slc
logo
Home   |    News
ජූලි 25, 2022
පළමු දිනයේදීම ශ්‍රී ලංකාව 300 කඩ ඉම පන්නයි

sinhala editor

පාකිස්තානයට එරෙහි ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (24 දා) ආරම්භ වූ දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනට තරගය නිමා කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6 කට ලකුණු 315 ක් රැස් කර ගැනීමට සමත්ව සිටියේය.

මෙම තරගය තම 100 වැනි ටෙස්ට් තරගය බවට පත් කර ගත් ඇන්ජලෝ මැතිව්ස් පිළිබඳ බොහෝ දෙනා බලාපොරොත්තු තබා තිබුණද ඔහුට රැස් කර ගත හැකි වූයේ ලකුණු 42 ක් පමණි. ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දුවට පහර දීමට පැමිණි ඉදිරි පෙළ පිතිකරුවන් 7 දෙනාගෙන් අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී ගියේ කුසල් මෙන්ඩිස් (03) පමණි. ඒ හැරුනු කොට සෙසු සියල්ලෝම ලකුණු 33 ඉක්මවාලූහ.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් පළමු දිනයේදී දිනේෂ් චන්දිමාල් ලකුණු 80 ක් සහ ඕෂධ ප්‍රනාන්දු ලකුණු 50 ක් වශයෙන් අර්ධ ශතක රැස් කළහ. කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල ලකුණු 42 ක් සහ මංගල ටෙස්ට් තරගයට සහභාගිවන දුනිත් වෙල්ලාලගේ ලකුණු 06 ක් ලබා කඩුල්ලේ රැදී සිටිති.

කාසි‌යේ වාසියත් සමඟ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල වෙනුවෙන් නායක දිමුත් කරුණාරත්න සහ ඕෂධ ප්‍රනාන්දු ලකුණු 92 ක සම්බන්ධතාවක් පවත්වමින් සාර්ථක ආරම්භයක් ලබා දුන්හ. දිවා ආහාරයට පෙර කිසිවකු නොදැවී ලකුණු 92 ක් ලෙසින් සටහන් වුණු ශ්‍රී ලංකා ලකුණු පුවරුව දිවා ආහාරයෙන් පසු එක වරම ලකුණු 120 ට කඩුලු 3 ක් ලෙසින් සටහන් විය.

කෙසේ වෙතත් සිවුවැනි කඩුල්ලට එක්වූ ඇන්ජලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් ලකුණු 75 ක් රැස් කළහ. තේ පානය තෙක් කඩුලු ආරක්ෂා කර ගැනීමට මොවුන් දෙපළ සමත් වූ නමුත් ඉන් පසු ඇරැඹි තරගයේදී මැතිව්ස්ට එක් කර ගත හැකි වූයේ තවත් ලකුණු 06 ක් පමණි.

සශීන් අෆ්රිඩි වෙනුවට කණ්ඩායමට පැමිණ සිටි නවුමන් අලීගේ පන්දුවක් හමුවේ මොහොමඩ් රිස්වාන් අතට උඩ පන්දුවක් දීප නිසා මැතිව්ස්ගේ ඉනිම ලකුණු 42 දී නිමාවට පත්විය.

ශ්‍රී ලංකාව පළමු ඉනිම පන්දුවාර 86 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 315 යි – (ඕෂධ ප්‍රනාන්දු 50, දිමුත් කරුණාරත්න 40, කුසල් මෙන්ඩිස් 03, ඇන්ජලෝ මැතිව්ස් 42, දිනේෂ් චන්දිමාල් 80, ධනංජය ද සිල්වා 33, නිරෝෂන් දික්වැල්ල (නොදැවී) 42, දුනිත් වෙල්ලාලගේ (නොදැවී) 06, මොහොමඩ් නවාස් 71/2, නසීම් ෂා 34/1, නවුමන් අලී 64/1, යසීර් ෂා 67/1)

Active filters

Recent Posts

  • ඉන්දීය යොවුන් පිල ශ්‍රී ලංකාවට පැමිණෙයි
    ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ යොවුන් කණ්ඩායමට එරෙහිව එක්දින තරග තුනකට සහ සිව්දින තරග දෙකකට සහභාගිවීම සදහා ඉන්දීය අවුරුදු 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායම අද (30 දා) ශ්‍රී […]
  • ශ්‍රී ලංකාව ඉනිමක පරාජයෙන් බේරීමේ සටනක
    ශ්‍රී ලංකා පන්දු යවන්නන් දවස පුරාම දැඩි පීඩනයකට ලක් කළ අමීර් ජැන්ගූ සහ රොස්ටන් චේස්, හයවැනි කඩුල්ල සඳහා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ඉහළම ලකුණු සබඳතාව වන ලකුණු 401ක් ගොඩනඟමින් […]
  • අවු. 23 න් පහළ – එකම තරගයේ ශතක තුනක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැති රාගම සහ එන්.සී.සී කණ්ඩායම් අතර තරගයේදී දෙපිළේම පිතිකරුවන් තිදෙනෙකු ශතක වාර්තා කිරීමට […]
  • මල්ෂ සහ තිසරුගෙන් කැපී පෙනෙන දක්ෂතා
    ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ නිමා වූ සති අන්තයේදී පිතිකරණයෙන් සහ පන්දු යැවීමෙන් කැපී පෙනෙන දස්කම් දැක්වීමට මුවර්ස් […]
  • අවු. 23න් පහළ දෙදින තරගාවලියේ පළමු ජය එස්.එස්.සී. පිලෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට එස්.එස්.සී. කණ්ඩායම සමත්විය. පොලිස් ක්‍රීඩා සමාජයට එරෙහිව කඩුලු […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee