slc
Home   |    News
ජූලි 11, 2022
ශ්‍රී ලංකාව ලකුණු 190 කින් පෙරට

sinhala editor

දිනේෂ් චන්දිමාල් රැස් කරන ලද ලකුණු 206 ක ඉනිම හේතුවෙන් ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ සිව්වැනි දිනටත් පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී ඔස්ටේලියාවට එරෙහිව ලකුණු 160 කින් පළමු ඉනිමේ පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකාවට අද (11 දා) හැකියාව ලැබිණ.

මිචෙල් ස්ටාර්ක්ට පිට පිටම එල්ල කරන ලද හතරේ පහරත් හයේ පහර 2 ත් සමඟ තම ටෙස්ට් ක්‍රිකට් දිවියේ පළමු ද්විත්ව ශතකය සපුරා ගත් චන්දිමාල් ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු ඉනිම ලකුනු 554 කදී අහවර වන තෙක්ම සිය ඉනිම ආරක්ෂා කර ගත්තේය. පන්දු 326 කට මුහුණ දුන් දකුණත් පිතිකරුවා තම ඉනිම හයේ පහර 5 කින් සහ හතරේ පහර 16 කින් වර්ණවත් කර ගත්තේය.

චන්දිමාල් රැස් කරන ලද ලකුණු සංඛ්‍යාව ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රී ලංකා පිතිකරුවකු රැස් කරන ලද ඉහළම ලකුණු සංඛ්‍යාව බවට පත්විය. මීට පෙර වැඩිම ලකුනු ලාභියා බවට පත්ව සිටියේ කුමාර් සංගක්කාර වන අතර හෝබාර්ට්හිදී රැස් කරන ලද ලකුණු 192 මීට පෙර එහි වාර්තාවිය.

ඉනිමේ අවසන් පිතිකරුවා ලෙස කසුන් රාජිත දැවී යන විට ශ්‍රී ලංකා පිතිකරුවන් පළමු ඉනිම වෙනුවෙන් පන්දුවාර 181 කට ක්‍රීඩා කර තිබුණි. ශ්‍රී ලංකාව අද රැස් කරන ලද ලකුණු සංඛ්‍යාව ඔස්ට්‍රේලියානු  පිලටකඑ එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායමක් රැස් කරන ලද වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව බවටද පත්විය. මීට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම රැස් කරන ලද වැඩිම ලකුණු සංඛ්‍යාව වූයේ මීට වසර 30 කට පෙර කොළඹ එස්. එස්. සී. පිටියේදී කඩුලු 8 ක් දැවී රැස් කරන ලද ලකුණු 547 වේ.

මහීෂ් තීක්ෂණ සහ ප්‍රභාත් ජයසූරිය ලකුණු 7 ක් ඇතුළත දැවී ගියද චන්දිමාල්ට එක්වූ කසුන් රජිත 10 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 49 ක්ද එක් කිරීමට දායකත්වය දැක්වූවේය. එම සම්බන්ධතාවයේදී කසුන්ගේ පිත්තෙන් එකම ලකුණක් හෝ වාර්තා නොවීම කැපී පෙනිණ. ජ්‍යෙෂ්ඨයාට අවශ්‍ය සහාය ලබා දී අනෙක් අන්තයේ රැදී සිටි රාජිත දැවී යන විට පන්දු 09 කට මුහුණ දී තිබුණේය.

ශ්‍රී ලංකා  පිලට ඔස්ට්‍රේලියානු  පිල අභිබවා යෑමට ශක්තිය ලැබුණු සම්බන්ධතාව වූයේ චන්දිමාල් සහ රමේෂ් මෙන්ඩිස් එක්ව රැස් කරන ලද ලකුණු 68 ක සම්බන්ධතාව විය. තුන් ඉරියව් ක්‍රීඩකයකු ලෙස කණ්ඩායමට ක්‍රීඩා කරන රමේෂ් පන්දු 98 කදී ලකුණු 29 ක් ලබා ගත්තේ ඉනිමට එක් හතරේ පහරක් පමණක් ඇතුළත් කර ගනිමිනි.

ශ්‍රී ලංකා ඉනිම අවසන් වන විට ඔස්ට්‍රේලියාව වෙනුවෙන් නේතන් ලයන් පන්දුවාර 64 ක් යවමින් ලකුණු 194 කට කඩුලු 2 ක් දවා ගෙන සිටියේය. ලයන් යවන ලද මෙම පන්දුවාර සංඛ්‍යාව 1981 වසරෙන් පසු ඔස්ට්‍රේලියානු පන්දු යවන්නකු ඉනිමක යවන ලද තෙවැනි වැඩිම පන්දුවාර සංඛ්‍යාව බවට පත්විය. මීට පෙර ස්ටීව් ඔකීෆ් (2017) සහ ෂේන් වෝන් (2002) පිළිවෙළින් පන්දුවාර 77 සහ 70 බැගින් යවා තිබේ.

ඔස්ට්‍රේලියාව පන්දුවාර 110 කදී සියලු දෙනා දැවී ලකුණු 364 යි – ස්ටිවන් ස්මිත් (නොදැවී) 145, මානස් ලබුෂේන් 104, අලෙක්ස් කේරි 28, උස්මාන් කවාජා 37, ප්‍රභාත් ජයසූරිය 118/6, කසුන් රජිත 70/2, රමේෂ් මෙන්ඩිස් 117/1, මහීෂ් තීක්ෂණ 48/1)

ශ්‍රී ලංකාව පන්දුවාර 181 කදී ලකුණු 554 යි – දිනේෂ් චන්දිමාල් නොදැවී 206, දිමුත් කරුණාරත්න 86, කුසල් මෙන්ඩිස් 85, ඇන්ජලෝ මැතිව්ස් 52, කමිඳු මෙන්ඩිස් 61, පැතුම් නිස්සංක 06, නිරෝෂන් දික්වැල්ල 05, රමේෂ් මෙන්ඩිස් 29, මහීෂ් තීක්ෂණ 10, ප්‍රභාත් ජයසූරිය 00, කසුල් රජිත 00, මිචෙල් ස්ටාක් 89/4, නේතන් ලයන් 194/2, මචෙල් ස්වෙප්සන් 103/3, පැට් කමින්ස් 95/1)

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest