slc
logo
Home   |    News
අගෝස්තු 12, 2022
අවසන් සටනට එන්න කණ්ඩායම් 4 ටම අවස්ථාව

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් මෙහෙයවනු ලබන ආරාධිත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ තරග පැවැති දින 2 ක් අවසනදී එම ප්‍රසාද ලකුණු ‌සටහනේ පෙරමුණ ගැනීමට චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් බ්ලූස් කණ්ඩායම සමත්ව සිටියි.

ලීග් තරගාවලියක් ලෙසින් මූලික වටය පැවැත්වෙන මෙම තරගාවලියේ තරග පැවැත්වෙන අවසන් දිනය වන්නේ හෙට (13 දා) වන අතර එහිදී අවසන් මහ තරග සටන උදාකර ගැනීම සඳහා කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුත් රෙඩ්ස් කණ්ඩායම සහ දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු ග්‍රීන්ස් කණ්ඩායම අතර පවතින්නේ දැඩි තරගකාරීත්වයකි.

තරග 2 කට සහභාගව සිටින බ්ලූස් කණ්ඩායම ජයග්‍රහණ 2 ක් වාර්තා කරමින් ප්‍රසාද ලකුණු 4 ක් ද සමඟ එහි පෙරමුණ ගෙන සිටින්නේ දල ලකුණු ලබා ගැනීමේ වේගය 1.135 ක් ද රඳවා ගනිමිනි.

ඔවුන්ට දෙවැනිව සිටින කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුතු රෙඩ්ස් කණ්ඩායම මෙන්ම තෙවැනි ස්ථානයේ පසුවන ග්‍රීන්ස් කණ්ඩායම තරග 2 කදී එක් ජයග්‍රහණය බැගින් වාර්තා කොට පිළිවෙළින් දළ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 0.414 ක් සහ – 0.600 ක් ලබමින් සිටිති.

ඒ ‌අනුව තීරණාත්මක හෙට දිනයේදී ග්‍රීන්ස් සහ අශාන් ප්‍රියන්ජන්ගේ නායකත්වයෙන් යුතු ග්‍රේස් කණ්ඩායම පස්වරු 3.00 ට ආරම්භවීමට නියමිත තරගයේදී තරග වදින අතර බ්ලූස් සහ රෙඩ්ස් කණ්ඩායම් අතර තරගය පස්වරු 7.30 ට ආරම්භ වනු ඇත.

සහසභාගිවුණු තරග 2 ම ග්‍රේස් කණ්ඩායම පරාජයට පත්ව ඇති නමුත් ප්‍රසාද ලකුණු සටහන අනුව ලීග් තරග විටයේ අවසන් දිනය වන හෙට දිනයේදීත් අවසන් මහ තරග අවස්ථාව උදා කර ගැනීම සඳහා සියුම් අවස්ථාවක් නිර්මාණය වී තිබේ. එහෙත් එම බලාපොරොත්තු රඳා පවතිනුයේ පස්වරුවේ පැවැත්වීමට නියමිත බ්ලූස් සහ රෙඩ්ස් තරගයේ ජය බ්ලූස් කණ්ඩායම අත්කරගතහොත් පමණි. එසේ වුවහොත්, රාත්‍රියේ පැවැත්වීමට නියමිත ග්‍රීන්ස් පිලට එරෙහි තරගයේ ජය වැඩි ලකුණු ලබා ගැනීමේ වේගයක් සහිතව ජය ගැනීමට ග්‍රේස් පිල සමත් වුවහොත් කණ්ඩායම් අවසන් මහ තරග වරමට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව ඔවුනට පවතිනු ඇත.

මේ අතර බ්ලූස්ට එරෙහි තරගය රෙඩ්ස් පිල ජය ගෙන, ග්‍රේස් පිලට එරෙහි තරගය ග්‍රීන්ස් ජය ගතහොත් කණ්ඩායම් 3 ම ජයග්‍රහණ 2 බැගින් වාර්තා කිරීමට සමත්වන බැවින් එහිදී ප්‍රසාද ලකුණු වේගය මත අවසන් මහ තරග වරමට කණ්ඩායම් සුදුසුකම් ලබනු ඇත.

Active filters

Recent Posts

  • ගාල්ලට පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ලකුණු 145ක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ගාල්ල පිලට […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තායිලන්තය පරාජය කරයි
    මීළඟ කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහි පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පැවැති ප්‍රථම තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා […]
  • ගාල්ල පිලේ ඔෂධ ප්‍රනාන්දුගෙන් ද්විත්ව ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ අද (24) දෙවැනි දිනයේදී ගාල්ල […]
  • දඹුල්ල පිලේ රනේෂ් සිල්වාගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ ඊයේ (23) ආරම්භ වූ තරගයකදී දඹුල්ල කණ්ඩායම නියෝජනය කරන රනේෂ් […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග
    බංග්ලාදේශයේ පැවැත්වෙන මීළඟ කාන්තා ලෝක කුසලාන කාන්තා විස්සයි 20 තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේදී බ්‍රහස්පතින්දා (25) […]

Pin It on Pinterest

USD United States (US) dollar