slc
Home   |    News
ජූලි 12, 2022
ලෝක ටෙස්ට් ශූරතාවලියේ ශ්‍රී ලංකාව පියවරක් ඉදිරියට

sinhala editor

ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැති දෙවැනි ටෙස්ට් තරගය ජය ගැනීමට සමත්වීමත් සමග අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරනු ලබන ලෝක ටෙස්ට් ශූරතාවලි ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමත්ව තිබේ.

පළමු ටෙස්ට් තරගයෙන් ඔස්ට්‍රේලියාව කඩුලු 10 කින් ජය ගත්තද දෙවැනි ටෙස්ට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 39 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වීම නිසා දෙරට අතර ටෙස්ට් තරගාවලිය 1-1 ක් ලෙස සමව අවසන් විය. එමෙන්ම මෙම ජයත් සමඟ තරගාවලියට පෙර ප්‍රසාද ලකුණු සටහනේ සිව්වැනි ස්ථානයේ පසුවුණු ශ්‍රී ලංකා කණ්ඩායම මෙතෙක් සහාගිව ඇති ටෙස්ට් තරග 8 න් 4 ක් ජය ගෙන සිටියි.

මෙම තරගාවලියට පෙර පළමු ස්ථානයේ රැදී සිටි ඔස්ට්‍රේලියානු කණ්ඩායම මේ වන විට දෙවැනි ස්ථානය තෙක් පසුබැස සිටියි. මේ දක්වා ටෙස්ට් තරග 10 කට ක්‍රීඩා කර ඇති පැට් කමින්ස් කැන්ගරුවෝ ඉන් තරග 6 ක් ජය ගෙන තරග 3 ක්  පරාජයට පත්ව සිටියි. මෙම තත්ත්වය මත දෙවැනි ස්ථානයේ සිටි දකුණු අප්‍රිකානු කණ්ඩායම එම සටහනේ පෙරුමුණට පැමිණ සිටියි.

Recent Posts

LKR Sri Lankan rupee

Pin It on Pinterest