slc
logo
Home   |    News
ජූලි 25, 2022
ආරාධිත විස්සයි-20 තරගාවලිය අගෝස්තු 09 දා ඇරඹෙයි

sinhala editor

ආසියානු කුසලාන සහ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි සඳහා වන ශ්‍රී ලංකා කණ්ඩායම තෝරා ගැනීමේ අරමුණෙන් ආරාධිත විස්සයි-20 ක්‍රිකට් ලීගයක් සංවිධානය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පියර ගෙන තිබේ.

කණ්ඩායම් 4 කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය අගෝස්තු මස 09 වැනිදා ආරම්භ වන අතර 16 වැනිදා දක්වා පැවැත්වෙනු ඇත. මූලික වටය යටතේ සෑම කණ්ඩායමක්ම සෙසු කණ්ඩායම් සමඟ එක් වර බැගින් තරග වදීන අතර එම තරග වටය අවසානයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගනු ලබන කණ්ඩායම් අවවසන් මහ තරගය සදහා සුදුසුකම් ලබනු ඇත.

මෙම තරගාවලිය සඳහා ජාත්‍යන්තර මට්ටමේ සිට පළමු පෙළ තරග සඳහා සහභාගිවන ක්‍රීඩකයින් 60 දෙනෙකු වත්මන් තේරීම් කමිටුව විසින් තෝරා තිබෙන නමුත් කණ්ඩායම්වල නායකයින් කවුරුන්ද යන්න ඉදිරියේදී නම් කෙරෙනු ඇත. මෙම තරගාවලිය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

Active filters

Recent Posts

  • ඉන්දීය යොවුන් පිල ශ්‍රී ලංකාවට පැමිණෙයි
    ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ යොවුන් කණ්ඩායමට එරෙහිව එක්දින තරග තුනකට සහ සිව්දින තරග දෙකකට සහභාගිවීම සදහා ඉන්දීය අවුරුදු 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායම අද (30 දා) ශ්‍රී […]
  • ශ්‍රී ලංකාව ඉනිමක පරාජයෙන් බේරීමේ සටනක
    ශ්‍රී ලංකා පන්දු යවන්නන් දවස පුරාම දැඩි පීඩනයකට ලක් කළ අමීර් ජැන්ගූ සහ රොස්ටන් චේස්, හයවැනි කඩුල්ල සඳහා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ඉහළම ලකුණු සබඳතාව වන ලකුණු 401ක් ගොඩනඟමින් […]
  • අවු. 23 න් පහළ – එකම තරගයේ ශතක තුනක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැති රාගම සහ එන්.සී.සී කණ්ඩායම් අතර තරගයේදී දෙපිළේම පිතිකරුවන් තිදෙනෙකු ශතක වාර්තා කිරීමට […]
  • මල්ෂ සහ තිසරුගෙන් කැපී පෙනෙන දක්ෂතා
    ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ නිමා වූ සති අන්තයේදී පිතිකරණයෙන් සහ පන්දු යැවීමෙන් කැපී පෙනෙන දස්කම් දැක්වීමට මුවර්ස් […]
  • අවු. 23න් පහළ දෙදින තරගාවලියේ පළමු ජය එස්.එස්.සී. පිලෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට එස්.එස්.සී. කණ්ඩායම සමත්විය. පොලිස් ක්‍රීඩා සමාජයට එරෙහිව කඩුලු […]

Pin It on Pinterest

USD United States (US) dollar