slc
logo
Home   |    News
අගෝස්තු 20, 2022
අවිෂ්ක පෙරේරාගෙන් පළමු දිනයේදීම ද්විත්ව ශතකයක්

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවනු ලබන අන්තර් සමාජ ප්‍රධානතම තුන්දින ලීග් ක්‍රිකට් තරගාවලියේ ආරම්භක දිනයේදීම (19) කොල්ට්ස් කන්ඩායමේ අශ්වික පෙරේරා ද්විත්ව ශතකයක් වාර්තා කිරීමට සමත්විය. ඒස් කැප්ටල් පිලට එරෙහිව පැවැති එම තරගයේදී අවිෂ්ක ලකුණු 210 ක් රැස් කරමින් පිත්තෙන් කැපී පෙනිණ.

තම සිව්වැනි පළමු පෙළ තරගයට ක්‍රීඩා කළ 21 හැවිරිදි අවිශ්ක තම නොබිඳුණු ඉනිම සඳහා පන්දු 253 කට මුහුණ දුන් අතර ඊට හතරේ පහර 17 ක් සහ හයේ පහර 3 ක් එල්ල කළේය.  ඇතුළත් කළේය.

මීට අමතරව ලකුණු අතරට පැමිණීමට සමත්ව සිටින යුද හමුදා ක්‍රීඩා සමාජයේ දිනේෂ් චන්දිමාල්  සහ ඒස් කැපිටල් පිලේ ලසිත් කෲස්පුල්ලේ ලකුණු 150 සීමාව පසු කිරීමට සමත්වූ අතර වේගවත් ඉනිමක් දියත් කළ එස් කැපිටල් පිලේ තනුක දාබරේ පන්දු 87 කදී ලකුණු 133 ක් ලබා ගනිමින් පිත්තෙන් කැපී පෙනුණහ. ඉට අමතරව රාගම ක්‍රීඩා සමාජයේ නිශාන් මදුශ්ක, මුවර්ස් ක්‍රීඩා සමාජයේ පසිදු සූරියබණ්ඩාර, ටැමිල් යුනියන් පිලේ සදීර සමරවික්‍රම, කෝල්ට්ස් ක්‍රීඩා සමාජයේ හේෂාන් දුමිඳ් සහ බදුරලිය ක්‍රීඩා සමාජයේ අනුක් ප්‍රනාන්දු ශතක වාර්තා කළහ.

ඊයේ දිනයේදී සිදුවූ තවත් කැපී පෙනෙන සිදුවීමක් වූයේ දිනේෂ් චන්දිමාල් පළමු පෙළ තරගවල ලකුණු දසදහසේ සීමාව පසු කර යෑමට සමත්වීමයි. මෙම තරගයට පෙර ලකුණු 9955 ක් රැස් කරගෙන සිටි දකුණත් පිතිකරුවා ඉනිමේ 45 වැනි ලකුණ ලබා ගැනීමත් සමඟ ලකුණු 10,000 සීමාව ඉක්මවා ගියේය.  

එස් කැපිටල් සරසන්ස්

එස් කැපිටල් පළමු ඉනිම පන්දුවාර 82.4 කදී සියලු දෙනා දැවී ලකුණු 471 යි – ලසිත් කෘස්පුල්ලේ 160, තානුක දාබරේ 133, නින්ද කාඩම් 83, මොහොහඩ් ඩිල්ෂාඩ් 72/4, සඳුන්  මෙන්ඩිස් 122/3, ඉසිත විජේසුන්දර 62/2

පානදුර චිලව් මෙරීයන්ස්

පානදුර ප්‍රථම ඉනිම සියල්ල දැවී 153 යි ( පන්දුවාර 47.3 යි) – පවන් සංදේශ් 44, රොෂාන් විජේනායක 37,සංජය චතුරංග 20,තිමිර ඉරුසික 62/6, අවිඳු තීක්ෂණ 34/3

චිලව් මේරියන්ස් 134/3 (පන්දුවාර 39.5 යි) – ජතාර් නොදැවී 51, අනුජ් ජෝටින් නොදැවී 34, ඉරෝෂ් ප්‍රනාන්දු 29, කොසාන් ජයවික්‍රම 26/3

කොල්ට්ස් කැන්ඩි කස්ටම්

කොල්ට්ස් මුල් ඉනිම කඩුලු 3409 ( පන්දුවාර 82.3 යි) – අවිශ්ක පෙරේරා 210, හෂාන් දුමිඳු 130, නිසල ආකාස් 60/1)

ටැමිල් යුනියන් එන්.සී.සී

ටැමිල් යුනියන් පළමු ඉනිම කඩුලු 9301 (පන්දුවාර 90යි) – සධීර සමරවික්‍රම 117, කමේෂ් නිර්මාල් 55, සංතූෂ් ගුණතිලක 40, ඩිල්රුවන් පෙරේරා 24, ලසිත් ඇඹුල්දෙණිය 107/4, අෂේන් ඩැනියල් 72/2

පොලීසිය බී.ආර්.සී

පොලීසිය පළමු ඉනිම සියල්ල දැවී 172 (පන්දුවාර 59යි) – නදීර බාලසූරිය 37, චතුරංග කුමාර 39, චාමර සිල්වා 31, රන්දුනු ගංගානාත් 29, දුවිඳු තිලකරත්න 35/3, දුෂාන් හේමන්ත 20/2

බී.ආර්.සී මුල් ඉනිම කඩුලු 283 (පන්දුවාර 28.5 යි) – ලියෝ ෆැන්සිස්කෝ 29, දිලාන් ජයලත් 20, ළහිරු දියන්ත 14/2

සී.සී.සී එස්.එස්.සී

සී.සී.සී මුල් ඉනිම කඩුලු 4352 ( පන්දුවාර 85 යි) – කමිඳු මෙන්ඩිස් 97, ලසිත් අබේරත්න 92, මිනෝද් භානුක 74, නිමේෂ ගුණසිංහ 64, ලක්සිත රසාංජත 79/2

ගුවන් හමුදාවනාවික හමුදාව

ගුවන් හමුදාව මල්ඉනිම 249 (පන්දුවාර 84) – උදයවංශ පරාක්‍රම 54, සිතුජ චමෝද් 34, ආදිත්‍ය සිරිවර්ධන 69, ගයාන් සිරිසෝම නොදැවී 22, දිලංක අවුවාඩ් 93/4, අයේෂ්  දේවින්ද 76/3

නාවික හමුදාව  මුල් ඉනිම කඩුලු 3 17 යි – ගයාන් සිරිසෝම 8/2

යුද හමුදාව බ්ලූම්ෆීල්ඩ්

යුද හමුදාව මුල් ඉනිම සියල්ල දැවී  256 (පන්දුවාර 82.3 යි) – දිනේෂ් චන්දිමාල් 152,අසේල ගුණරත්න 28,ලක්ෂාන් එදිරිසිංහ 27,නිමේෂ  පෙරේරා 37/3 ,දිනෙත්  සමරවීර 41/2

බ්ලූම්ෆීල්ඩ් මුල් ඉනිම කඩුලු 3ට ලකුණු 6යි – සෙහද සොයිසා 5/2

කුරුණෑගල යූත් කලුතර නගර

කුරුණෑගල යූත් මුල් ඉනිම 237 (පන්දුවාර 80.2 යි) – ධනුෂ්ක ධර්මසිරි 55, මුදිත ප්‍රේමදාස 93,අසන්ත බස්නායක 49 යි,ඉන්සක සිරිවර්ධන 28/3 තෙනල් බණ්ඩාර 40/3

කලුතර නගර මුල්ඉනිම කිසිවෙකු නොදැවී 09 ( පන්දුවාර 1 යි)

බදුරලිය නිගම්බූ

බදුරලිය මුල් ඉනිම කඩුලු 7264 ( පන්දුවාර 85 යි) -අනුක් ප්‍රනාන්දු නොදැවී 109,දුනිත් ජයතුංග 84,ගිහාන් රූපසිංහ 41,ධනුෂ්ක සඳරුවන් 65/5

රාගම ගොල්

රාගම මුල් ඉනිම කඩුලු 8322 (පන්දුවාර 89.1 යි) – නිශාන් මධුෂ්ක 150.නිසල ධර්මරත්න 40,දුලාජ් බණ්ඩාර 26.ඩෙලත් පීරිස් 26,හරින් බුද්දිල 72/3,රජිත් ප්‍රියන් 72/2

මුවර්ස් ලන්කන්

මූවර්ස් මුල් ඉනිම කඩුලු 6429 (පන්දුවාර 84යි) – පසිඳු සූරියබණ්ඩාර 133,රමේෂ් මෙන්ඩිස් 78, සහන්ඩි ලිවේරා 75,මෙහොමඩ් ශිරාෂ් 50,යසිරු රුද්‍රිගෝ 75/2,යසිරු තාරක 34/2

Active filters

Recent Posts

  • පොලීසිය සහ පානදුරට ජයග්‍රහණ
    ශ්‍රී ලංකා පොලීසිය සහ පාණදුර ක්‍රීඩා සමාජය අද (12) දිනයේ වර්ෂාව අභිබවායමින් මේජර් ලීග් තුන්දින තරගාවලියේ ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය.  මේ කණ්ඩායම් දෙකම දෙවන දින (සෙනසුරාදා – […]
  • ශ්‍රී ලංකා ක්‍රිකට් තොරතුරු දැනගන්න ‘මොබයිල් ඇප්‘ එකක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන්ම වූ තොරතුරු ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහාම වෙනුවුණු විශේෂ ‘මොබයිල් ඇප්‘ (Mobile App) එකක් එළි දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉකුත්දා […]
  • 19 න්  පහළ බාලිකා ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා පිල නම් කරයි
    ජනවාරි මස 18 වැනිදා මැලේසියාවේදී ආරම්භවීමට නියමිත වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවන ශ්‍රී ලංකා බාළිකා කණ්ඩායම ප්‍රකාශයට පත් කර තිබේ. එම […]
  • ශ්‍රී ලංකාවට ගෞරවාන්විත තරගාවලි අවසානයක්
    ඕක්ලන්ඩ් නුවරදී පැවැති තෙවැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් සත්කාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ලකුණු 140 ක දැවැන්ත තරග ජයග්‍රහණයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. මෙම තරගාවලියේ  පළමු […]
  • කණ්ඩායම් කිහිපයක්ම ජයග්‍රහණ අභියස
     ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ තෙවන සති අන්තය වන මේ සතියේ දෙවන දිනය වන අද (11) තරග නිම වන විට කණ්ඩායම් කිහිපයක්ම ජයග්‍රහණ […]

Pin It on Pinterest

USD United States (US) dollar