slc
logo
Home   |    News
ජූලි 10, 2022
ශ්‍රී ලංකාව පළමු ඉනිමෙන් පෙරට එයි

sinhala editor

ගාල්ල ජාත්‍යන්තර පිටියේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනයේ සිත්සේ පන්දුවට පහර දුන් දිනේෂ් චන්දිමාල් ප්‍රමුඛ ශ්‍රී ලංකා මැද පෙළ පිතිකරුවෝ ඔස්ට්‍රේලියානු පළමු ඉනිම අභිබවා යමින් ලකුණු 67 ක වාසියක් අද (10 දා) අත්කර ගත්හ. සිය 13 වැනි ටෙස්ට් ශතකය ද සමඟින් ඔස්‌ට්‍රේලියානු පන්දු රකින්නන්ව දැඩි ලෙස වෙහෙසට පත් කළ චන්දිමාල් ඇතුළු පිරිවර දිනය අවසන් වන විට කඩුලු 6 කට ලකුණු 431 දක්වා ශ්‍රී ලංකා ලකුණු පුවරුව ඉහළ දමා තිබුණි.

ඔස්ට්‍රේලියානුවන්ට එරෙහිව රැස් කරන ලද දෙවැනි ශතකය බවට පත් වුණු චන්දිමාල්ගේ නොබිඳුණු ඉනිම සඳහා හයේ පහරක් සහ හතරේ පහර 9 ක් එල්ල කර තිබිණ. කමිදු මෙන්ඩිස් සමඟ පස්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩ නංවන ලද ලකුණු 133 ක සම්බන්ධතාව හේතුවෙන් සත්කාරකයින්ට තරගයේ පෙරමුණට පැමිණීමට අවස්ථාව හිමිවිය.

නැෂනල් සුපර් ලීග් සිව්දින තරගාවලියේදී ශතක 4 ක් සමඟින් වැඩිම ලකුණු ලාභියා බවට පත්වීමෙන් අනතුරුව ටෙස්ට් කණ්ඩායමට පැමිණීමට වරම් දිනාගත් කමිඳු, මංගල තරගයේදීම අර්ධ ශතකයක් වාර්තා කර ගනිමින් සිය ටෙස්ට් ගමනට සාර්ථක අඩිතාලමක් එක් කර ගත්තේය. ලකුණු 61 ක් ලෙසින් වාර්තා වුණු වමත් පිතිකරුවාගේ පළමු ඉනිම හතරේ පහර 7 කින් වර්ණවත්ව තිබිණ.

කමිඳු අර්ධ ශතකය ඉක්ම යෑමත් සමඟ ශ්‍රී ලංකා පිලේ පිතිකරුවන් පස් දෙනෙකු ලකුණු 50 සීමාව ඉක්මවා ගියහ. ටෙස්ට් ඉතිහාසයේ ඔස්⁣ට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලංකාව එවැනි දක්ෂතාවක් දැක්වූ පළමු අවස්ථාව බවට පත්වද්දී ඕනෑම රටකට එරෙහිව ඉදිරිපෙළ පිතිකරුවන් හයදෙනාගෙන් අර්ධ ශතක 5 ක් සටහන් වූ පස්වැනි අවස්ථාව ලෙසින් ද සටහන් විය.

මොවුන් දෙදෙනාගේ සම්බන්ධතාවයේදීම ඔස්ට්‍රේලීයානු පළමු ඉනිමේ ලකුණු සංඛ්‍යාව වූ 364 පසුකර යෑමට ශ්‍රී ලංකාවට අවස්ථාව උදාවිය. කමිඳු මෙන්ඩිස්ගේ දැවී යෑමෙන් ලකුණු 7 ක් ලකුණු පුවරුවට එකතු වන අතර වාරයේ නිරෝෂන් දික්වැල්ලද දැවී යෑම ශ්‍රී ලංකාවට පාඩුවක් විය.

කමිඳු සමඟ සම්බන්ධතාවට පෙර ඇන්ජලෝ මැතිව්ස්ට එක් වූ චන්දිමාල් සිව්වැනි කඩුල්ල වෙනුවෙන් වූ සම්බන්ධතාව ලකුණු 83 දී නිමාවට පත්විය. දිවා ආහාරයෙන් මඳ වේලාවකට පසු සිය 38 වැනි අර්ධ ශතකය සම්පූර්ණ කර ගැනීමට ඇන්ජලෝ මැතිව්ස් සමත්වූවේය. ෂෝට්ලෙග්හි පන්දු රැකී ලබුෂේන්ගේ සුපිරි උඩ පන්දු රැකීම නිසා මැතිව්ස් පිටියෙන් ඉවත් වන විට සිය ඉනිම සඳහා හතරේ පහර 4 ක් එල්ල කර තිබුණේය.

හෙට තරගයේ සිව්වැනි දිනයයි. පළමු ටෙස්ට් තරගය ජය ගෙන සිටින ඔස්ට්‍රේලියානුවෝ මේ වන විටත් ටෙස්ට් තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගෙන සිටින බැවින් මෙම තරගාවලිය ජය පැරදුමෙන් තොරව අවසන් කර ගැනීමට නම් ශ්‍රී ලංකාවට මෙම ජය අත්‍යවශ්‍ය වනු ඇත.

ඔස්ට්‍රේලියාව පන්දුවාර 110 කදී සියලු දෙනා දැවී ලකුණු 364 යි – ස්ටිවන් ස්මිත් (නොදැවී) 145, මානස් ලබුෂේන් 104, අලෙක්ස් කේරි 28, උස්මාන් කවාජා 37, ප්‍රභාත් ජයසූරිය 118/6, කසුන් රජිත 70/2, රමේෂ් මෙන්ඩිස් 117/1, මහීෂ් තීක්ෂණ 48/1)

ශ්‍රී ලංකාව පන්දුවාර 149 කදී ඩුලු 6 ට ලකුණු 431 යි – දිනේෂ් චන්දිමාල් නොදැවී 118, දිමුත් කරුණාරත්න 86, කුසල් මෙන්ඩිස් 85, ඇන්ජලෝ මැතිව්ස් 52, කමිඳු මෙන්ඩිස් 61, පැතුම් නිස්සංක 06, රමේෂ් මෙන්ඩිස් නොදැවී 07, නිරෝෂන් දික්වැල්ල 05, මිචෙල් ස්ටාක් 47/2, නේතන් ලයන් 160/2, මිචෙල් ස්වෙප්සන් 90/2)

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 67කින් උගන්ඩාව පරාජය කරයි
    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ උගන්ඩා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර අද (01) අබුඩාබිහි පැවැති කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 67ක […]
  • මහනුවර පළමු ඉනිමේ ලකුණු 69ක් ඉදිරියෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ මහනුවර – ගාල්ල අතර අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ලකුණු […]
  • ශ්‍රී ලංකා ‘ඒ ‘ කණ්ඩායම දෙවැනි තරගය කඩුලු 8කින් ජය ගනී
    ශ්‍රී ලංකා ‘ඒ ‘ කණ්ඩායම සහ සංචාරක ඇෆ්ගනිස්තාන ‘ඒ ‘ කණ්ඩායම අතර හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ අද (30) පැවැති දෙවැනි එක්දින තරගයෙන් ද ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට කඩුලු […]
  • මහනුවර පිල පළමු දිනයේ කඩුලු 8කට ලකුණු 279යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ මහනුවර – ගාල්ල අතර අද ආරම්භ වූ අවසන් මහා තරගයේ […]
  • ශ්‍රී ලංකා ‘ඒ ‘ ලකුණු අටකින් ජය ගනී
    ශ්‍රී ලංකා ‘ඒ ‘ සහ ඇෆ්ගනිස්තාන ‘ඒ‘ කණ්ඩායම් අතර හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ අද (28) පැවැති එක්දින ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා ‘ ඒ ‘ කණ්ඩායම ඩක්වර්ත් ලුවිස් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee