ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවීමෙන් පැවැත්වෙන ” ස්කයි එක්ස්චේන්ජ්” ආරාධිත විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය සංවිධානය කිරිමෙන් ජාතික මට්ටමේ ක්‍රිකට් ක්‍රිඩකයනට මේ මස අවසානයේ ආරම්භ වන ආසියානු කුසලන ක්‍රිකට් තරගාවලියට සහ ලබන වසරේ සංවිධානය කෙරෙන පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රීකට් තරගාවලියට හොද පෙරහුරුවක් ලබාගැනීමට අවස්ථාවක් වනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් තරග සංවිධාන කමිටු අධ්‍යක්ෂක සමන්ත දොඩන්වෙල මහතා සඳහන් කර සිටියි.
කණ්ඩායම් 4 කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම ආරාධිත පන්දුවාර විස්සයි-20 කිකට් තරගාවලිය පිළිබඳව පැවැති මාධ්‍ය හමුවේදී ඉහත අදහස් පළ කර සිටි තරගාවලි අධ්‍යක්ෂකවරයා, මෙතෙක් ජාතික කණ්ඩායම නියෝජනය කර නොමැති පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩා කරනු ලබන ක්‍රීඩකයින්ට සිය දක්ෂතා පෙන්නුම් කිරීමට මේ තරගාවලිය යහපත් තෝතැන්නක් බවද සඳහන් කර සිටියේය.
මෙම ආරාධිත තරගාවලිය සාර්ථක කර ගැනීමට ඉදිරිපත් වූ ස්කයි එක්ස්චේන්ජ් අනුග්‍රාහක සමාගමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේත් ක්‍රිඩකයන් සහ ක්‍රීඩාලෝලීනගේ ස්තුතිය පිරිනමන බවද දොඩන්වෙල මහතා එහිදී වැඩිදුරටත් පැවසීය.
තරගාවලිය මේ මස 08, 10, 13 සහ 15 වැනි දිනවල මාළිගාවත්ත ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ග්‍රීන්ස්, බ්ලුස්, රෙඩ්ස් සහ ග්‍රේස් යන කණ්ඩායම් හතර ඊට සහභාගි වෙති. මේ කණ්ඩායම් නියෝජනය කරන්නේ ජාතික සංචිතයට අයත් ක්‍රීඩකයන් සහ පළමු ශ්‍රේණියේ ක්‍රීකට් තරගාවලියන්හිදී සුවිශේෂි දක්ෂතා ඇති ක්‍රිඩකයින් 6 දෙනෙකි.
ශ්‍රී ලංකා විස්සයි 20 කණ්ඩායමේ නායක සහ ග්‍රීන්ස් කණ්ඩායමේ නායක දසුන් ශානක මේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ආසියානු කුසලාන තරගාවලිය අභිමුව තිබියදී මෙවැනි තරගාවලියක් සංවිධානය කිරීම පිළිබඳ තමා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ස්තූතිය පුද කරන බව සදහන් කර සිටියේය.
“ගිය වසරේ මෙම ආරාධිත විස්සයි 20 ශූරතාව දිනාගත්තේ මගේ නායකත්වයෙන් යුත් ග්‍රේස් කණ්ඩායමයි . මෙවර මා ග්‍රීන් කණ්ඩායමට නායකත්වය ලබාදෙන අතර මෙවරද ශූරතාව දිනා ගැනීමට අප කණ්ඩායම බලාපොරොත්තු වනවා” යැයි තරගාවලිය පිළිබඳව සිදුකරන ලද විමසීමේදී දසුන් ශානක පැවසීය .
ළග එන ආසියානු කුසලතා තරගාවලිය පිළිබඳ අදහස් දැක්වූ දසුන් ශානක ආසියානු තරගාවලියට ඉන්දියාව , පාකිස්තානය , බංග්ලාදේශය , සහ ඇෆ්ගනිස්තානය යන ප්‍රබල කණ්ඩායම් තරග වැදුනත් ආසියානු කුසලානය දිනාගැනිමේ අරමුණින් හොදින් ක්‍රීඩා කිරීමට තම කණ්ඩායම අපේක්ෂා කරන බවද සඳහන් කර සිටියේය.
බ්ලුස් කණ්ඩායමේ නායක චරිත් අසලංක අදහස් දක්වමින් මේ ආරාධිත ක්‍රිකට් තරගාවලියට සහභාගි වීමට තරුණ ක්‍රිකට් ක්‍රිඩකයන් විශාල පිරිසකට අවස්ථාව සලසාදීම පිළිබඳ තම ස්තුතිය පළකරන බවත් මේ තරගාවලියේ දක්ෂතා දක්වන අන්තර් සමාජ ක්‍රීඩකයනට පවා ජාතික කණ්ඩායමට ඇතුලු වීමට අවස්ථාව ලබාදීම පිළිබඳ කෘතඥ වන බවද කිව්වේය
පෞද්ගලික මට්ටමෙන් තමා මේ දිනවල පිතිහරඹයේදී දක්ෂතා දැක්වීමට ප්‍රධාන හේතුව කැපවීමෙන් හොදින් පුහුණුව ලැබීම සහ පුහුණුකරුවන්ගේ මගපෙන්වීම යටතේ ක්‍රියා කිරීම යැයිද චරිත් අසලංක පැවසීය .
රෙඩ් කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් අදහස් දක්වමින් ප්‍රධානම තරගාවලියක නායකත්වය දැරීමට අවස්ථාව හිමිවීම පිළිබඳ සතුටුවන බවත් තම අපේක්ෂාව වන්නේ මේ තරගාවලියේ අවසාන තරගයට සහභාගිවී ශූරතාව දිනාගැනීම බවද හේ සඳහන් කර සිටියේය.
ග්‍රේස් කණ්ඩායමේ නායක අෂාන් ප්‍රියංජන මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් මේ තරගාවලියට සහභාගි වන කණ්ඩායම් හතර අතුරින් තම කණ්ඩායම එතරම්ම ප්‍රබල නොවුවත් අවසාන තරගය කරායාමට අපේක්ෂා කරන බවද කීවේ.
ඊට අමතරව මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන දේශීය අංශ ප්‍රධාන චින්තක එදිරිමාන්න මහතාද සහභාගිව සිටියේය.
- බන්දුල