ වන්නිතිලක 25/2)

ලන්කන් පන්දුවාර 43.3 කදී කඩුලු 7 ට ලකුණු 209 යි – (දේවින්ද් පද්මනාදන් 49, යෙසිත් රූපසිංහ 39*, කසුන් අබේරත්න 41, රවිඳු රත්නායක 27, කවික ඩිල්ෂාන් 27/2, ගිහාන් ඊබට් 42/2, සඳුන් මෙන්ඩිස් 40/2)

  • ඒස් කැපිටල් පිලට කඩුලු 4ක ජයක්

කෝල්ට්ස් පන්දුවාර 50 කදී කඩුලු 9 ට ලකුණු 242 යි – (විශාද් රන්දික 88, ධනංජය ලක්ෂාන් 35, හෂාන් දුමිඳු 27, මුදිත ලක්ෂාන් 21, අවිශ්ක පෙරේරා 24, චානක දේවින්ද 49/3, සිතුම් දිසානායක 49/2)

ඒස් කැපිටල් පන්දුවාර 44.3 කදී කඩුලු 6 ට ලකුණු 243 යි – (තනුක දාබරේ 68, දුලීක තිස්සකුට්ටිගේ 61, ලසිත් කෲස්පුල්ලේ 41, ෂෙහාන් ප්‍රනාන්දු 26, අකිල ධනංජය 31/4

  • පානදුර පිලට කඩුලු 1ක ජයක්

රාගම පන්දුවාර 49.4 කදී ලකුණු 250 යි – (නිශාන් මධුෂ්ක 73, සමින්ද ප්‍රනාන්දු 64, ජනිත් ලියනගේ 25, තරිඳු කෞෂාල් 44/3)

පානදුර පන්දුවාර 49.3 කදී කඩුලු 9 ට ලකුණු 251 යි – (තරිඳු කෞෂාල් 59*, ලක්ෂාන් රුද්‍රිගු 49, රිෂික දවටගේ 37, සංජය චතුරංග 30, අලි මෙහාර් 30, කොෂාන් ධනුෂ්ක 28, ඩෙලෝන් පීරිස් 45/3, කල්හාර සේනාරත්න 28/2, ජනිත් ලියනගේ 28/2)

  • ගාල්ලට ලකුණු 09 ක ජයක් (ඩක්වර්ත් ලුවිස්)

බී.ආර්.සී. පන්දුවාර 37.3 කදී ලකුණු 164 යි – (ලහිරු සමරකෝන් 35, ලියෝ ෆ්‍රැන්සිස්කෝ 24, දුෂාන් හේමන්ත 20, රවිෂ්ක විජේසිරි 35/4, චතුර ලක්ෂාන් 18/3)

ගාල්ල පන්දුවාර 33 කදී කඩුලු 6 ට ලකුණු 133 යි – (සමීන් කඳනආරච්චි 56, තේවින් අමරසිංහ 44, දුවිඳු තිලකරත්න 30/4)

  • නුගේගොඩට ලකුණු 35ක ජයක්

නුගේගොඩ පන්දුවාර 48.2 කදී ලකුණු 209 යි – (රනිත ලියනාරච්චි 64, භාග්‍ය ​​දිසානායක 43, නවීන් ප්‍රනාන්දු 28, නයන ප්‍රනාන්දු 20, අවීෂ කේෂාන් 38/3, පසිඳු උෂෙට්ටිගේ 39/3 ශේෂාන් ප්‍රනාන්දු 39/2)

මීගමුව පන්දුවාර 45 කදී ලකුණු 174 යි – (අමෝද විදානපතිරණ 41, ඩිල්ෂාන් මුණවීර 35, සඳරුවන් චින්තක 31, රනිත ලියනාරච්චි 14/3, අරවින්ද ප්‍රේමරත්න 26/2, නවීන් ප්‍රනාන්දු 27/2, හංස ද සිල්වා 29/2)

Active filters

Recent Posts

  • පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂාගේ චෝදනාවට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් පිළිතුරු
    එවකට පොලිස්පතිවරයා ලෙසින් කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් මහතාට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් වැටුප් ඇතුළු තවත් වරප්‍රසාද ලබා දුන්නේ යැයි විසර්ජන පනත් කෙටුම්පත් පිළිබඳ පාර්ලිමේන්තු විවාදයේදී මන්ත්‍රී හේෂා විතානගේ […]
  • ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට
    ශ්‍රී ලංකාව සහ නවසීලන්ත කාන්තා කණ්ඩායම් අතර ඩනේඩින්හි පැවැති තෙවැනි පන්දුවාර විස්සයි-20 තරගයට අයහපත් කාලගුණය හරස්වීම නිසා තරගාවලි ජයග්‍රාහකයින් තීරණය කිරීමට නොහැකි වුවද එතෙක් පැවැති තරග වලදී දක්වන ලද දක්ෂතා […]
  • විස්සයි-20 තරගාවලිය සමශූරතා හිමිකරදෙමින් නිමවෙයි
    සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ නවසීලන්ත කාන්තා කණ්ඩායම අදර අද (18 දා) ඩනෙඩන් නුවරදී පැවැති තෙවැනි පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගය වර්ෂාව හේතුවෙන් ප්‍රතිඵල රහිතව අතහැර දැමීමට […]
  • ගාල්ල – මහනුවර තරගය ජය පැරදුමින් තොරයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL) තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගය ජය පරාජයෙන් තොරව […]
  • කොළඹ පිලට ලකුණු 87ක ජයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL) තරගාවලියේ කොළඹ – යාපනය අතර තරගයෙන් කොළඹ පිලට ලකුණු […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee