slc
Home   |    News
අගෝස්තු 29, 2022
අපරාජිත කොළඹ උතුර, පළාත් අභිනව ශූරයෝ වෙති

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පළමු වතාවට පවත්වන ලද වයස අවුරුදු 17 න් පහළ සුපිරි පළාත් ලීග් ක්‍රිකට් තරගාවලියේ අභිනව ශූරයින් ලෙසින් කිරුළු පැඳීමට කවිඳු අමමෙත්ගේ නායකත්වයෙන් යුතු කොළඹ උතුරු කණ්ඩායම අද (29 දා) පස්වරුවේ සමත්වූවේය.

රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී පළමු පන්දුවට පහර දුන් කොළඹ උතුර කණ්ඩායම පන්දුවාර 50 අවසනදී ලකුණු 283 ක් ලබා ගැනීමට සමත්වූවේය. එය හඹා යෑමේදී තියුණු පිතිකරණයක නියැලුණු මහනුවර පිතිකරුවන්ට පන්දුවාර 48 කුත් පන්දු 3 ක් අවසනදී රැස් කර ගත හැකි වූයේ ලකුණු 264 ක් පමණි. ඒ අනුව මෙම තරගයෙන් ලකුණු 19 ක ජයක් වාර්තා කොළඹ උතුරු කණ්ඩායම ශූරතා කුසලාන සමඟ මුදලින් රුපියල් ලක්ෂ 3 ක ජය මල්ලටද හිමිකම් කීය.

හඹා යෑමේදී ආරම්භක පිතිකරු සුපුන් වඩුගේ පන්දු 128 කදී ලකුණු 93 ක් ලබා ගත්තද එය කොළඹ උතුරු කණ්ඩායමේ ජයග්‍රහණය වළකාලීමට ප්‍රමාණවත් නොවීය. මැද පෙළින් පැමිණි තිසර ඒකනායක, සහ වතිල උදාර ලකුණු 30 සීමාව ඉක්මවාලූවත් පිටිය තුළ ස්ථාවරත්වයක් ගොඩ නගා ගැනීමට ජයග්‍රාහී පන්දු ය වන්නෝ අවස්ථාවක් ලබා නොදුන්හ.

ලකුණු 60 ක් ඇතුළත පළමු කඩුලු 4ම බිද වෑටී අසීරු තත්ත්වයකට පත්ව සිටියදී පස්වැනි කඩුල්ලට එක් වුණු කවිඳු අමමෙත් සහ සමිදු මදුරංග පන්දු 86 කදී ලකුණු 91 ක සම්බන්ධතාවක් පවත්වමින් ලකුණු 300 කට ආසන්න ලකුණු සංඛ්‍යාවකට මූලික අඩිතාලම එක් කළහ.

එහිදී කැපී පෙනුණු අාරම්භක පිතිකරු කවිඳු අමමතේ පන්දු 100 කදී ලකුණු 82 ක් ලබා ගත්තේය. එක් හතරේ පහරක් සහ හයේ පහර 3 ක් සිය ඉනිමට ඇතුළත් කරගත් වමත් පිතිකරුවා මුලු ලකුණු සංඛ්‍යාව 151 ක්ව තිබියදී පිටියෙන් ඉවත් කිරීමට අකිල වික්‍රමසිංහ සමත්වූවේය.

ආරම්භයේදී කොළඹ උතුරු කණ්ඩායමට දැඩි පීඩනයක් නතු කිරීමට මහනුවර පන්දු යවන්නන් සමත් වුවත් පීඩනය අතරින් පිතිකරුවන් ලකුණු රැස් කිරීම කැපී පෙනිණ. මැද පෙළින් පන්දුවට පහර දීමට පැමිණි සමිදු මදුරංග සහ කූජන පෙරේරා ලකුණු පුවරුව වේගවත් කෙරුවේ පිළිවෙළින් පන්දු 63 කදී ලකුණු 50 ක් සහ පන්දු 35 කදී ලකුණු 48 ක් ලබා ගනිමිනි. අංක 8 පිතිකරණ ස්ථානයෙන් පැමිණි හිරාන් ජයසුන්දර පන්දු 23 කදී රැස් කරන ලද ලකුණු 29 ද ප්‍රතිවාදීන්ට අභියෝගාත්මක ඉලක්කයක් ලබා දීමට වටිනා කමක් එක් කරන්නක් විය.

පන්දු යැවීමේදී ෂෙෂාන් යෂෝන් ලකුණු 40 කට කඩුලු 4 ක් දවා ගනිද්දී නිසල් අබේරත්න, අකිල වික්‍රමසිංහ, සහ මනුල කුලරත්න කඩුලු 2 බැගින් දවාලූහ.

ජය සංකේත ප්‍රධානය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවර්ධන ප්‍රධානී චින්තක එදිරිමාන්න සහ සහ අධි කාර්යය සාධන මධ්‍යස්ථානයේ ප්‍රධානි ටිම් මැක්කැස්කිල් මහත්වරුන්ගේ ප්‍රධාන්තවයෙන් පැවැතිවිණ. ශූරතාව දිනූ කොළඹ උතුරු කණ්ඩායමට ශූරතා කුසලාන සමඟ මුදලින් රුපියල් ලක්ෂ 3 ක්ද, අනූශූරතාව දිනාගත් මහනුවර කණ්ඩායමට මුදලින් අනුශූරතා කුසලාන සමඟ ලක්ෂ 2 ක මුදලක් පිරිනැමින,

අවසන් මහ තරගයේ දක්ෂතම ක්‍රීඩකයා – කවිඳු අමමෙත් (කොළඹ උතුර) (කුසලාන සමඟ රු. 50,000)

තරගාවලියේ දක්ෂතම පිතිකරු – සුපුන් වඩුගේ (මහනුවර) (කුසලාන සමඟ රු. 50,000) ඉනිම හතරකදී ලකුණු 214 යි)

තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා – ගරුක සංකෙත් (කොළඹ උතුර) (කුසලාන සමඟ රු. 50,000) (ඉනිම 4 කදී කඩුලු 11 යි)

තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා – දිනුර කලුපහන (ගාල්ල) (කුසලාන සමඟ රු. 75,000) (ඉනිම 4 කදී ලකුණු 202 යි කඩුලු 4 යි

කොළඹ උතුර පන්දුවාර 50 කදී සියලු දෙනා දැවී ලකුණු 283 යි – (කවිදු අමමෙත් 82, සමිඳු මදුරංග 50, කූජන පෙරේරා 48, හිරාන් ජයසුන්දර 29, ප්‍රවීන් මනීෂ 18, ෂෙෂාන් යෂෝන් 40/4, නිසල් අබේරත්න 50/2, අකිල වික්‍රමසිංහ 44/2, මනුල කුලරත්න 68/2)

මහනුවර පන්දුවාර 48. කදී ලකුණු 264 යි – (සුපුන් වඩුගේ 93, පුලිඳු පෙරේරා 31, තිසර ඒකනායක 37, ජයවි ලියනගම 21, වතිල උදාර 32, ප්‍රවීන් මනීෂ 38/3, ගරුක සංකෙත් 77/2, තරුෂ කොඩිකාර 55/2, ළහිරු අමරසේකර 33/2)

දක්ෂතම පන්දු යවන්නා – ගරුක සංකෙත් (කොළඹ උතුර)
තරගාවලියේ දක්ෂතම පිතිකරු – සුපුන් වඩුගේ (මහනුවර)

Recent Posts

  • ශ්‍රී ලංකාව පන්දු යැවීමට තීරණය කරයි
    නවසීලන්තයට එරෙහිව ඕක්ලන්ඩ්හිදී පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීම සඳහා සත්කාරක නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කර සිටියේය. මෙම […]
  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest