slc
logo
Home   |    News
ජූලි 18, 2022
ශ්‍රී ලංකාව ලකුණු 40 ක් ඉදිරියෙන්

sinhala editor

පිට පිටම තෙවැනි ටෙස්ට් ඉනිමේදීත් කඩුලු 5 ක් දවා ගැනීමට ප්‍රභාත් ජයසූරිය සමත්වීම නිසා පාකිස්තානු පළමු ඉනිම ලකුණු 216 කදී නවතා දැමීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද (17 දා) පස්වරුවේ හැකියාව ලැබිණ. ලකුණු 04 ක පළමු ඉනිමේ වාසියද සමග දෙවැනි ඉනිම අරඹා සිටින ශ්‍රී ලංකා කණ්ඩායම අයහපත් ආලෝකය මත තරගය නතර කර දමන විට කඩුල්ලක් දැවී ලකුණු 36 ක් ලබා සිටියේය. ඒ අනුව සත්කාරක පිල සංචාරක පිලට වඩා ලකුණු 40 ක් ඉදිරියෙන් පසුවන්නේය.

නායක දිමුත් කරුණාරත්න කඩුල්ල අහිමිකර ගත් පිතිකරුවා විය. ඕෂධ ප්‍රනාන්දු ලකුණු 17 ක් සහ මුරකරු පිතිකරු ලෙසින් පැමිණි කසුන් රජිත ලකුණු 03 ක් ලබා කඩුල්ලේ රැඳී සිටියි.

පාකිස්තානු පිලට ප්‍රබල තර්ජනයක් වුණු ප්‍රභාත් ජයසූරිය මුල් ඉනිම 3 දී කඩුලු 5 බැගින් දවා ගත් ලොව 8 වැනි පන්දු යවන්නා බවට පත් වෙමින් සිය පන්දු යැවීම අවසන් කරන ලද්දේ පන්දුවාර 31 කදී නිලකුණු පන්දුවාර 9 ක් සමඟින් ලකුණු 62 කට කඩුලු 5 ක් වශයෙනි. ජයසූරිය මේ වන විට දවා ගෙන සිටින කඩුලු සංඛ්‍යාව 17 කි.

ජයසූරියගේ පන්දු යැවීම නිසා පාකිස්තානු පළමු කඩුලු 7 ම ලකුණු 85 කදී බිඳ වැටුණද පාකිස්තානු නායකයාගේ වටිනා ශතකය නිසා අවසන් කඩුලු 3 දී ලකුණු 133 ක් රැස් කර ගැනීමට අවස්ථාව උදාවිය. එම ලකුණු වලින් ලකුණු 91 ක්ම අසාම්ගේ පිත්තෙන් වාර්තා වූ ලකුණුය. අසාම්ට අනගි සහයාක් ලබා දුන් අවසන් පිතිකරු නසීම් ෂා පන්දු 52 කට මුහුණ දී කඩුල්ල ආරක්ෂා කර ගත්තේය.

මහීෂ් තීක්ෂණගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව අසාම් දැවී යන විට අවසන් කඩුල්ල වෙනුවෙන් ලකුණු 70 ක් එක් කර තිබුණේය. ඊට පෙර 8 වැනි කඩුල්ල වෙනුවෙන් යසීර් ෂා (18) සමඟ ලකුණු 37 ක් සහ හසන් අලී සමඟ 9 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 36 ක් අසාම් රැස් ක‌ළේය.

ශ්‍රී ලංකාව පළමු ඉනිම පන්දුවාර 66.1 කදී සියලු දෙනා දැවී ලකුණු 222 යි – (ඕෂධ ප්‍රනාන්දු 35, දිමුත් කරුණාරත්න 01, කුසල් මෙන්ඩිස් 21, ඇන්ජලෝ මැතිව්ස් 00, දිනේෂ් චන්දිමාල් 76, ධනංජය ද සිල්වා 11, නිරෝෂන් දික්වැල්ල 04, රමේෂ් මෙන්ඩිස් 11, ප්‍රභාත් ජයසූරිය 03, මහීෂ් තීක්ෂණ 38, කසුන් රජිත (නොදැවී) 12, ශහීන් අෆ්රිඩි 58/4, යසීර් ෂා 66/2, හසන් අලී 23/2)

පාකිස්තානය පන්දුවාර 90.5 කදී සියලුදෙනා දැවී ලකුණු 216 යි – (අබ්දුල්ලා ශෆීක් 13, ඉමාම් උල් හක් 02, අසාර් අලී  03, බාබර් අසාම් 119, මොහොමඩ් රිස්වාන් 19, අඝා සල්මාන් 05, මොහොමඩ් නවාස් 05, ශහීන් අෆ්රිඩි 00, යසීර් ෂා 18, හසන් අලී 17, නසීම් ෂා 05, කසුන් රජිත 42/1, මහීෂ් තීක්ෂණ 68/2, ප්‍රභාත් ජයසූරිය 82/5, රමේෂ් මෙන්ඩිස් 18/2)

ශ්‍රී ලංකාව දෙවැනි ඉනිම පන්දුවාර 11.5 කදී කඩුලු 1 ක් දැවී ලකුණු 36 යි – ඕෂධ ප්‍රනාන්දු (නොදැවී) 17, දිමුත් කරුණාරත්න 16, කසුන් රජිත (නොදැවී) 03, මොහොමඩ් නවාස් 12/1)

Active filters

Recent Posts

  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]
  • කණ්ඩායම් දෙකක් ජය පෙනි පෙනී පරදියි
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ප්‍රධාන අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තවත් තරග පහක් අතුරින් තරග දෙකක් ඉතාමත් තියුණු මුහුණුවරකින් පසුව නිමාවට පත්විණි. උණුසුම් මුහුණුවරක් […]
  • ලෝක කුසලානෙට පෙරසූදානම හෙට සිට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය හෙට (10 දා) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. මෙය ද්වීපාර්ශ්වික තරගාවලියක් වුවත් ශ්‍රී ලංකාවට මෙම තරගාවලියේ ඇති […]
  • නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ කැපවීම අපේ සාර්ථකත්වය හේතුවයි – කුසල් මෙන්ඩිස්
    ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ සහයෝගයත් කැපවීමත් හේතුවෙන් එක්දින පිල දිනෙන් දින සාර්ථකත්වයට පත්වෙමින් ඇති බව කුසල් මෙන්ඩිස් පැවැසීය. ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම ගෙවී […]
  • පානදුර ලකුණු 213කින් එන්.සී.සී. පරාජය කරයි
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ප්‍රධාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (08) පානදුර මහජන ක්‍රීඩාංගණයේ පැවැති එන්.සී.සී. – පාණදුර ක්‍රීඩා සමාජය අතර තරගයෙන් එන්.සී.සී. ලකුණු 213කින් පරාජයට පත් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee