slc
Home   |    News
අගෝස්තු 22, 2022
අසිත වන්නිනායකගේ ශතකයෙන් යොවුන් පළමු ඉනිම ශක්තිමත් වෙයි

sinhala editor

ටෙස්ට් තරගයකට වඩාත් උචිත වූ ඉවසිලිවන්ත භාවය කැටි කොට ගනිමින් අසිත වන්නිනායක නොදැවී රැස් කරන ලද ලකුණු 132‌ ක ඉනිම හේතුවෙන් එංගලන්ත වයස අවුරුදු 19 න් පහළ පිලට එරෙහිව පැවැත්වෙන පළමු සිව්දින ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද අද (22 දා) තරගය නිමා කරන විට එංගලන්ත පළමු ඉනිමට වඩා ලකුණු 86 ක තරම් වූ අවම පරතරයකට ලකුණු පුවරුව තබා ගැනීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට හැකියාව ලැබිණ.

දිනයේ විශිෂ්ඨතම පිතිහරඹයට හිමිකම් කී අසිත වන්නිනායක තරගය නිමා වන විට පන්දු 307 කදී ලකුණු 132 ක් සහ නායක රවීන් ද සිල්වා පන්දු 22 කදී ලකුණු 19 ක්ද ලබා සිටියහ. දෙවැනි දිනට තරගය නිමා කරන විට ශ්‍රී ලංකා යොවුන් පිල පන්දුවාර 99 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 301 ක් ලබා සිටියේය.

මිනිත්තු 402 ක් පුරා කඩුල්ලේ රැඳී සිටි වමත් ආරම්භක පිතිකරුවා මනරම් කවර් ඩ්‍රයිව් පහර කීපයකින්ම එල්ල කරන ලද හතරේ පහරද සමඟ තම ඉනිම හතරේ පහර 19 කින් වර්ණවත් කරගැනීමටද සමත්ව සිටියේය. අසිත මෙම තරගයට පෙර ශ්‍රී ලංකා පිලට හිමි තුන් දින පුහුණු තරගයේදීද ලකුණු 100 ක් වාර්තා කරමින් සාර්ථව තරගාවලියට පෙරහුරුවක් ලබා ගත්තේය.

අසිත සමග දිනය ආරම්භ කළ ෂෙවෝන් ඩැනියට රැස් කර ගත හැකි වූයේ ලකුණු 22 ක් පමණි. මුලු ලකුණු සංඛ්‍යාව 50 ක්ව තිබියදී ඩැනියෙල් පිටියෙන් ඉවත්ව ගිය පසු අසිතට එක් වූ පවන් පතිරාජ ශ්‍රී ලංකා පිල ස්ථාවරත්වයකට රැගෙන ඒමට දායකත්වය දැක්වීය. ලකුණු 32 ක් වුවත් පන්දු 95 ක් පුරා පතිරාජගේ ඉනිම විහිදිණ.

අනතුරුව අසිතට එක්වූ රනුද සෝමරත්න මෙතෙක් ඉනිමේ විශිෂ්ඨතම සම්බන්ධතාව එක් කිරීමට දායකත්වය දැක්වූහ. ලකුණු 137 ක සිව්වැනි කඩුල්ලේ සම්බන්ධතාව බිඳී ගියේ එඩී ජැක්ගේ පන්දුවකට රනුද සෝමරත්න ෆෝර්මන් අතට උඩ පන්දුවක් ලබා දීම නිසාය. පන්දු 114 කට මුහුණ දී සිටි දකුණත් පිතිකරුවා පිටියෙන් ඉවත්වන විට ලකුණු 65 ක් ලබා සිටියේ හතරේ පහර 8 ක්ද තම ඉනිමට ඇතුළත් කිරීමෙන් අනතුරුවය.

එංගලන්ත යොවුන් පිල පළමු ඉනිම පන්දුවාර 78.3 කදී සියලු දෙනා දැවී ලකුණු 387 යි – ජෝර්ජ් බෙල් 107, බර්ටී ෆෝර්මන් (නොදැවී_ 58, රොස් වයිට්ෆීල්ඩ් 86, හැරී සිං 27, බෙන් මැකිනි 33, දුවිඳු රණතුංග 100/4, දුලාජ් සමුදිත 105/2, වනුජ සහන් 56/2)

ශ්‍රී ලංකා යොවුන් පිල පළමු ඉනිම පන්දුවාර 99 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 301 යි – (අසිත වන්නිනායක 132*, රනුද සෝමරත්න 65, පවන් පතිරාජ 32, ෂෙවෝන් ඩැනියල් 22, සදීෂ රාජපක්ෂ 11, රවීන් ද සිල්වා 19*, බෙන්ජමින් ක්ලිෆ් 57/2)

Recent Posts

  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර අද (20 දා) ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
  • ශ්‍රී ලංකාව ඉනිමකින් පරාජය කළ නවසීලන්තයට පූර්ණ ටෙස්ට් තරගාවලි ජයක්
      දෙවැනි ඉනිමේදී පිතිකරුවන් ධෛර්යවන්ත පිතිහරඹයක නිරත වූවත් පළමු ඉනිමේ වූ අතපසුවීම මඟහරවා ගැනීමට නොහැකිවීම නිසා වෙලිංටන් නුවරදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිමක […]
  • 23 න් පහළ අවසන් සටන හෙට සහ අනිද්දා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම නැගී ලීග් ක්‍රිකට් තරගාවලියේ මූවර්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය අතර අවසන් මහා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest