අන්තර් සමා එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ හෙට (14 දා) පැවැත්වීමට නියමිතව තිබූ තරග දින නියමයකින් තොරව කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තරග සංවිධායක කමිටුව තීරණය කර තිබේ.
අද (13 දා) මධ්‍යාහ්නයේ සිට නැවත දැනුම් දෙන තුරු බස්නාහිර පළාතට පනවා ඇති පොලිස් ඇදිරි නීතිය හේතුවෙන් හෙට දිනයේ පැවැත්වීමට නියමිත තරග 11 ක් මෙලෙස කල් යනු ඇත.





