slc
Home   |    News
ජූලි 25, 2022
රමේෂ් – ප්‍රභාත් පාකිස්තානු ඉනිමේ පාලනය අතට ගනිති

sinhala editor

By Chamila Karawita

ගාල්ලේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනට තරගය නිමා කරන විට සිය පළමු ඉනීම ක්‍රීඩා කරමින් සිටින පාකිස්තානු කණ්ඩායම කඩුලු 7 කට ලකුණු 191 ක් ලබා සිටියි. ශ්‍රී ලංකාව පළමු ඉනිම වෙනුවෙන් රැස් කරන ලද ලකුණු 378 ට හඹා යමින් සිටින පාකිස්තානුවන් පිට පිටම දෙවැනි වරටත් පන්දුවට පහර දීමේ අවධානමෙන් මිදීමට සමත් වුවත් සත්කාරක පිලට වඩා ලකුණු 187 ක් පසුපසින් සිටින්නේ කඩුලු 3 ක් පමණක් අත දරාගෙනය.

පාකිස්තානු ඉනිමේ 7 වැනි පිතකිරුවා වූ අඝා සල්මාන්ගේ කඩුල්ල දැවී යෑමත් සමඟ දෙවැනි දිනට තරගය නිමා කිරීමට විනිසුරුවෝ පියවර ගත්හ. මුලු ලකුණු සංඛ්‍යාව 145 ක්ව තිබියදී හය වැනි කඩුල්ලත් පාකිස්තානු පිලට අහිමිව තිබියදී පිටියට අඝා සල්මාන්ට එක්වූ යසීර් ෂා 7 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 46 ක සම්බන්ධතාවක් ගොඩ නංවමින් පාකිස්තානු පිල ලකුණු 200 සීමාවට ඇදගෙන ආහ. එහෙත් ප්‍රභාත් ජයසූරියගේ පන්දුවකට ඉනිමේ එකම අර්ධ ශතක ලාභියා ගොදුරු වූයේ තාවකාලිකව කණ්ඩායම මෙහෙයවීමේ වගකීමේ නිරතව සිටින ධනංජය ද සිල්වා උඩ පන්දුවක් රැක ගැනීම නිසාය.

පිට කොන්දේ ඇතිවී තිබෙන ආබාධ තත්ත්වයක් හේතුවෙන් අද දිනයේදී දිමුත් කරුණාරත්න පන්දු රැකීම සඳහා පිටියට පිවිසීමෙන් වැළකී සිටි නිසා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ධනංජය ද සිල්වා විසින් සිදුකළේය.

පන්දු 126 කට ක්‍රීඩා කළ සල්මාන් අද රැස් කරන ලද්දේ ඔහුගේ මංගල ටෙස්ට් අර්ධ ශතකය විය. වඩාත් ආරක්ෂා කාරීව පන්දුවට පහර දුන් දකුණතු පිතිකරුවා සිය ඉනිමට හතරේ පහර 4 ක් පමණක් ඇතුළත් කිරීමට වග බලා ගත්තේ, තම කඩුල්ල දැවී ගියහොත් කණ්ඩායමට අත්වන ඉරණම හොඳින්ම දන්නා කරුණක් වූ බැවිනි.

පාකිස්තානු පළමු පන්දුවෙන්ම ආරම්භක පිතිකරු අබ්දුල්ලා ශෆීක්ව දවා ගැනීමට අසිත ප්‍රනාන්දු සමත්වූවේය. පිත්තේ ඇතුළත දාරයේ වැදී කඩුල්ල සොයා ඇදී ගියේ සිදුවූයේ කුමක්ද යන්න ශෆීක්ට වටහා ගැනීමටත් පෙරය. අද දිනයේදී ශ්‍රී ලංකාවට වඩාත් වැදගත් කඩුල්ල වූයේ නායක බාබර් අසාම්ගේ කඩුල්ලය. ජයසූරිය හමුවේ තරමක් ප්‍රවේගකාරී වන්නට යෑමේදී එය වැරදී යෑමෙන් අසාම්ගේ කඩුල්ල ශ්‍රී ලංකාවට හිමිවිය.

දැවී ගිය කඩුලු 7 න් කඩුලු 3 ක් රමේෂ් මෙනඩිස් විසින් දවා ගනිද්දී ප්‍රභාත් ජයසූරිය කඩුලු 2 කට හිමිකම් කීවේය. අසිත ප්‍රනාන්දු සහ ධනංජය ද සිල්වා එක් කඩුල්ල බැගින් බිඳ හෙළූහ. අද දිනයේදී තම මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන දුනිත් වෙල්ලාලගේ පන්දුවාර 6 ක් ක්‍රියාත්මක කෙරුවද එකම කඩුල්ලක් හෝ දවා ගැනීමේ අවස්ථාවක් නොවීය. පළමු පන්දුවාරයේදීම ලකුණු 8 ක් ලබා ගැනීමට පාකිස්තානුවන් සමත් වුවද් ඉතිරි පන්දුවාර 5 දී නිලකුණු පන්දුවාරයක්ද සමග ලකුණු 10 කට නවතා ලීමට වෙල්ලාලගේ සමත්වූවේය.

දිවා ආහාරයට මිනිත්තු 30 ක් පමණ ඉතිරිව තිබියදී ශ්‍රී ලංකා ඉනිමේ ඉතිරි කඩුලු 4 දවා ගැනීමට පාකිස්තානු පන්දු යවන්නෝ සමත්වූහ. එහෙත් ඒ අතරතුරදී ශ්‍රී ලංකාව තවත් ලකුණු 63 කින් ඉහළ දමා ගැනීමට සමත්වූහ. ඒ අතරතුරදී පෙර දිනයේ ලකුණු 42 ක් ලබා කඩුල්ලේ රැඳී සිටි නිරෝෂන් දික්වැල්ල තම ටෙස්ට් තරග දිවියේ 22 වැනි අර්ධ ශතකය සම්පූර්ණ කර ගත්තේය.

අද දිනයේ ශ්‍රී ලංකාව රැස් කර ගන්නා ලද ලකුණු 63 න් ලකුණු 35 ක්ම රමේෂ් මෙන්ඩිස්ගේ පිත්තෙන් වාර්තා වූ ලකුණුය. ශ්‍රී ලංකා පසු පෙළ වෙනුවෙන් අනගි මෙහෙයක් කළ මෙන්ඩිස් අවසන් පිතිකරුවන් දෙදෙනා සමඟ එක්ව ලකුණු 50 කින් කණ්ඩායමේ මුලු ලකුණු සංඛ්‍යාව පෝෂණය කිරීමට සමත්වූහ.

හෙට තරගයේ තෙවැනි දිනයයි.

 ශ්‍රී ලංකාව පළමු ඉනිම පන්දුවාර 103 කදී සියලු දෙනා දැවී ලකුණු 378 යි – (ඕෂධ ප්‍රනාන්දු 50, දිමුත් කරුණාරත්න 40, කුසල් මෙන්ඩිස් 03, ඇන්ජලෝ මැතිව්ස් 42, දිනේෂ් චන්දිමාල් 80, ධනංජය ද සිල්වා 33, නිරෝෂන් දික්වැල්ල 51, දුනිත් වෙල්ලාලගේ 11, රමේෂ් මෙන්ඩිස් 35, ප්‍රභාත් ජයසූරිය 08, අසිත ප්‍රනාන්දු (නොදැවී) 04, නසීම් ෂා 58/3, යසීර් ෂා 83/3, මොහොමඩ් නවාස් 80/2, නවුමන් අලී 64/1)

පාකිස්තානය පන්දුවාර 69.4 කදී කඩුලු 7 ක් දැවීි ලකුනු 191 යි – (අබ්දුල්ලා ශෆීක් 00, ඉමාම් උල් හක් 32, බාබර් අසාම් 16, මොහොමඩ් රිස්වාන් 24, ෆාවාඩ් අලාම් 24, අඝා සල්මාන් 62, මොහොමඩ් නවාස් 12, යසීර් ෂා (නොදැවී) 13, රමේෂ් මෙන්ඩිස් 42/3, ප්‍රභාත් ජයසූරිය 59/2, අසිත ප්‍රනාන්දු 49/1)1

Recent Posts

  • ශ්‍රී ලංකාව පන්දු යැවීමට තීරණය කරයි
    නවසීලන්තයට එරෙහිව ඕක්ලන්ඩ්හිදී පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීම සඳහා සත්කාරක නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කර සිටියේය. මෙම […]
  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest