slc
logo
Home   |    News
ජූලි 31, 2022
සී.සී.සී. පරදා ටැමිල් යුනියන් අවසන් සටනට

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයේදී ප්‍රබල සී.සී.සී. පිල ලකුණු 16 කින් පරාජයට පත් කළ ටැමිල් යුනියන් කණ්ඩායම අදාළ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට අද (31 දා) පස්වරුවේ සමත්විය. ඒ අනුව අගෝස්තු 02 වැනිදා යුදහමුදා  පිලට එරෙහිව පැවැත්වෙන අවසන් මහ තරගයේ ප්‍රතිවාදීන් බවට ටැමිල් යුනියන් කණ්ඩායම පත්ව සිටියි.

එස්.එස්.සී. පිටියේ පැවැති මෙම තරගයේදී පළමු පන්දුවට පහර දුන් ටැමිල් යුනියන් පිල පන්දුවාර 48.4 කදී ලකුණු 238 කට දැවී ගියද එය හඹා යෑමේදී සී.සී.සී. පිලට පන්දුවාර 50 අවසනදී කඩුලු 9 ක් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 222 ක් පමණි.

ඉදිරි‌ පෙළ පිතිකරුවන්ගේ සහයෝගය අවම වුණු සී. සී. සී. ඉනිමේදී පසුපෙළින් සටන්කාමී ඉනිමක් දියත් කළ ලක්ෂාන් සඳකැන් පන්දු 72 කදී නොදැවී ලකුණු 62 ක් ලබා ගැනීමට සමත් වුවත් එය සී.සී.සී. ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් නොවීය. හයේ පහරක් සහ හතරේ පහර 7 කින් සමන්විත වුනු සඳකැන්ගේ ඉනිම, සී.සී.සී. ඉනිමේ වැඩිම ලකුණු ලාභී පිතිකරුවා බවට පත් කළේය. මෙය සදකැන්ගේ පළමු පළමු පෙළ අර්ධ ශතකය ලෙසින් සටහන් විය.

සදකැන්ට අමතරව මිනෝද් භානුක පන්දු 46 කදී ලකුණු 43 ක් ද පවන් රත්නායක ලකුණු 39 ක්ද රැස් කළහ. පන්දු යැවීමේදී ප්‍රමෝද් මදුශාන් ලකුණු 51 කට කඩුලු 4 ක් බිද හෙළද්දී ඉසුරු උදාන සහ දිලුම් සුදීර කඩුලු 3 බැගින් බිඳ හෙළූහ.

ජයග්‍රාහී ටැමිල් යුනියන් පිල වෙනුවෙන් නායකත්වයේ ඉනිමක් දියත් කළ සධීර සමරවීක්‍රම ලකුණු 74 ක් ලබා ඉනිමේ වැඩිම ලකුනු ලාභියා බවට පත්වූවේය. පන්දු 82 කදී වාර්තා වුණු සදීරගේ ඉනිම හතරේ පහර 8 කින් සමන්විත විය. කඩුලු අතර දිව යෑමේදී සදීර ‌දැවී නොයන්නට මීට වඩා ලකුණු සංඛ්‍යාවක් කරා යෑමේ හොද ඉඩ කඩක් ටැමිල් යුනියන් නායකයා සතු විය.

ඔහුට අමතරව ආරම්භක පිතිකරු රොන් චන්ද්‍රගුප්ත (48), ධනංජය ද සිල්වා (45) අර්ධ ශතක ආසන්නයට පැමිණ දැවී ගියහ. පන්දු යැවීමේදී වනිඳු හසරංග ලකුණු 37 ක් ඇතුළත කඩුලු  4 ක් බිඳ හෙළීය. ඔහුට අමතරව අශාන් ප්‍රියන්ජන් ලකුණු 47 කට කඩුලු 2 ක් බිද හෙළීය.

ටැමිල් යුනියන් පන්දුවාර 48.4 කදී සියලු දෙනා දැවී ලකුණු 238 යි – රොන් චන්ද්‍රගුප්ත 48, ඩිල්රුවන් පෙරෛ්රා 11, සදීර සමරවික්‍රම 74, ධනංජය ද සිල්වා 45, නවෝද් පරණවිතාන 38, සංතුෂ් ගුණතිලක 12*, වනිදු හසරංග 37/4, අශාන් ප්‍රියන්ජන් 47/2

සී.සී.සී. පන්දුවාර 50 කදී කඩුලු 9 ට ලකුණු 222 යි – ලක්ෂාන් සදකැන් 62*, මිනෝද් භානුක 43, කමිදු මෙන්ඩිස් 16, අශාන් ප්‍රියන්ජන් 25, පවන් රත්නායක 39, මාලින්ද පුෂ්පකුමාර 12, අසිත ප්‍රනාන්දු 11, ප්‍රමෝද් මදුහාන් 51/4, දිලුම් සුදීර 40/2, ඉසුරු උදාන 51/2

Active filters

Recent Posts

  • ගාල්ලට පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ලකුණු 145ක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ගාල්ල පිලට […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තායිලන්තය පරාජය කරයි
    මීළඟ කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහි පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පැවැති ප්‍රථම තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා […]
  • ගාල්ල පිලේ ඔෂධ ප්‍රනාන්දුගෙන් ද්විත්ව ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ අද (24) දෙවැනි දිනයේදී ගාල්ල […]
  • දඹුල්ල පිලේ රනේෂ් සිල්වාගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ ඊයේ (23) ආරම්භ වූ තරගයකදී දඹුල්ල කණ්ඩායම නියෝජනය කරන රනේෂ් […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග
    බංග්ලාදේශයේ පැවැත්වෙන මීළඟ කාන්තා ලෝක කුසලාන කාන්තා විස්සයි 20 තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේදී බ්‍රහස්පතින්දා (25) […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee