slc
logo
Home   |    News
ජූලි 27, 2022
ආරාධිත විස්සයි-20 ට කණ්ඩායම් නම් කෙරෙති

sinhala editor

ආසියානු සහ විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි සදහා කණ්ඩායම සූදානම් කිරීමේ අරමුණින් සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකා ක්‍රිකට් ආරාධිත විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවන කණ්ඩායම් 4 ප්‍රකාශයට පත් කර තිබේ.

අගෝස්තු 09 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වන මෙම තරගාවලියේදී රෙඩ් පිල කුසල් මෙන්ඩිස් විසින්ද, බ්ලූස් පිල චරිත් අසලංක විසින්ද, ග්‍රීන්ස් පිල දසුන් හානක විසින්ද සහ ග්‍රේස් පිල අශාන් ප්‍රියන්ජන් විසින්ද මෙහෙයවති.

අගෝස්තු 16 වැනිදා පැවැත්වෙන අවසන් මහ තරගය තෙක් පැවැත්වෙන මෙම තරගාවලිය දින 4 ක් පුරා පැවැත්වෙනු ඇත. මූලික වටයේ තරග 6 ක් ඇතුළත් මෙම තරගාවලියේදීි එක් දිනකදී තරග 2 ක් පැවැත්වෙන අතර පළමු තරගය ප.ව. 3.00 ටත් දෙවැනි තරගය ප.ව. 7.30ට ත් ආරම්භ වනු ඇත. තරගාවලියේ ඇති සුවිශේෂීතාව වන්නේ දෙවැනි තරගය විදුලි ආලෝක ධාරා මධ්‍යයේ පැවැත්වීමයි.

මූලික වටය යටතේ සෑම කණ්ඩායමක්ම ප්‍රතිවාදී කණ්ඩායම් එක් වතාව බැගින් මුණ ගැසෙන අතර ඉන් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගනු ලබන කණ්ඩායම් දෙක අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලබනු ඇත.

මෙ ආකාරයේම ආරාධිත විස්සයි-20 තරගාවලියක් ඉකුත් 2021 වසරේ අගෝස්තු මසදී පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී පැවැති අතර එහි ශූරතාව දිනා ගැනීමට දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු ග්‍රේස් කණ්ඩායම සමත්විය. මෙවර තරගාවලියේදී දසුන් නායකත්වය දක්වනු ලබන්නේ ග්‍රින්ස් පිලට වේ.

Active filters

Recent Posts

  • ඉන්දීය යොවුන් පිල ශ්‍රී ලංකාවට පැමිණෙයි
    ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ යොවුන් කණ්ඩායමට එරෙහිව එක්දින තරග තුනකට සහ සිව්දින තරග දෙකකට සහභාගිවීම සදහා ඉන්දීය අවුරුදු 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායම අද (30 දා) ශ්‍රී […]
  • ශ්‍රී ලංකාව ඉනිමක පරාජයෙන් බේරීමේ සටනක
    ශ්‍රී ලංකා පන්දු යවන්නන් දවස පුරාම දැඩි පීඩනයකට ලක් කළ අමීර් ජැන්ගූ සහ රොස්ටන් චේස්, හයවැනි කඩුල්ල සඳහා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ඉහළම ලකුණු සබඳතාව වන ලකුණු 401ක් ගොඩනඟමින් […]
  • අවු. 23 න් පහළ – එකම තරගයේ ශතක තුනක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැති රාගම සහ එන්.සී.සී කණ්ඩායම් අතර තරගයේදී දෙපිළේම පිතිකරුවන් තිදෙනෙකු ශතක වාර්තා කිරීමට […]
  • මල්ෂ සහ තිසරුගෙන් කැපී පෙනෙන දක්ෂතා
    ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ නිමා වූ සති අන්තයේදී පිතිකරණයෙන් සහ පන්දු යැවීමෙන් කැපී පෙනෙන දස්කම් දැක්වීමට මුවර්ස් […]
  • අවු. 23න් පහළ දෙදින තරගාවලියේ පළමු ජය එස්.එස්.සී. පිලෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට එස්.එස්.සී. කණ්ඩායම සමත්විය. පොලිස් ක්‍රීඩා සමාජයට එරෙහිව කඩුලු […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee