slc
Home   |    News
ජූලි 12, 2022
සධීර සහ නුවනිදුගෙන් අර්ධ ශතක

sinhala editor

By Chamila Karawita

ජුලි 15 වැනිදා ආරම්භ වන පළමු ටෙස්ට් තරගයට පෙර පාකිස්තානු පිලට හිමි එකම තුන් දින පුහුණු තරගයේ දෙවැනි දිනය වූ අද (12 දා) තරගය නිමා කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන XI කණ්ඩායම පළමු ඉනිම සඳහා කඩුලු 5 කට ලකුණු 278 ක් ලබා සිටියේය.

පාකිස්තානු පිල පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා ලකුණු 323 කට දැවී ගිය බැවින් ඔවුන් අභිබවා යෑමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන XI කණ්ඩායමට තවත් කඩුලු 5 ක් ඇතුළතදී ලකුණු 45 ක් අවශ්‍ය වේ. කෝල්ට්ස් පිටියේ පැවැත්වෙන මෙම තරගය නිමා වන විට නිෂාන් මධුෂ්ක ලකුණු 39 ක් සහ චාමික කරුණාරත්න ලකුණු 14 ක් ලබා කඩුල්ලේ රැඳී සිටිති.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන XI පිලට සාර්ථක ආරම්භයක් ලබා දුන් සධීර සමරවික්‍රම සහ නිශාන් මදුශංක ලකුණු 63 ක සම්බන්ධතාවත් පවත්වමින් සිටියදී අසනීප තත්ත්වයක් හේතුවෙන් මධුෂ්කට පිටියෙන් ඉවත්වීමට සිදුවිය. ඒ අනුව සධීරට එක්වූ නුවනිඳු ප්‍රනාන්දු තවත් ලකුණු 95 ක සම්බන්ධතාවක් පවත්වමින් පළමු කඩුල්ලේ සම්බන්ධතාව ලකුණු 158 ක් දක්වා ඉහළට රැගෙන ගියහ. නුවනිඳු පිටියට පිවිසීමට පෙර පන්දු 48 කට මුහුණ දී සිටි මදුශ්ක හතරේ පහර 2 ක් ද සමඟින් ලකුණු 23 ක් ලබා සිටියේය.

ශතකයට ලකුණු 9 ක් තිබියදී සධීර දැවී ගියේ පන්දු යැවූ අඝා සල්මාන්ගේ පන්දු යැවීමේ දක්ෂතාවයට වඩා කවර් පොයින්ට් හි පන්දු රැකි යසීර් ෂාගේ දක්ෂ උඩ පන්දු රැකීම හේතුවෙනි. පිට පිට පන්දු 2 කට හතරේ පහර 2 ක් එල්ල කරමින් 90 සීමාවට පැමිණි සධීර ඊට පන්දු දෙකකට පසු එල්ල කරන ලද පහර, දුටුවේ යසීර් ෂාර බිම පෙරැළි රැක ගන්නා අයුරු පමණි. ඒ තරමටම එම පහරේ වේගය ගැබ්ව තිබිණ. මෑත කාලයේ පැවැති සියලුම තරග වලදී ලකුණු අතරට පැමිණීමට සමත් සධීර ලකුණු 91 කදී පිටියෙන් ඉවත් වන විට පන්දු 99 කට මුහුණ දෙමින් ඒ සඳහා හතරේ පහර 13 ක් එල්ල කර තිබුණේය. මීට පෙර පාකිස්තානු ‘ඒ’ කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණ තරග කිරීමේදී පල්ලකැලේ පැවැති තරගයේදී ලකුණු 151 ක් ලද සධීර ඔස්ට්‍රේලියානු ‘ඒ’ පිලට එරෙහිව හම්බන්තොට පැවැති තරගයේදී ලකුණු 105 ක් ලබා ගනිමින් පිතිකරුවකු ලෙස දිගින් දිගටම දස්කම් දැක්වීමට සමත්වූවේය.

අද දිනයේ අර්ධ ශතකයක් ලද දෙවැනි පිතිකරුවා වූයේ නිවනිඳු ප්‍රනාන්දුය. පන්දු 177 කට මුහුණ දුන් දකුණත් පිතිකරුවා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන XI ඉනිමෙන් එල්ල කරන ලද එකම හයේ පහරේ හිමිකරුවා වූවේය. ලකුණු 78 කින් සමන්විත වූ නුවනිඳුගේ ඉනිම හතරේ පහර 4 කින්ද වර්ණවත් විය. නිවනිඳුගේ දැවී යෑමත් සමඟ නැවතත් පිටියට පිවිසි නිශාන් මදුශ්ක පන්දුවට පහර දෙමින් සිය ඉනිම ලකුණු 39 ක් දක්වා ඉහළ දමා ගත්තේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන XI පිලේ පිතකිරුවන් මෙල්ල කිරීම සඳහා නායක බාබර් අසාම් පන්දු යවන්නන් 7 දෙනෙකුගේ සේවය ලබා ගත් නමුත් එහිදී කඩුලු 2 ක් දවා ගැනීමට සමත්වූවේ මොහොමඩ් නවාස් පමණි. පාකිස්තානය සතු ප්‍රබලම වේග පන්දු යවන්නන් දෙදෙනා වන ශහීන් ෂා අෆ්රිඩිට සහ හසන් අලිට පන්දුවාර 17 ක් යැවුවද එකම කඩුල්ලක් හෝ ලබා නොදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන XIපිතිකරුවෝ වග බලා ගත්හ.

හෙට තරගයේ තෙවැනි සහ අවසන් දිනයයි.

පාකිස්තානු කණ්ඩායම පන්දුවාර 100 කදී සියලු දෙනා දැවී ලකුණු 323 යි – (අබ්දුල්ලා ශෆික් 03, ඉමාම් උල් හක් 00, අසාර් අලී 43, බාබර් අසාම් 88, ෆාවඩ් අලාම් 22, මොහොමඩ් රිස්වාන් 31, ශාන් මසූඩ් 06, සෞද් ශකීල් 30, අඝා සල්මන් 55, මොහොමඩ් නවාස් 17, යසීර් ෂා 09, ෂශීන් ෂා අෆ්රිඩි (නොදැවී) 05, ලක්ෂිත මානසිංහ 85/4, ලසිත් ඇඹුල්දෙණිය 83/2, ඩිල්ෂාන් මදුශංක 59/2, ප්‍රමෝද් මදුශාන් 29/1, උදිත් මදුශාන් 23/1)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන XI පිල පන්දුවාර 74 කදී කඩුලු 5 ට ලකුණු 278 යි – (නිශාන් මදුශ්ක (නොදැවී) 39, සදීර සමරවික්‍රම 91, නුවනිදු ප්‍රනාන්දු 78, නිපුන් ධනංජය 14, ළහිරු උදාර 04, සහන් ආරච්චිගේ 28, චාමික කරුණාරත්න (නොදැවී) 14, මොහොමඩ් නවාස් 24/2, යසීර් ෂා 67/1, නසීම් ෂා 29/1, අඝා සල්මන් 50/1)

Recent Posts

  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
  • නැගීඑන ශූරතාව මුවර්ස් දිනා ගනියි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ජයග්‍රහණය ලැබූ මුවර්ස් ක්‍රීඩා සමාජය මේ වසරේ […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest