slc
logo
Home   |    News
ජූලි 16, 2022
ඉනිම ආරම්භ කිරීමේ වගකීම ‘ෂධ’ට

sinhala editor

පාකිස්තානය සතුව ප්‍රබල දඟ පන්දු යවන්නන් සිටින බැවින් ශ්‍රී ලංකා නායක දිමුත් කරුනාරත්නගේ අපේක්ෂාව වී ඇත්තේ හෙට (16 දා) ගාල්ලේදී ආරම්භ වන පළමු ටෙස්ට් තරගය සදහා වේග පන්දු යවන්නන්ට මෙන්ම දඟ පන්දු යවන්නන්ට උචිත තණතීරුවක ක්‍රීඩා කිරීමය.

ඔස්ට්‍රේලියානුවන්ට එරෙහි සතියකට ඉහතදී පැවැති දෙවැනි තරගය ජය ගත්තද දඟ පන්දු යවන්නන්ට උචිත තණතීරුවක් සකසමින් පළමු තරගයේ ලද තරග පරාජය නිසා අනවශ්‍ය අවධානමකට මුහුණ දීම මඟ හරවා ගැනීම ශ්‍රී ලංකා නායකයාගේ මතය වී තිබේ. ඊටත් අමතරව පාකිස්තානු කණ්ඩායම සමඟ පා දඟ පන්දු යවන යසීර් ෂා පැමිණ සිටීම, ශ්‍රී ලංකා පිලට පහසුවෙන් බැහැර කළ  හැකි කරුණක් නොවේ.

2015 වසරේ පාකිස්තානු කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණ තරග කරන අවස්ථාවේදී කඩුලු 25 ක් දවා ගනිමින් තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා වූයේ යසීර් ෂාය. එම දක්ෂතාව ප්‍රධාන කොට තරග 3 කින් සමන්විත දෙරට අතර තරගාවලිය 2-1 ක් ලෙස ජය ගනිමින් සිය මව්බිම කරා යෑමට පාකිස්තානු පිලට හැකියාව ලැබිණ.

36 හැවිරිදි වියේ පසු වන ෂා පාකිස්තානු කණ්ඩායමට පැමිණිමේ අවසන් මොහොතේය. දිගින් දිගටම ආබාධවලට ලක්ව සිටීම නිසා ඔහු අවසන් වතාවට ටෙස්ට් තරගයකට ක්‍රීඩා කර ඇත්තේ මීට වසරකට පමණ ඉහතදීය. ඒ බටහිර ඉනදීය කොදෙව් පිලට එරෙහි තරගයකදීය. ටෙස්ට් තරග 46 කට සහභාගව ඇති පා දඟ පන්දු යවන්නා කඩුලු 236 ක් දවා ගෙන සිටියි. අඩුම ටෙස්ට් තරග සංඛ්‍යාවකදී ටෙස්ට් කඩුලු 200 සීමාව පසු කළ ලොව පන්දු යවන්නාගේ වාර්තාව ෂාගේ නම ඉදිරියෙන් ලියැවී තිබේ.

දෙවැනි ටෙස්ට් තරගය අතරතුරදී කොරෝනා වෛරසය ආසාධනය වූ පැතුම් නිස්සංකව තවදුරටත් විවේකය අවශ්‍ය බව වෛද්‍යවරුන්ගේ මතය වී තිබේ. එබැවින් හෙට තරගයේදී ආරම්භක පිතිකරු භූමිකාව ඕෂධ ප්‍රනාන්නු විසින් සිදුකරනු ඇත. එමෙන්ම කොවිඩ් ආසාධනය වීමෙන් දෙවැනි ටෙස්ට් තරගයට සහභාගිවීමේ අවස්ථාව අහිමි වූ ධනංජය ද සිල්වාද ක්‍රීඩා කරන 11 දෙනා අතරට එක්වීමට නියමිතව තිබේ.

“ඔෂදයි මායි ඉනිම ආරම්භ කරනවා. ධනංජය පැමිණෙන නිසා කමිඳුගේ ස්ථානය අහිමි වෙනවා. කොහොම වුණත් අංක 5 ස්ථානයෙන් පන්දුවට පහර දෙන්නේ කවුද කියන එක තව පාරක් අපිට හිතන්න වෙනවා’ යැයි තරග පිළිබඳව ශ්‍රී ලංකා නායකයා කරුණු පහදා දෙයි.

අවසන් ටෙස්ට් තරගයේදී ද්විත්ව ශතකයක් වාර්තා කළ චන්දිමාල් දෙවැනි ටෙස්ට් තරගය ජය ගැනීම වෙනුවෙන් සුවිහේෂී කාර්යය භාරයක් සිදුකළ බැවින් ඒ පිළිබඳව අවධානය යොමු නොකර බැරි තත්ත්වයකි. “චන්දිමාල් අංක 5 පිතිකරුවා විදියට හොඳින්ම කරලා තියෙන්නේ. ඒ නිසා ධනංජයට ආයෙත් ආක 5 දෙනවාද නැත්නම් ලකුණු අතර ඉන්න වෙලාවේද චන්දිමාල්ගේ උපරිමය ගන්නවාද කියන එක තමයි අපිට හිතන්නේ තියෙන්නේ” යැයි දිමුත් වැඩිදුරටත් සඳහන් කර සිටියි.

දිුමත්ගේ අදහස් දැක්වීමේදී ශ්‍රී ලංකාව බොහෝ විට වේග පන්දු යවන්නන් දෙදෙනෙකු සමඟින් අවතීර්ණ වන අරමුණකය. අසිත ප්‍රනාන්දු මෙන්ම කසුන් රජිත ඒ ස්ථාන වල අඩුව පිරවීමට සූදානමින් පසුවෙති.

ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැත්වෙන මෙම තරගාවලියේදී සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුවහොත් ප්‍රසාද ලකුණු පුවරුවේ තෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමේ අවස්ථාව උදාව තිබේ.

ශ්‍රී ලංකාව – දිමුත් කරුනාරත්න (නායක), ඕෂධ ප්‍රනාන්දු, ඇන්ජලෝ මැතිව්ස්, කුසල් මේනඩිස්, දිනේස් චන්දිමාල්, ධනංජය ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, රමේෂ් මෙන්ඩිස්, ප්‍රභාත් ජයසූරිය, කසුන් රාජිත, අසිත ප්‍රනාන්දු, මහීෂ් තීක්ෂණ, විශ්ව ප්‍රනාන්දු, ඩිල්ෂාන් මදුශංක, දුනිත් වෙල්ලාලගේ, ජෙෆ්රි වැන්ඩර්සි, පැතුම් නිස්සංක.

පාකිස්තනය – බාබර් අසාම් (නායක), මොහොමඩ් රිස්වාන්, අබ්දුල්ලා ශෆීක්, අසාර් අලී, ෆාවඩ් අලාම්, ෆහීම් අශ්රෆ්, හාරිස් රයුෆ්, හසන් අලී, ඉමාම් උල් හක්, මොහොමඩ් නවාස්, නසීම් ෂා, නවුමන් අලී, සල්මන් අඝා, සෆ්‍රාස් අහමඩ්. සවුද් ශකීල්, සහීන් ශාර අෆ්‍රීඩි, ශාන් මසූඩ්. යසීර් ෂා.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 67කින් උගන්ඩාව පරාජය කරයි
    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ උගන්ඩා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර අද (01) අබුඩාබිහි පැවැති කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 67ක […]
  • මහනුවර පළමු ඉනිමේ ලකුණු 69ක් ඉදිරියෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ මහනුවර – ගාල්ල අතර අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ලකුණු […]
  • ශ්‍රී ලංකා ‘ඒ ‘ කණ්ඩායම දෙවැනි තරගය කඩුලු 8කින් ජය ගනී
    ශ්‍රී ලංකා ‘ඒ ‘ කණ්ඩායම සහ සංචාරක ඇෆ්ගනිස්තාන ‘ඒ ‘ කණ්ඩායම අතර හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ අද (30) පැවැති දෙවැනි එක්දින තරගයෙන් ද ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට කඩුලු […]
  • මහනුවර පිල පළමු දිනයේ කඩුලු 8කට ලකුණු 279යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ මහනුවර – ගාල්ල අතර අද ආරම්භ වූ අවසන් මහා තරගයේ […]
  • ශ්‍රී ලංකා ‘ඒ ‘ ලකුණු අටකින් ජය ගනී
    ශ්‍රී ලංකා ‘ඒ ‘ සහ ඇෆ්ගනිස්තාන ‘ඒ‘ කණ්ඩායම් අතර හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ අද (28) පැවැති එක්දින ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා ‘ ඒ ‘ කණ්ඩායම ඩක්වර්ත් ලුවිස් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee