slc
logo
Home   |    News
අගෝස්තු 16, 2022
ආරාධිත විස්සයි-20 ශූරතාව කුසල්ගේ රෙඩ්ස් පිල දිනයි

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන‌ය විසින් සංවිධානය කරන ලද ආරාධිත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුතු රෙඩ්ස් කණ්ඩායම අද (15 දා) සමත්විය. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති අවසන් මහ තරගයේදී බ්ලූස් පිල කඩුලු 7 කින් පරාජය කළ රෙඩ්ස් කණ්ඩායම ශූරතා කුසලානට අමතරව මුදලින් රුපියල් ලක්ෂ 10 ක ත්‍යාගයකටද හිමිකම් කීය.

පන්දු යවන්නන්ගේ දක්ෂතා මත ලකුණු 137 ක ජයග්‍රාහී ඉලක්කයක් ලබා ගත් රෙඩ්ස් කණ්ඩඩායම පන්දුවාර 16.5 ක් අවසනදී කඩුලු 3 ක් පමණක් දැවී ඉලක්කය සපුරා ගත්තේය. නායකත්වයේ ඉනිමක් දියත් කළ කුසල් මෙන්ඩිස් පන්දු 45 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 56 ක් ලබා ගත්තේ සිය ඉනිම නොබිඳී පවත්වාගනිමිනි.

පළමු කඩුල්ල වෙනුවෙන් ලසිත් කෲස්පුල්ලේ සමග එක්වූ මෙන්ඩිස් පන්දු 29 කදී වේගවත් ලකුණු 49 ක් එක් කළහ. ඉන් නොනැවතුණු රෙඩ්ස් නායකයා වනිඳු හසරංග සමග එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 22 කදී ලකුණු  36 ක නොබිඳුණු සම්බන්ධතාවක් පවත්වමින් රෙඩ්ස් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියහ.  පන්දු යැවීමේදී ප්‍රවීන් ජයවික්‍රම පමණක් කඩුලු 2 ක් දවා ගත් නමුත් ඔහුට එරෙහිව ලකුණු 34 ක් ලබා ගැනීමට රෙඩ්ස් පිතිකරුවෝ සමසත්වූහ.

රෙඩ්ස් පන්දු යවසන්නන් අතර මහීීෂ් තීක්ෂඛ කැපී පෙනුණු අතර ඔහු පන්දුවාර 4 කදී ලකුණු 22 කට කඩුලු 2 ක් දවා ගත්තේය. ඔහුට අමතරව අසිත ප්‍රනාන්දු ලකුණු 31 කට කඩුලු 2 ක් දවා ගත්තේය. බ්ලූස් කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වූ අෂේන් බණ්ඩාර පන්දු 30 කදී ලකුණු 40 ක් රැස් කළේ හතරේ පහර 4 ක් ද ඉනිමට ඇතුළත් කර ගනිමිනි. හේ ඉනිම හමාර වන තෙක්ම කඩුල්ලේ රැදී සිටියද සෙසු පිතිකරුවන්ගේ ලැබිය යුතු දායකත්වය අවම මට්ටමක නිසා සටන්කාමී ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීමට බ්ලූස් පිලට නෙ‌ොහැකි විය. බණ්ඩාර අමතරව ළහිරු උදාර ලකුණු 37 ක් සහ ධනංජය ද සිල්වා ලකුණු 25 ක් රැස් කළහ.

ජය සකේත ප්‍රධානය ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපති ජයන්ත ධර්මදාන සහ තරගාවලි සංවිධායක කමිටු සභාපති සමසන්ත දොඩංවෙල යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණ.

තරගයේ වීරයා – කුසල් මෙන්ඩිස්

දක්ෂතම පන්දු යවන්නා – ප්‍රවීන් ජයවික්‍රම (තරග 4 යි කඩුලු 7 යි)

දක්ෂතම පිතිකරුවා – කුසල් මෙන්ඩිස් (තරග 4 යි ලකුණු 206 යි)

තරගාවලියේ වීරයා – අසිත ප්‍රනාන්දු (තරග 4 යි කඩුලු 10 යි)

බ්ලූස් පන්දුවාර 20 කදී කඩුලු 6 ට ලකුණු 136 යි – (ළහිරු උදාර 37, ධනංජය ද සිල්වා 25, අෂේන් බණ්ඩාර නොදැවී 40, මහීෂ් තීක්ෂණ 22/2, අසිත පනාන්දු 31/2)

රෙඩ්ස් පිල පන්දුවාර 16.5 කදී කඩුලු 3 ට ලකුණු 137 යි – (ලසිත් කෲස්පුල්ලේ 25, කුසල් මෙන්ඩිස් නොදැවී 56, කමිඳු මෙන්ඩිස් 18, වනිඳු හසරංග නොදැවී 24, ප්‍රවීන් ජයවිකම 34/2)

Active filters

Recent Posts

  • සෑම තරගයකදීම අපි පිටියට යන්නේ කණ්ඩායම් හැගීමෙන් යුතුවයි – මහීෂ් තීක්ෂණ
    සෑම තරගයකදීම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් පිටියට පිවිසෙන්නේ කණ්ඩායම් හැගීමෙන් බවත්, යම් ක්‍රීඩකයෙකුගෙන් අතපසුවීමක් සිඳු වුවහොත් අනෙක් සියලු ක්‍රීඩකයින් එහි පාඩුව මකා දැමීමට කැපවීමෙන් ක්‍රියාත්මකවන බව ශ්‍රී ලංකා […]
  • ජව සම්පන්න  පහරට විශේෂඥ පුහුණුකරුවෙක්
    ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම් නියෝජනය කරනු ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ජව සම්පන්න කුසලතා වැඩි දියුණු කිරීම සඳහා අරමුණු කර ගත් සතියක පුහුණු වැඩ සටනක් පැවැත්වීම සදහා ඒ සම්බන්ධ විශේෂඥ පුහුණුකරුවකු […]
  • දෙවැනි විස්සයි-20 තරගයෙත් ‘ටිකට්‘ විකිණී අවසන්
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ලබන ඉරිදා (13 වැනිදා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත දෙවැනි විස්සයි-20 ක්‍රිකට් තරගයේසියලුම ප්‍රවේශපත් විකිණී අවසන්ව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය […]
  • පළමු විස්සයි-20 න් ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්
    කඩුලු දවා ගැනීමට වඩා ලකුණු නවාතාලීම උපක්‍රමය ලෙසින් භාවිතා කිරීමට සමත්වීමත්, ආරම්භක පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ වේගවත් ආරම්භයත් හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (10 දා) රාත්‍රියේ […]
  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee