slc
logo
Home   |    News
ජූලි 16, 2022
ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙයි

sinhala editor

පාකිස්තානයට එරෙහිව ගාල්ලේදී අද (16 දා) ඇරැඹි පළමු ටෙස්ට් තරගයේදී කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. ගාල්ල තණතීරුවේදී සිව්වැනි ඉනිමේ හඹා යෑම අවධානම් බැවින් ශ්‍රී ලංකා නායකයා කිසිදු පැකිළීමකින් තොරව පන්දුවට පහර දීමට තීරණය කළේය.

මීට සතියකට ඉහතදී ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැති තරගයට ක්‍රීඩා කළ කණ්ඩායමේ ස්ථාන 2 ක් වෙනස් කරමින් ශ්‍රී ලංකාව අද තරගයට අවතීර්ණව සිටියි. ජයග්‍රාහී සංයුතියෙහි වෙනසක් සිදු නොකිරීම ශ්‍රී ලංකා කණ්ඩායම කලක පටන් රැගෙන එන සම්ප්‍රදායක් වුවත්, ක්‍රීඩකයින් අසනීප කණ්ඩායමෙන් ඉවතට යන්නේ නම් ඔහු නැවත පැමිණීයද ඔහුගේ ස්ථානය ලබාදීමට ද ඒ හා සමානවම ප්‍රමුඛතාවක් ලබාදීම නිසා මෙම තත්ත්වයට හේතුවයි.

ඒ අනුව කොවිඩ් ආසාධනයවීම මත දෙවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා නොකළ ධනංජය ද සිල්වා ‌මෙම තරගයේදී යළි ස්ථානයට ආදේශ වන අතර ඔහු වෙනුවට ක්‍රීඩා කළ කමිඳු මෙන්ඩිස්ට ස්ථානය අහිමිව තිබේ. සඳහන් කළ පරිදිම පැතුම් නිස්සංක‌ගේ ස්ථානය ආරම්භක පිතිකරු ඕෂධ ප්‍රනාන්දුට හිමිව තිබේ.

තරගයට පෙර දිනයේදී වේග පන්දු යවන්නන් දෙදෙනෙකු සමගින් අවතීර්ණ වන බව ශ්‍රී ලංකා නායකයා ඉඟි කළ නමුත් ඔස්ට්‍රේලියාවට එරෙහිව තරග වැදි එක් වේග පන්දු යවන්නකු සමඟින් ශ්‍රී ලංකාව තරගයට අවතීර්ණව සිටියි. කසුන් රාජිත ශ්‍රී ලංකාව සතු එකම වේග පන්දු යවන්නා බවට පත් වද්දී ප්‍රභාත් ජයසූරිය, රමේෂ් මෙන්ඩිස් සහ මහීෂ් තීක්ෂණ දඟ පන්දු යවන්නන් ලෙසින් එකතුව සිටියි.

මේ අතර පාකිස්තානු කණ්ඩායම සල්මන් අඝාට ටෙස්ට් වරම් ලබා දීම කැපී පෙනෙයි. 28 හැවිරිදි වියේ පසුවන ආඝා අවසන් වසරට පැවැති වසර 2 කට අධික කාලයේදී දේශීය තරගාවලිවලදී ලකුණු 1600 කට අධික සංඛයාවක් රැස් කරමින් ටෙස්ට් කණ්ඩායම සඳහා වරම් දිනා ගැනීමට සමත්වූවෙකි.

ශ්‍රී ලංකා පිල – දිමුත් කරුනාරත්න (නායක), ඕෂධ පනාන්දු, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, දිනේෂ් චන්දිමාල්, නිරෝෂන් දික්වැල්ල, රමේෂ් මෙන්ඩිස්, ප්‍රභාත් ජයසූරිය, මහීෂ් තීක්ෂණ, කසුන් රජිත.

පාකිස්තාන පිල – අබ්දුල්ලා ශෆීක්, ඉමාම් උල්හක්, අසාර් අලී, බාබර් අසාම් (නායක), මොහොමඩ් රිසාවාන්, මොහොමඩ් නවාස්, සල්මන් ආගා, යසීර් ෂා, හසන් අලී, නසීම් ෂා, ශහීන් අ‌ෆ්රිඩි.

Active filters

Recent Posts

  • ගාල්ල – මහනුවර තරගය ජය පැරදුමින් තොරයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL) තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගය ජය පරාජයෙන් තොරව […]
  • කොළඹ පිලට ලකුණු 87ක ජයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL) තරගාවලියේ කොළඹ – යාපනය අතර තරගයෙන් කොළඹ පිලට ලකුණු […]
  • නවසීලන්ත කාන්තාවෝ එකට එක කරති
    නවසීලන්ත නායිකා සුසී බේට්ස් සහ බෘෘක් හෝලිඩේගේ තුන් ඉරියව්වේ දක්ෂතාත් බ්‍රී ඉලිං ගේ පන්දු යැවීමේ දක්ෂතාවත් නිසා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව ක්‍රයිස්චර්ච්හි පැවැති දෙවැනි පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් […]
  • ගාල්ල පිල ලකුණු 265ක් ඉදිරියෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL)තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගයේ තෙවැනි දිනය නිමාවෙද්දී ගාල්ල […]
  • යාපනයේ ජයග්‍රහණයට ලකුණු 381ක් පසුපසින්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL) තරගාවලියේ ජයග්‍රහණය හඹා යන යාපනය පිල කඩුලු 9ක් අතැතිව […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee