slc
logo
Home   |    News
ජූලි 8, 2022
ශ්‍රී ලංකා ක්‍රිකට් පොරොන්දු ඉටු කරයි – ඩොලර් මිලියන 2ක මුදල සෞඛය අංශයට පිරිනමයි

sinhala editor

අත්‍යාවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සඳහා පොරොන්දු වූ පරිදි ඇමරිකානු ඩොලර් මිලියන 2 ක මුදල හෙවත් ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 718 ක මුදල මෙරට සෞඛ්‍ය පද්ධතිය වෙත නිල වශයෙන් පරිත්‍යාග කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (ජූලි 07 දා) කටයුතු කළේය.

මෙම මුදලෙන් ඇමරිකානු ඩොලර් මිලියනයක මුදලක් ළමා ප්‍රතිකාර සඳහා අවශ්‍ය අත්‍යවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සදහා කොළඹ රිජ්වේ ආර්යා රෝහල වෙත ද, ඉතිරි මුදල පිළිකා රෝගීන්ට අවශ්‍ය අත්‍යාවශ්‍ය ඖෂධ මිලදී ගැනීම වෙනුවෙන් මහරගම අපේක්ෂා පිළිකා රෝහල වෙත පරිත්‍යාග කරනු ලැබීය.

පොදුරදමඬලු යන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අනුග්‍රහය

මේ අතර, 2022 වසරේ එංගලන්තයේ බර්මිංහැම් නුවර පැවැත්වීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට සහභාගිවන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අනුග්‍රාහකත්වය දැක්වීම සදහා රුපියල් මිලියන 22.5 ක මුදලක් පරිත්‍යාග කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගරු සභාති ශම්මි සිල්වා මහතා විසින් මෙම ප්‍රධානය ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා වෙත පිළිගන්වනු ලැබීය.

ජාතික ක්‍රීඩා අරමුදලටත් රුපියල් මිලියන 100 ක්

මීට අමතරව ජාතික ක්‍රීඩා අරමුදලේ මූල්‍ය තත්ත්වය තර කිරීම වෙනුවෙන්ද රුපියල් මිලියන 100 ක මුදලක් පරිත්‍යාග කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පියවර ගනු ලැබීය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගරු සභාපති ශම්මි සිල්වා මහතා අතින් මෙම මුදල ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා වෙත ලබා දෙනු ලැබීය. මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජල සම්පාදන හා ජලපවාහන අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ද සහභාගිව සිටියේය. ක්‍රීඩා අමාත්‍යංශයේ පැවැති මෙම උත්සවයට ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් අනුරාධ විජේකෝන්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් එහි ගරු ලේකම් මොහාන් ද සිල්වා, ක්‍රීඩා අධ්‍යක්ෂක ජනරාල් අමල් එදිරිසූරිය, සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් අසේල ගුණවර්ධන, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගරු උප භාණ්ඩාගාරික සුජීව ගොඩලියද්ද සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා යන මහත්වරු සහභාගිව සිටියහ.

Active filters

Recent Posts

  • ගාල්ලට පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ලකුණු 145ක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ගාල්ල පිලට […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තායිලන්තය පරාජය කරයි
    මීළඟ කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහි පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පැවැති ප්‍රථම තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා […]
  • ගාල්ල පිලේ ඔෂධ ප්‍රනාන්දුගෙන් ද්විත්ව ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ අද (24) දෙවැනි දිනයේදී ගාල්ල […]
  • දඹුල්ල පිලේ රනේෂ් සිල්වාගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ ඊයේ (23) ආරම්භ වූ තරගයකදී දඹුල්ල කණ්ඩායම නියෝජනය කරන රනේෂ් […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග
    බංග්ලාදේශයේ පැවැත්වෙන මීළඟ කාන්තා ලෝක කුසලාන කාන්තා විස්සයි 20 තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේදී බ්‍රහස්පතින්දා (25) […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee